පාතාලේ මැඩලීමට වඩා බන්ධනාගාර බොහෝ කොමසාරිස්වරුන් සිදු කරන්නේ රටේ නමගිය කුඩු ව්‍යාපාරිකයන් ගෙන් හා පාතාල ප්‍රභලයන්ගෙන් මුදල් ගෙන අති සුඛෝපභෝගි ජීවිත ගත කිරීම බව අපවෙතට අදහස් ප්‍රකාශ කල එක් බන්ධනාගාර නියාමක්වරයෙකු පැවසීය.
මේ අතරින් දිනපතාම කැසිනෝ යන තුසිත උඩුවර නැමති අය දැඩි සේ බීමට ඇබ්බැහි වුවෙකු බවද පැවසේ. ඊයේ අළුයම 1.10ට පැමිණි තුසිත උඩුවර අධික බීමතින් වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළුව ඊට පසුව හමුවන දෙවන දොරටුවේ රාජකාරි යෙදි සිටි නියාමක නලීන් ගයාන් නැමති නිලධාරියාට එකවරම පැන පහරදී ඇත.
නිලධාරියා නොසිතු අවස්ථාවක ඔහුට වැදුන පහරින් බිම ඇදවැටී අසල තිබු බිත්තියේ හිස් වැදී මේවන විට කොළඹ ජාතික රෝහලට ඇතුලත්ව ඇත. ඉහල නිලධාරින් විනය ඉතාම හොදින් රකින බව ගෝඨාභය ජනාධිපතිට මෙයින් පෙනේ . උඩුවර නැමති නිල්ධාරියා ගේ රාජකාරි චරිතය පිලිබදව ඇත්තේ දැඩි අප්‍රසන්න සිදු වීම්ය . මොහු අනුරාධපුර බන්ධනාගර යේ ප්‍රධාන ජේලර් සිටියදී බන්ධනාගාර සිරකරුවනටවෙඩි තබා මරා දැමු අයෙකි.
එසේම බොහෝ බන්ධනාගාර කොමසාරිවරුන් ජීවත් වන්නේ සිරකරුවන් ගෙන් බවත් ඔවුන් ලෝකෙට පෙනීමට ජීවත්වෙන්නේ පාතාලේ හා කුඩු කාරයන් ගේ සල්ලි වලින් බවත් මෙහිදි බොහෝ තොරතුරු අප වෙතට ලැබී ඇත. ඉදිරියේදී තවත් ලිපියකින් එක් එක් නිලධාරියා පිලිබදව ඡායාරුප සහිතවම විස්තර ගෙන ඒමට අපි සුදානම් වෙමු.
ඒ රටේ ජනතාව ගෙන් පඩි ලබන උඩුවරලාට අහිංසක පහල නිලධාරින්ට පහර ගැසීමට කිසි සේත් අයිතියක් නැති බවත් ඊට එරෙහිව අපි එම නිලධාරින්වෙනුවෙන් සිටගන්න බවත් රටේ ජනතාවට මතක් කරමු.
මෙසේ බීමතින් නියාමකට පහරදුන් තුසිත උඩුවර පිලිබදව හා අනික් කොමසාරිස් අවරුන් ගේ පැටි කිරිය ඉතා ඉක්මනින් ලබා දීමට ජනතාවට පොරොන්දු වෙමු.
දැන් කොමසාරිස් ජනරාල්ට ඇත්තේමේ කැසිනෝයන උඩුවර පිලිබදව විමර්ෂණයක් කිරීමයි. ඒ ගැන අපි උපුල් දෙණිය කොමසාරිස් ගේ වැඩ ගැන අවධානයෙන් සිටිමු.