“රාජ්‍ය සේවය පිණිසයි ” නැමති නිල මුදාව සහිත ලිපි නොලද මන්දිරයක්,අතු පැලක් නැති තරම්ය . කිසිදාක ලිපියක් නොලද ජනතාවට අද දවසට 04 ක් 06 ක් වැනි ලිපි ලැබීම් අරුමයක් නොවේ.
ඒ රටේ නිති සම්පාදනයට ජනතාවට වැඩ කිරීමට යන්න දඟලන අපේක්ෂකයන් ගේ ලිපිය. මේ පිලිබදව අපි ජනතා පුවත් පතක් ලෙසට ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තමේතුවෙන් විමසීමේදි දැන ගැනීමට ලැබුණේ මුන් එකෙක්වත් පාර්ලිමේන්තුවට නොයවා සිටීමට හැකිනම් ඉන් රටට සිදුවන් අති දැවැන්ත මුදලක් ඉතිරි කල හැකි බවකි.
“රාජ්‍ය සේවය පිණිසයි ” යන ලිපි යැවීමට සියලුම පාර්ලිමේතු මංත්‍රිවරුන්ට ලැබෙන වරප්‍රසාදයකි. ඊට කිසිදු මුදලක් අය නොකරේ. ඒත් තම මංත්‍රිකම අහිමිව ඇති කිසිවෙකුටත් එම වරප්‍රසාදය පාවිච්චිකල නොහැකිය.
ඒත් අදවෙනවිට ශ්‍රි ලංකාවේ තැපැල් දෙපාර්තමේතුවේ තත්වය ඉතාම සෝචනීයය. වෙනත්රටවල ඡන්ද අපේක්ෂකයන්ට රජයේ ලිපි තබා තමා ඇමතිකම් කල කාර්යාලක් තුලටවත් ඒමට නොදෙන සම්ප්‍රධායක් හා භාවිතාවක් ඇත.
ඒත් අද ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තමේතුව අතිකාල ,අමතර ,තාවකාලික මේ සියල්ලටම තම නිලධාරින් යොදවා මුන්ගේ ජනතා සල්ලි වංචාවට උඩ ගෙඩි දෙමින් අති විශාල ධනයක් කාදමයි.
ඒත් මේ රටේ අවංකවම පාර්ලිමේතුවට යාමට රටේ ජනතාව ගේ “රාජ්‍ය සේවය පිණිසයි ” ලිපි සිර්ෂය යොදා නොගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මංත්‍රිවරුන් පමණක්ම බව ඉතාම ගෞරවයෙන් සටහන් කල යුතුමය. ජනතාවට සේවයක් ලබා ගැනීමට නම් ඒ තෝරා ගැනීමම ප්‍රමානවත් වෙනු ඇත.
ඒත් රටේ මීහරකුන් වැනි වහල් උන්මාදයෙන් පෙලි තම පවුලට දෙනවායැයි කියන සොච්චමක් වෙනුවෙන් රටේ ධනය රිසි සේ කා දැමීට අතපුඩි ගසන ජනතාවක් සිටින බව වසර 72 තිස්සේම ඔවුන් අත්දැකීමෙන්ම දනී.