රටේ අහින්සංක දරුවන් මත්කුඩු ලෝලීන් කර ඇත්තේ පොලිසියේ ඉහලම තනතුරු හෙබවුවන් බවට ඉතාම වගකීමේන් හෙලිකරන්නේ සියළු සාක්ෂි අප සතුව ඇති නිසාය. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික ) ලතීෆ්විශේෂ කාර්‍ය්‍ය් බලකායේ අණ දෙන නිලධාරියාය.
ඊට අමතරව රටේ මත් කුඩු වැටලීමට ඔහුට තවත් සුවිශේෂි අවස්ථාවක් ලබාදී තිබුනේ රට තුලට විදේශ වලින් එන සියළුම ජාවරම් හෙලිකර ගැනීමට ඔත්තුකරුවන්ට ගෙවීමට රුපියල් කෝටියක් ඉක්මවා වෙනම අරමුදල්ක් ද ස්ථාපනය කොට තිබුණි.
කුඩු කන්ටේනර්;…
වරායට සිනි ගෙන එන සැම අවස්ථාවකදීම රට ඇතුලට අති විශාල මත් කුඩු ප්‍රමානයක්ගෙන ආවේ රටේ දේශපාලකයන් ගේ හා පොලිසියේ ඉහලම නිලධාරින් ගේ ආශිර්වාදය ඇතුවය ඊට අත දිග හැර වියදම් කිරීමට කිසිවිටකත් කුඩු මුදලාලිලා පසු බව නොවීය.
ඒඅතර එක අවස්ථාවකදී 2016 වසරේදි වරායට පැමිණි සිනි කන්ටේනර් සමඟ හසීස් කිලෝ 219 ක් ද ගෙන්වා තිබුණි. වසර ගනනාවකම වරායට කුඩු කන්ටේනර් ගනන් ආවත් ඒ කිසිවක් කාගේදැයි සෙවීමට රටේ කාලක්න්නි පාලකයෝ හා පොලිසියේ මහ උන්ට කිසිදු වුවනාවක් නොවු නේම ඒවාට ලැබුණ ගනන් වලට ලක්ෂ –කෝටි ගානෙනි.
එවන් මොහොතක දි හදිසියේම පැමිණි සීනි කන්ටේනරය පරික්ෂා කිරීමේදි හසීස් කිලෝ 219 කි විය අහම්බෙන් ඒ පිලිබදව තුරතුරු දුන්නේ රේගුවෙන් වීම නිසාම පොලිස් නාකොටික් අධ්‍යක්ෂකට හෝ නාකොටික් භාරව සිටි DIG කමල් සිල්වාට නොකර බැරි කරුමයක් විය. 2016 මහත් ආන්දෝලනයට තුඩු දුන් ඒ සියල්ලම වසා ගැනීමට එවකට විශේෂ කාර්‍ය්‍ය් බලකාය භාර S/DIG ලතීෆ් සුක්ෂම විය.
ඒ සිනි සමඟ කුඩු ගෙන්වා තිබුණේ S/DIG ලතීෆ් ගේ මස්සිනා මොහොමඩ් සම්සුදීනය .මේ පිලිබදව සියළු පරික්ෂණ නාකොටික් භාරව සිටි DIG කමල් සිල්වා භාර දුන්නේ තමා ගේ මුදල් ගනුදෙනු සියල්ලම කරන පොලිස් පරික්ෂක තාරක සුබෝධටය .
සම්සුදීන් අහසින් එයි;…..
නාකොටික් එකේ සියළු මුදල් ගනුදෙනු DIG කමල් සිල්වාට කර දෙන පොලිස් පරීක්ෂක තාරකසුබෝධට මේ විමර්ෂණය සිදුකලේ කමල් සිල්වා ගේ නියෝජ්‍ය පොලිස්පති කාමරය තුලදීමය. සිනි සමඟ අසු වු කුඩු පිලිබදව S/DIG ලතිෆ් ගේ මස්සිනාව පොලිස් මුලස්ථානයේ මත්ද්‍රව්‍ය කාර්යංශයට ගෙවා ගත්තෙ ඉතම රහසිගතවය.
ඒ පොලිස් මුලස්ථානයේ අපරාධ පරික්ෂණ හෝ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට පුද්ගලයෙක් පැමිණෙනවා නම ඒ පුද්ගලයා ගේ අනන්‍යතාවය පැමිණීමේ පොතේ සටහන් කලයුතුය. එය පොලිස් නිලධාරින්ට පවා බලපාන නියෝගයක් වුවත් මහාපරිමාන කුඩු ජාවාරම්කරුට ඒවා වලංගු වී නැත.
එදා පොලිස්පරික්ෂක තාරක සුබෝධ ගේ PNB 23091/16 දරණ නාකොටික් ගොනුව තුල S/DIG ලතීෆ් ගේ හා DIG කමල් සිල්වා ගේ උපදෙස් අනුව කුමක් ලීවාදැයි දන්නේ විමර්ෂණය කල ඔහුම පමණි.
කොහොම උනත් එකක් පැහැදිලිය කාලාන්තරයක් තිස්සේම රටට සිනි සමඟ කුඩු ගෙනාවේ S/DIG ලතීෆ් ගේ මස්සිනා බවට ඉන් අනාවරනය විය. ඒත් සම්සුදීන ගේ සල්ලි ළඟ හා S/DIG ගේ බලය ළඟ සියල්ලම දණ නැමුවේය.
ඒත් උන්ලිස්සා යන විට උන් ගේ කුඩු උරන වේල්ල වීදියේ කොල්ලන් අල්ලා ඇතුලට යැවීමටත් ප්‍රබෝධලා අමතක නොකරන්නේ යහමින් උන් ගෙන් ගානක් නොලබෙන නිසාමය. සම්සුදීන්ව රටට හෙලි නොකිරීමට වගබලා ගත් DIG කමල් සිල්වාට එදා සිටම S/DIG ලතීෆ් පණ මෙන් ආදරෙන් සැලකුවාය. අවසානයේ සීනි සමඟ කුඩු ඇල්ලීම අයිතිකරුවෙකු නැති කුඩු කිලෝ 219 ක් බවට පත්විය .
DIG ගේ ලක්ෂ 35 තැග්ග;
ඒත් ඊට S/DIG අපුරු කලගුණ සැලකීමක් කලේය. ඒ වැටලීමට ඔත්තුව දීමට රටේ ජන්තාව ගේ සල්ලිම රුපියල් ලක්ෂ 35 ක් රහසිගත ත්‍යාගයක් DIG කමල්සිල්වාටත් පොලිස් පරික්ෂක තාරක සුබෝධට රුපියල් ලක්ෂ 17 කුත් ලතිෆ් දුන්නේ දෙන පගාව නිතියානුකරලාය.වෙනදා මාධ්‍ය සංදර්ශණ තියන DIG කමල් සිල්වා හා S/DIG ලතීෆ් එදා හොර රහසේම විශේෂ කාර්ය බලකා මුලස්ථානයේදීම පොලිස් ත්‍යාග සල්ලි බෙදා දුන්නේ ලංකාව වනසන් මත් කුඩු ජාවාරම් කරු නිදහසේ ගෙදර යැවීම උදෙසා මිස අපරාධකරු අත්වඩංගුවට ගැනීමට නොවන බව සමස්ථ පොලිස් දෙපාර්තමේතුවම දනි. ඒත් පොලිස්පති මර නින්දේය.
මෙය රටේ ජන්තාව ගේ සල්ලි කුඩු මුදලාලිලාම බෙදා ගැනීමකි. අවසානයේ සිදු වුයේ කිසිදු මාධ්‍යකට නොකියාම ජනතාව ගේ සල්ලිත් අරන් DIG කමල් සිල්වා කුඩුමුදලාලි සම්සුදීන් ගේ දෙහිවල නිවසට කැමට යාමකි.
ඒ සියල්ලම සුදානම් කලේ S/DIG ලතීෆ් ගේ ආරාධනාවෙනි. මේවාට අපේ පැරන්නන් කිවේ “නඩුත් හාමුදුරුවන් ගේ බඩුත් හාමුදුරුවන් “ගේ කියාය.
ඒත් දැන් කොල්ලන් කියන්නේ “කුඩුත් උන් ගේ නඩුත් උන්ගේ “ කියාය.
මේ කුඩු මුල් උගුල්ලන් නැතුව කන්හැන්දේ කුඩු අල්ලන අපේ පොලිසියට දිය යුත්තේ මල් මිටකද ගල පාරක්දැයි තීරණය දැන් රටේ ජනතාවට භාරය.
අජිත්….