බන්ධනාගාර රැදවියන් 27 දෙනෙකු බන්ධනාගාරය තුලටම ගොස් නම් අඩ ගසා වෙඩිතබා මරාදැමීමට එවකට වැලිකඩ බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමා හේවා හා හිටපු පොලිස් පරික්ෂක නියුමාල් රංගජීවට විරුද්ධව අපරාධපරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ෂණයක් කොට ඇත.
මෙම වැලිකඩ බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමා හේවා ගේ මල්ලි සිටින්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේතුවේ සහකාර පොලිස් අධිකාරි එමිල් ළමාහේවාය.
දැන් මේ සියල්ලම භාරව සිටින්නේ තම එක් කුස උපන් මල්ලීය, අපරාධකරු වෙකු වෙනුවෙන් චෝදනා ලැබ සිටින තම අයියා වෙනුවෙන් මල්ලී විමර්ෂණයන් මෙහෙය වමින් නඩු කටයුතු ඉදිරියට ගෙනියන එකම රට ශ්‍රි ලංකාවය.
මෙය මරාදැමු රැදවියන් 27 දෙනකු ගේ ජීවිත පිලිබදව රටක් සිදුකරන අති භයානක සිදු වීමකි. මෙවනි ආකාරයේ සිද්ධීන් රටේ නිතියට හා අධිකරණයට මහත් කළු පැල්ලම්ය. අපරාධ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනතක් හා ලෝක මානව හිමිකම් සුරකින බවට ශ්‍රි ලංකාව ලෝකය සමඟ එකඟවී ඇති රටකි.
ඒත් දැන් සිදුවන් නේ අයියා ගේ මිනිමැරුම් මල්ලී විසින් සාධාරණීය කිරීමට වැඩිදුර විමර්ෂනය හා සාක්ෂි කරුවන්ව මානසික භීතියකට පත් කිරීමය.
එමිල් රංජන් ගේ දැන් කොළඹ මහාධිකරණ නඩුවේ ප්‍රධාන කටයුතු මෙහෙයවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේතුව වෙනුවෙන් පෙනි සිටින පුද්ගලයාය. සියල්ලම සිදුවන්නේ සහකාර පොලිස් අධිකාරි රංජන් ළමා හේවා භාරයෙන්ය.
මේ පිලිබදව ඉදිරියේදි අපි ජාත්‍යන්තරය දැනුවත් කිරීමට වහාම කටයුතු කිරීමට පියවර ගන්නේ රටේ ජනතාව වෙනුවෙනි. මේ වනවිටත් ලෝකයේ විශාල රටවල් ප්‍රමානයක් ශ්‍රි ලංකාවේ නිතිය ක්‍රියාත්මක වන්නේ ඉතාම පහල ග්‍රාමිය ජනතාවට හා දුප්පත් මිනිස්සුන්ට බවට හොදින් අධ්‍යනය කොට ඇත.