වෙනත්

“හොරා ගේ අම්මා ගෙන් පේන ” අහන්න ගිය අනුර කුමාර………..!!

Spread the love

මේ වනවිට ගෝඨාභය ජනාධිපති විසින් පත් කරන ලද දේශපාලන පලි ගැනීම විමර්ෂණ කොමිසන් සභාවක් පවත් වාගෙන යමින් ඇත. මෙය බැලු බැල්මටම පිස්සු පුසෙක් දමා සිදුකරනු ලබන දේශපාලනයකි. මෙහි සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරතන් නැමත්තෙකි.

මෙහි ඇති අපුරුත්වය නම් කොමිසමේ වපසරියට ගැනෙන්නේ රාජ්‍ය සේවකයන්ට එල්ලවු දේශපාලන පලි ගැනීම් පිලිබදව විමර්ෂණය කිරීමකි. එහෙත් පුදුමය ඇවන් ගාඩ් වැනි පාතාලේ සම්බන්දකම් ඇති පුද්ගලයෙක් ගැනෙන්නේ කුමණ අමාත්‍යංශයටදැයි සොයා බැලිය යුතුය.

පුද්ගලික සමාගමක් වන ඇවන් ගාඩ් සමාගමටත් මේ විහිළුකාර පිස්සන් කැදවීම පිලිබදව  ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක තම විරොධය පල කොට ඇත. ඒ නිසාම නිස්සංක සේනාධිපති නැමැත්තාට මෙම රාජ්‍ය සේවකයන් ගේ දේශපාලන් පලිගැනීම පිලිබදව විමර්ෂණ කොමිසමේ පැමිණිලි කිරීමටත් එම පැමිණිල්ල විමර්ෂණය කිරීමට නොහැකි බවට  එය වලක්වාලීමට ද නියෝගයක් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒත් දැන්  අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු වන දුලීප් නවස් හා ඔහු සමග විනිසුරු සෝභිත රාජකරුණා විසින් මෙම ඉල්ලීම පිලිබදව නඩුව විමසනවා ඇත.

මෙහි ඇති පුදුමය විනිසුරු නවාස් දැන් ඉන්නේ රාජපක්ෂලා ගේ අත්වඩංගුවේය ඒ දුලීප් නවාස් සභාපති විනිසුරුට හා හිටපු අගවිනිසුරු මොහාන් පීසිස්ට විරුද්ධව දැනටමත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවෙන නඩුවක් ඇති නිසාය .

ඒවනි දුෂිතයන් තොර තෝරා රටේ ඉහලම් තැන් වලට පත් කරන්නේම රාජපක්ෂලාගේ උවමනාවන් ඕනෑවටත් වඩා සම්පුර්ණ කරන නිසාවෙනි. මේ නිසම අනුර කුමාරගේ ඉල්ලීම කිසි සේත් අභියාචනාධිකරණය නොදෙන බව සහතිකය ඒ නවාස් ගේ කුණු ගෝඨාභය සඟවා තබා ගෙන සිටින නිසාය. මේ නිසාම ගෝඨාභය අකමැති කිසිත් දුලිප් නවාස් නොකරන නිසාම තීන්දුව අපිටත් දැන් ලියා දිය හැකිය .

මෙය අපේ අත්තලා කී ආකාරයටම හොරා ගේ අම්ම ගෙන් ගිහින් පේන ඇසීමක් බදුය.

අජිත්


Spread the love

Leave a Comment

You may also like