ඉතාලියේ මිලානෝ නගරයේ විදෙස්ගත ශ්‍රීලාංකිකයන් රැසක් එකමුතුව එක්සිත්ව වත්මන් රජයට විරුද්ධව පක්ෂ භේද පසකලා සමගි ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් මංගල හමුව පසුගිය ඉරු දින (12) සවස සාන්ත අගොස්තීනෝ හිදී ආරම්භ විය.
එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභල ක්‍රියාකාරීන් රැසක්ද විකල්ප දේශපාලණික මත දැරූ සැලකිය යුතු පිරිසක්ද සහභාගී වූ අතර රැස්වීම සංවිධානය කල පිරිස් අතර මීගමුව නගර සභාවේ හිටපු නාගරික මංත්‍රී අසේල හේවගේ මහතා, ලෙස්ලි ලොව් මහතා,තිලක් නොනිස් මහතා,මිලානෝ එක්සත් ජාතික පක්ෂ සමිතියේ සභාපති නිහාල් කාරියවසම් මහතා හා මදුරාවන මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ විය…
එමෙන්ම සුවිශේෂී සිදුවීමක් ලෙස එදින සේවා ස්ථාන වලින් නිවාඩු ලභාගත නොහැකි තිහකට (30) අධික පිරිසක් සහභාගී වීමට නොහැකි වීම පිළිබද දුරකථනයෙන් දැනුම් දී සජීව ඔවුන් සම්බන්ධ කරගන්නා ලෙසද ඉල්ලීම් කලහ..
මෙම මිලානෝ සමගි ජනබලවේගයේ මංගල හමුවේ ප්‍රථම ආරාධිත දේශණය එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේඛම් වත්මන් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක ගරු තිස්ස අත්තනායක මහතා දීර්ඝ ලෙස අදහස් දැක් වූ අතර ස.ජ.බ. නායක ගරු සජිත් ප්‍රේමදාස මහතාගේ සුභපැතුම් ද එක් කල අතර අනතුරුව ගරු අජිත් පී පෙරේරා, ගරු නලින් බණ්ඩාර,ගරු හරීන් ප්‍රනාන්දු හා ගරු නිරෝෂන් පෙරේරා යන මහත් වරු ඉතා උද්‍යෝගයෙන් අදහස් දැක්වූ අතර මිලානෝ සමගි ජන බලවේගයේ මංගල හමුව සාර්ථක කරගැනීමට පැමිණි සියළු දෙනාට සුභපැතුම් එක් කලහ…
අනතුරුව මිලානෝ සමගි ජනබලවේගයේ වට්ස් අප් හා මැසෙන්ජර් තාක්ෂණික සමූහ එකමුතුව නිර්මාණය කෙරුණ අතර මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මංත්‍රී බුද්ධික පතිරණ මහතා හා හිටපු පලාත් සභා මංත්‍රී පාර්ලිමේන්තු අපේක්ෂක චතුර ගලප්පත්ති මහතා එම සමූහයට එක් වීමද විශේෂත්වයක් විය..
සාර්ථක ලෙස රැස්වූ මිලානෝ සමගි ජනබලවේගයේ සාමජිකයන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණ කටයුතු සිදු කිරීමටත් ලංකාවේ වෙසෙන නෑ හිත මිතුරන් හරහා සමගි ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වන බවට ඒකමතිකව තීන්දු කරමින් හමුව නිමා කලහ.
සුමුදු මද්දුමආරච්චි
මිලානෝ
ඉතාලිය