වෙනත්

රට පුරා උද්ඝෝෂණ ….ජාතික ජන බලවේගයෙන් ආණ්ඩුවට රතු එළියක්……!!

Spread the love

ජාතික ජනබලවේගයේ පිරිස් විසින් ලංකාවේ ප්‍රධාන නගර ආශ්‍රිතව දැවැන්ත නිහඩ විරෝධතා රැළි කීපයක් සංවිධානය කර තිබුණි.ඉන් සුවිශේෂී ජන සහභාගීත්වයක් හා මාතර දිස්ත්‍රිකයේ පොදුජන පෙරමුණ නොඑසේනම් පොහොට්ටුව විසින් මවා තිබූ ආණ්ඩු පක්ෂපාතී මාතර තුලින් ගිලිහී යමින් ඇති බවට පැවති උද්ගෝෂණයෙන් පෙනි ගියේය.
තවද දරාගත නොහැකි ජීවන වියදම් පිළිබද ලියවුනු පුවරු අතැතිව මෙම විරෝධතා රැළිය මාතර ප්‍රධාන බස්නැවතුම් පොළ ඉදිරිපිට විශාල ජන සහභාගීත්වයකින් පැවතිය  අතර මැතිවරණ අවස්ථාවක විපක්ශයේ නැගිටීම තුළින් මාතර පොහොට්ටු දේශපාලකින් යම් තැති ගැන්මකට පත්ව ඇති අතර ලංකා දවස  පුවත් පතේ මාතර විශේෂ වාර්ථාකරු අපට වාර්තා කල ආකාරයට  රැස්ව සිටි සාමාන්‍යය වැසියන්ද විරෝධතාවට ඔවුන්ගේ සහය පලකර ඇත..
එමෙන්ම මේ වනවිට අපට ලැබී ඇති තොරතුරු මත රාජ්‍ය සේවකයන්ගේ තැපල් ඡන්ද ඉතා විශාල ප්‍රමාණයක් ජාතික ජනබලවේගෙට හා සමගි ජනබලවේගෙට ලබා දී ඇති බව වාර්ථා වේ..
                        දෛනික ජීවිතය ගත කිරීම ඉතා අසීරු කරමින් මැතිවරණයක් අතලග තාබාගෙන මෙසේ බඩු මිල ඉහල දමන්නේ නම් මැතිවරණයකින් අනතුරුව   කෙසේ බඩු මිල ඉහල දමාවිදැයි ජනතාව ඉතා කනස්සල්ලෙන් හා බියෙන් පසුවන බවට අපට වාර්තා විය.
සුමුදු මද්දුමආරච්චි
මිලානෝ
ඉතාලිය

Spread the love

Leave a Comment

You may also like