කුරුණෑගල රාජධානිය කරගත් දෙවැනි බුවනෙකභාහු රජුගේ රාජ සභා මණ්ඩපය කඩා විනාශ කර දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇතත් මේ මොහොත වන විට හෝ පොලිසිය ක්‍රියාත්මකවී නැතැයි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක සඳහන් කර කරයි.
මෙහි සුවිශේෂී කාරණාව නම් හිටපු විශ්‍රාමික ජනපති වත්මන් අග්‍රාමාත්‍ය වන මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට තරග වදිනුයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි…
අදාල මණ්ඩපය සේම එම ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක ස්මාරකයක් සේ සලකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පැවතුන අතර දේශපාලකන් මෙම ඓතිහාසික ශ්‍රී විභූතියට ඉව අල්ලමින් සිටිබවට තොරතුරු වාර්ථා වී ඇත.
වසර ගණනාවක් පුරා මෙම ගොඩනැගිල්ල තුළ කුරුණෑගල මහ නගර සභාව විසින් හෝටලයක් ද පවත්වාගෙන ගොස් තිබුණි.
අමාත්‍යාංශ ලේකම්වරයා ගේ උපදෙස් මත මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිතව හා වාචිකව පැමිණිලි කිරිමට තමන් කටයුතු කරන බවයි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක පවසයි .
මෙම ඓතිහාසික පුරවරයේ සංඝ සභාව හා ශ්‍රී ලාංකේය උරුමය විනාශ කරන වත්මන් පාලනයට එරෙහිව ජනතාව දැඩි කලකිරීමකින් සංවේගයෙන් එක් රැස් වෙමින් සිටී
සුවිශේෂී කරුණ නම් වත්මන් අග්‍රාමාත්‍ය තුමා බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍ය ලෙස කටයුතු කරණ අතර මෙය දේශපාලණික උවමනාවක් මත් සිදුවී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි..
සුමුදු මද්දුමආරච්චි
මිලානෝ
ඉතාලිය