වෙනත්

 මෙවර මහ මැතිවරණයේදී ඔබේ ඡන්දය නිල ඇඳුම සපා කන බල්ලන්ට නොව නිල ඇඳුමේ ගෞරවය රකින ,නීතියට අවනත ,මහත්තුරුන්ට ඡන්දය  ලබා දෙන්න…….!! (විඩියෝ සහිතයි)

Spread the love

 

සහෝදර නිලධාරි  මහත්වරුණි /මහත්මාවණි ………….;

මේ වෙනවිට ශ්‍රී ලංකාවේ සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවම දේශපාලනය කරණය වී හමාරය මෙය. පසුගිය කාලාන්තරයක් පුරාවට පැවති සියළුම රජයන් අඩු වැඩි වශයෙන් ඊට වගකිව යුතුය. එපමණක්ද නොව ඒ සඳහා අඩු වැඩි වශයෙන් වගකිව යුතු සහ වගවිය යුතු  පොලිස්පතිවරුද , පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහානියට සෘජුවම දායකත්වය ලබා දී ඇත .

එහි අප්‍රසන්න සහ නින්දනීය තත්ත්වය මේ වනවිට  දිනෙන් දිනම ඉහලයමින් ඇත.අද වන විට සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම ඉහළ සිට පහලටම කුණු වී  ඔජස් ගලන  තත්වයට පත්ව ඇත. එහෙත් පොලිසිය වෙනුවෙන් කතා කරන්නට තරම් මහත්වරුන් අද පොලිසියේ ඇත්තේ ම නැත. එය පොලිස් කොස්තාපල්වරයාගේ සිට පොලිස්පතිවරයා දක්වාම එක සේය.

 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සෘජු කොන්දක් ඇති පොලිස්පතිවරයෙකු සහ පොලිස්පතිවරයෙකු ට මග පෙන්වන පොලිස් කොමිෂන් සභාවක් පත් වනු ඇතැයි අනේකවිධ බලාපොරොත්තු තැබූ සමස්ථ පොලිස් නිලදරුවන් ට ම සිදුවූයේ ගඟට කැපූ ඉනි මෙන් ඒවා  අපතේ යාමකි. 

හෙට දින නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයකට ඔබේ ඡන්දය ලබා දීමට ඔබට සිදුවෙනවා ඇත .මෙවර ඡන්දයේ දී ඔබ සිහි තබා ගත යුතු ප්‍රධානම දේ නම් ඔබගේ  නිල ඇදුම සපා කන ඔබගේ ගෞරවයට හානි කරන, පැන, පැන ඔබව සපාකණ බල්ලන්ට නොව මහතුන්ට ඔබේ ඡන්දය ලබා දී ගෞරවනීය පොලිසියක් සඳහා අඩිතාලම දමමු.

නිතියේ  ආධිපත්‍යය රැක ගැනීමට දායක වන මහතුන් හට ඔබේ ඡන්දය දෙන ලෙස ලංකා පොලිසිය දේශපාලනය මුදාගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපති වරයා වශයෙන් අපි ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු. 

සහෝදර නිලධාරිවරුන්, 

ඔබට ඒ සඳහා බොහෝ අත්දැකීම් ඇත .ඒ හා සමානවම අප හට ද අත්දැකීම් නැතුවා නොවේ. පසුගිය කාලාන්තරයක් තිස්සේ විශේෂයෙන්ම ඔබ දුටුවේ අප දුටුවේ ඔබව සපා කන බල්ලන්ය.  ඔබ අද දින  ඡන්දය දෙන්නේ මහත්තුරුන්ට  නම් ඔවුන් ඔබේ නිල ඇඳුමත් ගෞරවයත්, සහ උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවයත් රකිණවා ඇත.

 ඔබට මතක ඇති උත්තරීතර බයිබලයෙන් පොලිස් නිලධාරීන්ට පහර පිට පහර ගැසූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටි පාර්ලිමේන්තුවක් මීට පෙර පැවති බවත් ,මිරිස්කුඩු ගෙනැවිත් පොලිස් නිලධාරීන් ගේ මුහුණට පහර දුන් නරුමයෙක් සිටි බවත් ඔබ දන්නවා ඇති, එවැනි පුද්ගලයින් පාර්ලිමේන්තුවට පැමිණියේ  ඔබගේ ඡන්දය ඒ නිසාය.

  මේ වන විට ඒ බල්ලන් වලිගේ දෙපදේ ගහ ගෙන  ඔබේ ඡන්දය නිතැතින්ම හිඟාකනවා ඇත .එහෙත් ඔවුන් අගෝස්තු 05 වැනි දිනෙන්  ලබාගන්නා  ඡන්දෙන් පසු නැවතත් වලිගේ කෙළින් කොටකණ් පුම්බා ඔබව සපා කනවා නම් එදාට ඔබට සිදුවන්නේ වේදනාව දරාගෙනසිටීමට පමණි.

ඔබ අද දෙන ඡන්දය තුළින් රටේ නීතිය රටේ ස්වාධිපත්‍ය රැක ගැනීම වෙනුවෙන් ඔබට කළ හැකි දේ අද නොකොට   කොපමණ ඔබ පසුතැවීම් වුවත්  ඇති ඵලක් නැත මේ නිසා ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනය මුදාගැනීමේ ජාත්‍යන්තර සංවිධානය වශයෙන් අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ පරමාධිපත්‍ය බලය සුදුසු පුද්ගලයාට ලබාදී ලංකා පාර්ලිමේන්තුවේ ගෞරවයත්,  ඔබේ නිල ඇඳුමේ ගෞරවයත්රටේ නීතියට අවනත වීමක් පිළිබිඹු කරන මහත්වරුන් පාර්ලිමේන්තුවට යැවීමට දැන්වත් ඔබ අඩිතාලම දමනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු .

ස්තුතියි ,

මීට

සභාපති

ලංකා පොලිසිය දේශපාලනය මුදාගැනීමේ ජාත්‍යන්තර සංවිධානය,

හිටපු පොලිස් පරීක්ෂක,

බ්‍රිතාන්‍ය.

 


Spread the love

Leave a Comment

You may also like