මෙම ලිපිය ලියන මා ලංකාවේ සිටියදි පොලිස් ස්ථානාධිපති වරයකු ලෙසට රාජකාරි කල ඉතාම අමිහිරිම කාලය මැතිමැතිවරණ කාලයයි. ගමේ ගොඩේ මඟුලට ,මරණයට, එකට එකතු වුන හැමෝම එක රැයින් පිල්බෙදි පක්ෂයක් ,පාටක් නිසා ගහ මරා ගන්නා අන්දම වරෙක මට අදහා ගැනීමට බැරි ප්‍රෙහෙලිකාවක් විය.
ඡන්දෙට මාසයකට පෙර සියලුම නිවාඩු අවලංගුකර නිලධාරින් සතුන්සේ බැරැක්කයට ගාල් කිරීම තවත් නොවිසු අප්‍රසන්නම සිදුවීමකි. දහසකුත් ප්‍රශ්න තිබෙන තම නිවසේ ,දුවා දරුවාගේ අධ්‍යාපනය , මිල මුදල් ගැන කිසිදු වගකීමක් මෙම කාලයේ දි කිසිම තරාතිරමක නිලධාරියකුට ඉටු කිරිමට නොහැකිවේ.
අවි සහිත නිලධාරින් හා ඡන්ද පොලට යොදවන අවි සහිත නිලධාරින් ඊට අවශ්‍ය උණ්ඩ ,ජංගම රථ ගනන යන මෙකි නොකි දහසකුත් රාජකාරි පැට වෙන්නේ පොලිස් නිලධාරින්ගෙ කරමතය.
මැතිවරණ දින අලුයම සිටම නොකඩවා ඡන්ද මධ්‍යස්ථාන ආවරණය වෙන ආකාරයට ජංගම සංචාර යෙදවීම හා ඡන්ද මධ්‍යස්ථාන වලට අවි සහිත පොලිස් නිලධාරින් යෙදවීමත් ඔවුනට වෙඩි තැබීමට සුදුසු නියෝග හා උපදෙස් ලබාදිමත් විශේෂ කාර්‍ය්යකි.
ලංකාවේ ඡන්ද පොලට ඡන්ද දායකයන් එනවිට පොලිස් නිලධාරින් අවි අමොරාගෙන සිටින්නේ මහා ප්‍රහාරයක් කුමණ මොහොතේ එල්ල වේදැයි සිතාය.
එත් මා වසර ගනනාවක් එංගලන්තයේ ඡන්ද පොලට ගියත් අඩුම තරමින් ඡන්ද මධ්‍යස්ථානය අවටවත් කිසිවකු මේතාක් කල් දැක් නැත. පොලිස් නිලධාරින් ඡන්ද පොල අවට තබා අඩුම තරමින් මහ පාරේ දිවත් මැතිවරණ දිනදි වත් දැක නැත. කිසිදාක අවි ඇතුව හෝ අවි නැතුව පොලිස් නිලධාරින් යොදවන්නෙම නැත.
මේ රටවල් වල මිනිසුන් ඡන්දයක් නිසා ගහ මරා ගන්නේම නැත. එදා සිට අද දක්වාම කවර දාවත් එවැන්නක් එංගලන්ත යෙන් වාර්තා වි නැත.
මේ රටවල දකින ඡන්දයක් කවදාහරි දවසක ලංකාවේ මට දැකියි හැකිවේ විද…………………?
ලංකාවේ ඡන්දෙ හා එංගලන්තේ ඡන්දේ……………?