වෙනත්

ඡන්දට තව මාසයයි………….!!

Spread the love

සර්….සර්…ජනාධිපතිතුමා කතාකරනවා….. කියන සර් IG කතාකරනවා ……කියන සර්”ආණ්ඩුවේ ප්‍රතිරූපය හොදටම වැටිල තියෙන්නෙ අයිසෙ චන්දෙට කලින් උස්සල ගත්තෙ නැති උනොත් අපි ඔක්කොම ඉවරයි…

 

පොලිස්පති;    ?‍✈️: හරි සර් මට වැඩේ බාර දෙන්නකෝ.. අපි පාතාලෙ මර්ධනේ කරමු.. කුඩු වටලමු.. කුඩු නිශපාදනේ කරන තැනකටම දෙමු ගේම.. අපි එතනින්ම ගොඩ”

 

එතනින් පස්සෙ පොලිස්පති  කෙලින්ම කෝල් කරන්නෙ කුඩු රජාට(Drug Load)… ” අපිට අපේ එක්කෙනා දිගටම බලයේ තියාගන්න නම් පොඩි කැප කිරීමක් කරන්න වෙනව.. මේ පාර කුඩු විතරක් නම් මදි …. පොඩි පොඩි සොක්කො ටිකකුත් ඕන නිවුස් හෙඩ් ලයින් ටිකක් හදන්න… තව පැකට් කරන තැනකුත් ඕන..

 

කුඩු රජා?: මට මගේ මිනිස්සු පාවලා දෙන්න බෑ… මම තමුසෙලාට මාස් පතා ගෙවන්නෙ මාව කවර් කරන්න.. ඒ මදිද?

 

  පොලිස්පති;   ?‍✈️: මේ පාර ආණ්ඩුව බලු වෙලා ඉන්නෙ.. තමුසෙට තේරුම් ගන්න බැරිද? මට මගේ පෝස්ට් එක තියාගත්තොත් තමයි තමුසෙව රකින්න පුලුවන්.. එහෙම කරන්න නම් මේ ආණ්ඩුව පරදින්න බැහැ.. අනිවාර්යෙන්ම මේ පාර තෝරු… මෝරු ටිකක් ඕන.. නැත්නම් වැඩේ අමාරුවෙයි දන්නවනෙ ලොක්කගෙ හැටි… ඡන්දේ ඉවර උනාම තමුසෙට ඕන දෙයක් කරගන්නවා…

 

කුඩු රජා?; අකමැත්තෙන් කිසිවක් නොකියා දුරකතනය විසන්ධි කරයි… නමුත් පොලිස් පොලිස්පති ඉල්ලීමක් අහක දැම්මොත් අනාගතේට හොද නැත… ගේම් එකේ දිගටම ඉන්න නම් පොඩි පොඩි සක්ක කෑලි බිලිදිය යුතුය….

 

තමන්ගේ බඩු අල්ලා උසාවි නොදා ඒ බඩු තමන්ගේ ප්‍රතිවාදීන්ට විකිනූ පොලිස්කාරයින් ටික පළමුවත්… දෙවනුව තම කුඩු නිශ්පාදනාගාරයකුත් ඡන්දය සදහා ආයෝජනය කළයුතු බව ඔහු තීරණය කරයි.. ලොකේශන් සමග වෙලාව.. නම් ගම්.. ලෝඩ් එක සවිස්තරාත්මකව ඔහු පොලිස්පතිට ලබාදෙයි…

 

දිනකට පසු රටේ ලොකුම කුඩු වැටලීම සිදුවෙයි.. එතෙක් මෙතෙක් කිසිම කාලෙකට සිදුනොවූ ලෙසට මෙවර කුඩු පමණක්ම නොව ඒ සමග දූෂිත පොලිස් කාරයින්ද.. කුඩු නිශ්පාදනාගාරයක්ද හසුවී ඇත..

රටේ ප්‍රධානම ප්‍රවෘතිය මත් කුඩු ජාවාරමට මේ ආණ්ඩුව යටතේ තිතක්” (මතට තිතක් නෙවෙයි පටලවා ගන්නෙපා )

 

ලෙස මාකට් කරවයි… ඒ මතින් පවතින ආන්ඩුව මැතිවරණයේදී වාසි සලසාගනියි…. පොලිස් කමිශනර් තම තනතුර දිගටම පවත්වාගනියි.

 

ඡන්දය  පසුව ජනාධිපති පොලිස්පතිට කෝල් කරයි… මම හිතුවටත් වඩා හොදට ඔයා වැඩේ කලා….. ඔයාට පාර්ලිමේන්තුවට ඊළග චන්දෙන් නොමිනේශන් එකක් රෙඩි.

පොලිස්පති : තෑන්ක්යූ ස’

 

(මේ කතාව එල්- චැපෝ( EL-CHAPO) මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම් කරු සහ 1990-2017 අතර කාලයේ මැක්සිකානු රජයන් අතර තිබූ රහස් සම්බන්ධය ඇසුරුකරගෙන සත්‍ය කතාවක් මත නිර්මානය කරන ලද ටෙලිනාට්‍යකින් පරිවර්තනය කරන ලද්දකි )

 

මේ අපේ රටේ මහ මැතිවරණය ආසන්නයේ කුඩු සහ පාතාල වැටලීම් වලට කිසිම සම්බන්ධයක් නැති කතාවකි… )එල්-චැපෝ යනු ලෝකයේ පෝසත්ම ව්‍යාපාරික ලිස්ට් එකේ යම් කලෙක ෆෝබීස් සගරාව නම් කෙරූ මෙක්සිකානු කුඩු ජාවාරම් කරුවෙකි.. ඔහු දෙවෙනි වූයේ පැබ්ලෝ ඇස්කොබාර්ට පමනි.. මෙක්සිකෝව තුළ ඒ සමයේ තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම් කල පාතාල කන්ඩායම් අතර පෙරමුනේ ඌයේ ඔහු නායකත්වය දැරූ “සිනලෝවා”(Sinaloa) පාතාල කන්ඩායමයි.. එකල එක්සත් ජනපදයට මත්ද්‍රව්ය ජාවාරම් කිරීමට ඩොලර් බිලියන ගානක් වටිනා ව්‍යාපාරයකි..

මේ ව්‍යාපාරයේ තම කොටස වැඩිකර ගැනීමට මෙක්සිකෝව තුල පාතාල කන්ඩායම් අතර ඉතා දරුණු ලෙස සටන් පැවති කාලයකි.. තවද තම රටට ජාවාරම් කරන මත්ද්ර්‍අව්‍ය නැවත්වීමට ඇමෙරිකානු රජයෙන් මෙක්සිකානු රජය මත දැඩි පීඩනයක් එල්ල කරමින් සිටී කාලයකි. මේ පීඩනයෙන් ගැලවීමට සහ ජනතාව අතර රජය පිළිබද ප්‍රතිරූපය ඔපදැමීමට එවකට මෙක්සිකානු රජයේ නිළධාරියෙක් එල්-චැපෝ සමග රහස් ගිවිසුමකට එළබෙනව…

එල්-චැපෝගෙ කොටස තමයි තමාගෙ ප්‍රතිවාධී ජාවාරම් කරුවන් ගැන විස්තර ඒ නිලධාරියාට ලබාදීම.. මේකෙන් දෙපැත්තටම වාසියක් සිදුවුනා.. මත්ද්‍රව්‍ය වැටලීම ඉහල යෑම නිසා ආන්ඩුවේ ප්‍රථිරූපය වර්ධනය වුනා.. තව ඇමෙරිකානු පීඩනයෙන් ආන්ඩුවට ගැලවෙන්න ලැබුනා.. තව අධාල රජයේ නිලධාරියා මේ වැටලීම් වලට කෙලින්ම සම්බන්ධ නිසා ඔහුගේ හොද නම පැතිරුනා… එල්-චැපෝට ලැබුන වාසිය තමයි මත්ද්‍රව්‍ය ජාවාරමේ තනි අයිතිය ඔහුට ලැබීම සහ රජයේ ආශිර්වාදය නිසා බයක් නැතිව නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලැබීම…

මේ කතාව සම්පූර්ණයෙන් බලන්න පුලුවන් NETFLIX එකේ… මේ දවස් වල මැතිවරණය කිට්ටු කරල මේ කතාවෙම Sri ලංකන් වර්ශන් එකක් තිරගතවෙන නිසා තේරුම් ගන්න වැඩි අපහසුවක් වෙන එකක් නෑ..

ලංකීය දේශපාලණයට අදට ගැලපෙනවා සේ පෙනිගිය කතාවක්

 

 

(උපුටා ගැනීම අපේ පාඨක මදුකා සොහොයුරිය ගේ මුහුණු පොතෙන් )

 


Spread the love

Leave a Comment

You may also like