මේ වන විට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සහ තවත් මත් ජාවාරම් කරුවන් විශාල ප්‍රමාණයක් ඔවුන් සතු දේපළ ද සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත .
පොලිස් දෙපාර්තමේන්තුවේ ඇති මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුලින් සමස්ථ ශ්‍රී ලංකාව තුළම මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වන බවක් ” ලංකාවේ කුඩු නැවැත්වීමට නම් පොලිසියේ නාකොටික් වසා දැමිය යුතු…” යැයි අපි අවස්ථා ගණනාවකදී ලිපි තොරතුරු හෙළි කර ඇත .
රංගජීව ගේ කුඩු ;
එදා රංග ජීව අල්ලන කුඩු වලින් කොටසක් සගවා ගෙන පිටට වික්කේය. ඒ වික්කේ මකදුරේ මදුෂට බව අදත් නාකොටික් නිලධාරින් සියලු දෙනාම නොදන්නවා නොවේ . ඒත් පුදුමේ රංග ජීව ගේ ආරක්ෂකයා වුයේත් නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වාය. කොස් ගොඩ තාරකලා ,මාකදුරේ මදුෂලා, රංග ජීවගේ කුඩු බිස්නස් හවුල් කරුවන්ය.
පසුගියදා සිදුවූ සිද්ධියෙන් පසුව යම් ප්‍රමාණයකට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ගේ හෙළුව රටටම මේ වන විට අනාවරණය වී අවසන්ය .ඒත් මේ වන විට වැසී යන තවත් සිද්ධීන් කීපයකි පුද්ගලයන් 27 දෙනෙකු තොර තෝරා මැරු වැලිකඩ සිර ගෙදර ඝාතකයා වු වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සෘජුව ගනුදෙනු කරන ලද උප පොලිස් පරීක්ෂක උදාර ගේ ගුරුන්නාන්සේ රංග ජීවය.
රංගජීව ගේ කෝටි ගානක වත්කම් විමර්ෂණය;
පසුගිය කාලය පුරාම පාතාල අපරාධකරුවන් සහ මත් ජාවාරම්කරුවන් සමග සෘජු සමීප සම්බන්ධතාවයක් ගෙනගිය රංගජීව නැමැති හිටපු පොලිස් පරීක්ෂකවරයාගේ අනුගාමිකයින්ය. පොලිස් පරීක්ෂක රංගජීව යනු රටම දන්නා අපරාධ කරුවෙකි . ඔහු 2012 බන්ධනාගාරය තුළට ගොස් ගෝඨාභය රාජපක්ෂ ගේ අවශ්‍යතාවය වෙනුවෙන් සැකකරුවන් ගේ නම් අඬගසා වෙඩි තබා මරා දැමූ පුද්ගලයින්ගේ ප්‍රධාන පෙළේ පුද්ගලයෙකි.
මොහු පිළිබඳව අවස්ථා ගණනාවකදීම මීට පෙරද ලංකාව තුළ විවිධාකාරයේ සටහන් ලියා ඇත 2015 වර්ෂ්යේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කීර්තිමත් නිලධාරියකු වූ එවකට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ රවී සෙනවිරත්න විසින් රංගජීව නිලධාරියා ගේ වත්කම් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළාය.මේ පිලිබදව අප විශ්‍රාමික ජේ.නියෝජ්‍යපොලිස්පති රවි සෙනවිරත්න ගෙන් විමසීමේදි ඔහු කියා සිටියේ හිටපු පොලිස්පරික්ෂක රංග ජීව නැමති නිලධාරියාට විරුද්ධව අසාමාන්‍ය ලෙසට වත්කම් පිලිබදව විමර්ෂණයක් කලබවයි.
විමර්ශනය පැවැත්වීම සඳහා බාර දී තිබුණේ එවකට සහකාර පොලිස් අධිකාරී වශයෙන් කටයුතු කළ ජයසිංහ නිලධාරියාට රාජකාරිය අවංකව නිවැරැදිව ඉටු කරමින් තමාගේ වපසරිය තුළ නිසි ලෙස රාජකාරි කටයුතු අවසන් කරමින් සියලු ගොනු බාර දුන්නේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න භාරයේ මෙම විමර්ශනය ඉතාම හොඳින් සිදු කිරීමෙන් පසු හෙළි වූයේ රංගජීව නැමැති නිලධාරියාට පොලිස් පරීක්ෂකවරයෙකු ලබාගන්නා ලද වැටුපට අමතරව උපයාගන්නා ලද ධනය සහ දේපළ ඇති බව හෙළිවී තිබුණි.
ඒ පිළිබඳව සාක්ෂි සියල්ලම එම ගොනුව තුල ඇති අතරම මේ වන විට ඉන් සමහරක් අප සතුව ඇත. ඉන් පසුව වහාම ක්‍රියාත්මක වූ එවකට පොලිස්පති පූජිත ජයසුන්දර රංගජීව රාජකාරි කළමත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න ගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගලවා කුඨප්‍රකාර ධනයක් උපයා ඇති කමල් සිල්වා නැමති නියොජ්‍ය පොලිස්පතිට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරකර කලේය. එතැන් පටන් කමල් සිල්වලා ,රංග ජීවලා සල්ලි මත පීනුව බව දන්නේ අදටත් අවංකව ඒම අංශයේ සිටින අයයි.
කුලියට මිනිමරා කුඩු හා ආයුධ දැමීම;
රංගජීව නැවතී මෙම නිලධාරියා පසුව 2012 2012 දී බන්ධනාගාර සිද්ධියෙන් පසු ඔහු සේවය අත්හිටවන්නේ 2018 වර්ෂය දීය. විමර්ශනයෙන් පසු ඔහුට කොළඹ මහාධිකරණ විසින් මේ වන විට අධිචෝදනා බාර දී ඇත. කිසියම් පුද්ගලයෙකු සැකකරුවෙක් වී ප්‍රමාණවත් සාක්ෂි ඇති නිසාම ඔහුට අධිචෝදනා භාරදීමෙන් පසු ඔහු අනිවාර්යෙන්ම චූදිතයෙක් වන්නේය.
රංගජීව ගේ ක්‍රියාකලාපය පිළිබඳව සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව ඉතාම හොදින් දනී. මොහු 2013 වසරේ දී කුලියට මිනී මැරීම සඳහා කිසියම් පුද්ගලයෙකු ඝාතනයට යන්නේ ගල්කිස්ස ප්‍රදේශයටය .ගල්කිස්ස ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරන ලද සැකකරුට කුඩු සහ පතුරන් තුවක්කුවක් ගෙන ගොස් දමන්න රංගජීව ඒ විමර්ශනය සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා කැඳවීමේදී ඔහු මෙම මියගිය සැකකරුගේ දේහ දැක පුදුම වන්නේය පුද්ගලයෙකුට රාජකාරි සිදු කිරීමට යාමේ දී ඇති වූ වෙඩි තැබීමකින් ආත්ම ආරක්ෂා සඳහා වෙඩි තැබිය හැකි නමුත් දිව යනවා නම් පුද්ගලයෙකුගේ පිටිපසින් පැන ගොස් ඔහුට කිසිසේත් වෙඩි තබා මරා දැමීමේ හැකියාවක් පොලිස් නිලධාරීන්ට නැත.
එනිසාම මෙම සැකකරු සතුව කුඩු සහ තුවක්කුවක් තිබ්බා ද …? යන්න පිළිබඳව සැක සහිත වීම නිසාම අද වන විටත් එම ගල්කිස්සේ මරණය විවෘත මිනීමැරුමක් විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් අද වන විටත් විමර්ශනයක් විමර්ශන ගොනු පවත්වාගෙන යනු ලබන විවෘත තීන්දුවක් ලබා දී ඇත .
මිනිසෙකු මරා රුපි;40,000 ගැනිම;
එසේම තවත් අවස්ථාවකදී රංගජීව විසින් පිළියන්දල ප්‍රදේශයේ අවස්ථාවේදී එක් අවස්ථාවක රංගජීව සැකකටයුතු වාහනයක් නතර කොට මත්ද්‍රව්‍ය සහ පුද්ගලයෙකුගේ එම රථය පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය සමඟ රුපියල් 40,000 මුදලක් එම කාර්යය තිබී හමුවී ඇත. මෙම පුද්ගලයා සතුව තිබූ කුඩු ප්‍රමාණය රංගජීව භාරයට ගෙන ඉන්පසුව එම හතලිස් දහසකට ආසන්න මුදල 40,000 ක වැඩිම මුදල රංගජීව ඔහුගේ භාරයට ගත් නමුත් මේ වන තෙක් අපරාධ මත්ද්‍රව්‍ය කාර්යාංශයට ඉදිරිපත් කර නැත.
අවසානයේ මෙම සැකකරු ලාලිත නැමැති සැකකරු එක්තරා අවස්ථාවක දී තමා සතු තිබූ රුපියල් 40,000, ක මුදල රංගජීව ගත් බවත් ඔවුන් සතුව මීට වඩා කුඩු ප්‍රමාණයක් තිබූ බවත් කීමම ලාලිත ගේ මරණය ඉක්මන් වීමට එක් හේතුවක් විය.
ඒ අනුව තවත් දවසක ලාලිත නිදහස්ව පැමිණීමෙන් පසු තලංගම ප්‍රදේශයේ දී ලලිත ගේ වාහනය පසුපසින් පැමිණි රංගජීව එක්වරම පිට පිටම වෙඩි වරුසාවක් තබා කාර් රථය තුළ ම මරා දමා
විශාල ප්‍රමාණයක් ටී 56 උණ්ඩ පත්තු කිරීමෙන් එක්.උණ්ඩයක් ගොස් මාර්ගයේ ගමන් කරමින් තිබූ ගුවන් හමුදා ට්‍රක් රථයක් වහලයට එම වෙඩිල්ල වැදී තිබුණි .ඒ පිළිබඳව විමර්ශනයක් සිදු වීමේ දී එම ස්ථානයට පැමිණි එවකට මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති වශයෙන් සිටි කමල් සිල්වා නැමැති නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම විමර්ශනයට අදාළ සියලුම බී වාර්තා පවා සටහන් කරන ලද්දේ ඔහුගේ අනුදැනුම ඇතිව ය.
පිලියන්දල ස්ථානාධිපතිගේ පුටුවෙ සිට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පාතාල සගයා වන රංගජීව බේරා ගැනීම සඳහා එම සියලුම බී වාර්තා සකස් කොට ඒ සිද්ධිය මුළුමනින්ම උඩුයටිකුරු කළේය .
ඒ අනුව රුපි; 40,000 ලාලිත නැමැති සැකකරු මිය යාමත් ඔහුගේ රුපියල් 40,000 ක මුදල රන්ගජීව ගේ අතට යාමත් ඉන් සිදුවිය.
මේ සියලු සිදුවීම් දිගින් දිගටම වසා දැමූ ප්‍රධාන පෙළේ පුද්ගලයා වූයේ එවකට නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා පිළිබඳව ඔහුගේ වත්කම් පිළිබඳව අවස්ථා ගණනාවක දී අප වෙනත් ලිපි මගින් මීට පෙර හෙළි කර ඇත. රංගජීව නැමැති අපරාධකරු ඔහු පොලිස් නිලධාරියෙක් නොවන අතරම ඔහු මේ වන විට මිනීමැරුමකට මිනීමැරුම් නඩු සඳහා චෝදනා ලද චුදිතයෙකි. අධිකරණයේ ගරු සරුවක් නොමැතිව ඔහු පසුගිය දින මාධ්‍ය ඡායාරූප ගැනීමට උත්සාහ කළ ඡායාරූප ශිල්පියෙකු ඇදගෙන යාම මේ වන විට සමස්ත ශ්‍රී ලංකාව පුරාම කතාබහට ලක්වන සිද්ධියකි.
ප්‍රසිද්ධියේ මිනිසුන් වෙඩි තබා මරා දමා ඒ සියලු දෙනාටම තුවක්කු ගෙනැවිත් දමා , අහිංසකයන්ට කුඩු දමා ඔවුන් කුඩු සමඟ අත්වඩංගුවට ගත්තා යැයි රටට හෙළි කර විශේෂයෙන්ම පුවත්පත් ජනමාධ්‍යවේදීන් කීපදෙනකු සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය රංගජීව ඔවුන්ගේ අතමිට සරු කරමින් යහමින් කන්න බොන්න දී සමාජයට සිල් රෙද්දක් පොරවා ගන්නා ලද උපාසකයෙකු සේ පෙනී සිටි මේ කූට නාටකය මෙයින් අවසන් විය යුතුය. මෙම හැසිරීම තවත් භහිසුණු අපරාධ නඩුවක අපරාධ වින්දිතයන්ට දැඩි ජීවිත තර්ජනයක් ඇගවීමකි.
අපරාධකරු රංග ජීව වෙනුවෙන් – S/DIG දේශ බන්දු;
රංගජීව නැමැති අධි චෝදනා ලබා සිටින අපරාධකරුට කිසිසේත් මාධ්‍ය සගයින්ට අත තැබීමට නොහැකි බව අපි තරයේ විශ්වාස කරමු. එසේම මෙම රංගජීව නැමැති අපරාධකරුගේ වත්කම් පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතුය .
මේ වන විට විමර්ශන සිදුකර ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයසිංහ විනය හා කල්ක්‍රියා අංශයේ දැනට අධ්‍යක්ෂක වශයෙන් සිටින නිසා ඔහුට දැන් ඉතා පහසුවෙන්ම රංගජිව වැනි නින්දිත අපරාධකරුවන් තවරන අසූචි සෝදා පිරිසුදු කර ගැනීමේ අවස්ථාව ඇත්තේ දැන් විනය හා කල්ක්‍රියා පිළිබඳව අධ්‍යක්ෂ වශයෙන් සිටින ජයසිංහට ය
කෙසේ වෙතත් මෙවැනි මිනීමරු චූදිතයෙකු තම කාර්යාලයට ගෙනවිත් තවත් කුඩු නාලිකා කැඳවා තම කාර්යාලයේ තුළින් අපරාධකරුවෙකුට රටට කතා කිරීමට අවස්ථාවක් ලබා දීම සිදු කළ තමන් නින්දිත පොලිස් නිලධාරීහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ සිදුකර ඇත්තේ සිදුනොකළ යුතු නින්දිත ක්‍රියාවකි.
දේශබන්දු තෙන්නකෝන් දැනගත යුතු දෙයක් ඇත , ඇඳ සිටින නිල ඇඳුම කාල්ටන් නිවසේ ඔහුට ලබා දුන් ඇඳුමක් නොවන බවත්, එය සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව ම නියෝජනය කරන නිල ඇඳුමක් බවයි.
මෙම නිල ඇඳුම ඇඳි සහ ඔහු නිල ඇඳුම් ඇඳීමට පෙර ඔහු සිටි ආගිය තැන් අප සතුව ඕනවට වඩා විස්තරව ඇත මීට පෙර ලිපියකදී අපි තරමක් එය හෙළි කර ඇත අපරාදේ චූදිතයෙකු තම කාර්යාලයට ගෙනවිත් සියලුම මාධ්‍ය වලට අඬගසා අපරාධකරුට රටට කතා කරන්නට දෙන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු රටේ පොලිස්පති පුටුවට කෙල හලමින් කටයුතු කරනවා නම් රටේ අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින බවට තවත් අටුවා ටීකා අවශ්‍ය නැත මොහු පෙනී සිටින්නේ සමස්ත ජාතියේ යුක්තිගරුක පුරවැසියන් වෙනුවෙන් නොව අපරාධකරුවන් වෙනුවෙන් බව එයින් මනාව පෙනී ගොස් ඇත.
අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඔහුට ලැබුණේ කුමන වගන්තියෙන් දැයි අපි නො දනිමු පුද්ගලයෙකු අත්වඩංගුවට ගත හැක්කේ පොලිස් නිලධාරියෙකුට හෝ සාම නිලධාරියෙකුට පමණි. එසේ නොමැතිව කිසිදු හේතුවක් නොමැතිව ඔහුගේ ඡායාරූප ගත්තා යැයි කියා මාධ්‍යවේදීන් ඇදගෙන යාමට හැකියාවක් ඇත්නම් පොලිස් නිලඇදුමක් අදින දේශබන්දු ලැජ්ජා විය යුතුය.
අපි අවසන් වශයෙන් කියා සිටින්නේ නියෝජ්‍ය පොලිස්පති වූ පමණින් ඔබ නියෝජනය කළ යුත්තේ නීතිගරුක පුරවැසියන් මිස අපරාධ වලට සම්බන්ධ මිනීමරුවන් නොවන බවයි .
කෙසෙල්වත්ත පොලීසියට කර ඇති පැමිණිල්ල පිළිබඳව වහාම විමර්ශනයක් කොට අදාළ සිද්ධිය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන තුරු අපි මේ පිළිබඳව සෙවිල්ලෙන් සිටින බව දේශබන්දු තෙන්නකෝන්ට මතක් කිරීමට කැමැත්තෙමු.
https://www.lankadawasa.com/%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%80%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%b1%e0%b7%8f%e0%b7%81%e0%b6%9a/?lang=si