ලංකාවේ මොන හේතුවක් ඇතිව හෝ නැතිව අවුරුද්දකට අඩුම තරමින් දෙවතාවක්වත් කාලකන්නි වෛද්‍යවරු වැඩ වර්ජනය කරන්නේ පාලකයන්ට ඔවුන්ගේ සේවයේ අගය පෙන්වීමටයි.
එත් ඇත්තටම පාලකයන්ට මුන්ගේ වැඩ වර්ජන ගැන කිසිදු හැගීමක් නැත. වෙන දෙයක් තියා ආණ්ඩුව වැඩ වරජනයක් නම් ජනතාවට තම සේවා බාධාවකින් තොරව සැපඊම්ටවත් කිසිම ක්‍රම වේදයක් නැත.
ලංකාවේ සිටින සියලුම වෛද්‍යවරු අද ඔවුන්ගේ මුලිකම ආදායම් මාර්ගය චැන්ල් සේවා පවත්වා ගෙන යාමය. ලංකාවේ ජනතාවට වෙච්ච ලොකුම හෙනේ මෙන්න මේ චැනල් සේවාවයි
. අද වනවිට ලංකාවේ කවුරු පම්පොරි ගැහුවත් නොමිලේ බෙහෙත් ගන්න පුලුවන් කිය ඒක අමුලික බොරුවකි. ඔය කියන එක වාහෙක්වත කවම දාවත් ගමේඉස්පිරිතාලෙන් බොහෙත් පෙත්තක් අරන් තියෙනවාද ?
අන්ත නැති බැරිම මිනිහා ලෙඩක් උනගමන් යන්නේ ගමේ ඉස්පිරිතාලෙට. ,සල්ලි යමක් තියන එකා යන්නෙ, චැන්ල් සෙන්ටර් වලටය, අනික් උන් සේරම යන්නේ පිටරට වලටයි. මෙන්න මේක තමා ලංකාවේ ඇත්ත.
මේ වැඩවර්ජනය කරන හා කවරවන උන් එකෙක්වත් ගමේ ඉස්පිරිතාලෙන් බෙහෙත් පෙත්තක් නිකමටවත් නොගත්ත උන්ය.
උන් හිතන්නෙම දුප්පතාට රිද්දපුවහාම ආණ්ඩුව පෙරලා දමලා බලය ගන්න පුලුවන් කියාය. ලංකාවේ අහිංසක මිනිස්සු එකාපිට එකා මැරුණත් නම් බලය ගන්නවා බොරුය.
කාලකන්ණි වෛද්‍යවරුනි………
. තොපිලාට අකුරු කරන්න රටේ බදුසල්ලි ගෙවුවෙත් අපිය, තිරුබදු රහිත අධි සුඛෝපභෝගී වාහන ගෙන්විමට සල්ලි ගෙවුවේත් අපිය,
තොපේ දරුපවුල කන්නේ බොන්නෙත් අපි ගෙවන පඩි වලිනි,අපි උබලා ගෙන් ඉල්ලන්නේ අපිට ලෙඩක් උනොත් බෙහෙත්ටික විතරය.
එත් එදා ඉදන් අද වෙනකන්ම් උඔලා ගේ ගොදුරක් උනේත් දුප්පත් අපිමය එත්
උඔලා සල්ලි භාගේ තියෙන උන් බෙහෙත් ගන්න එන එකම චැනල් සෙන්ටරයක් වත් වසාදැමු දවසක් තිබෙනවාද ? උඔලා චැන්ල කරන එකම පුද්ගලික රෝහලකටවත් නොගිය දවසක් තියෙනවාද ?
උඔලාට උඔලගේ දරුවන්ට උණක් හෙම්බිරිසාවක් හැදුනත් උඔලායන්නේ එලිස්බ්ත් මවුටන් හෝ ක්වින්ස් මේරී රෝහල්වලට බව අපි නොදන්නවා නොවේ එත් ඒවාට අපි කවදාවත් උඔලට විරුද්ධව පෙලපාලි උද්ගෝෂණ කලේ නැහැ.
ඇත්තටම උඔලගේ ඉල්ලිම් කොහොම උනත් පාලකයන්ට දැනෙන්නම්නම් උන් බෙහෙත් ගන්න අර මම කිව චැනල් සෙන්ටර් වලට නොගිහින් අපේ බෙහෙත් ටික දිපල්ලා කොහොම උනත් හැම දාම උඔලා මේකරන විකඩම් නිසා අකුණු කොටන මොසම් වැස්සට එලිපහලියට නොයා ඉදපල්ලා.
අජිත්