ලංකාව පුරමා වෛද්‍යවරුන් ගේ හිඟය අති මහත්ය .එය දැනෙන්නේ කොළඹ හෝ තදාසන්න ප්‍රදේශයට නොව එහි අවසාන ප්‍රතිඵලය ජීවිත යෙන් වන්දි ගෙවන්නේ ඈත එපිට අහිංසක ගම්මනවල දුප්පත් ගැමියන්න.
ඒත් මේ වනවිට එංගලන්තය, ඔස්ට්‍රේලියාව,ඉන්දියාව,කැනඩාව ,චීනය ,වැනි රටවල්වලින් ලාංකිය දරුවන් වෛද්‍ය උපාධිය නිමකොට පැමිණ වසර ගනන් සිටියත් ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සාමාජිකයන් ගේ ඇති කුහකත්වය නිසාම රටේ ජනතාව ගෙන් පලිගැනිමට ඒ දරුවන්ට ලබාදිය යුතු සිමාවාසික පුහුණව හා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීම දිනෙන් දිනම කල් මැරීම ඉතාම නින්දිතය.
මෙයින් සිදුවන්නේ රටේ දරුවන් ගේ බුද්ධිගලනය වීමකි . ඔවුන්ට ශ්‍රි ලංකාව එපාකරවීමකි. පාලක්යන් ගේ අවශ්‍යතාවය රටේ ජනතාවට යහපත් සෞඛ්‍ය තත්වයක් ලබාදීමට නම් කලයුත්තේ මේ සදහා නිසි ක්‍රමවේදයක් ඉක්මනින්ම සැකසීමය.
මේ පිලිබදව අප හා අදහස් පලකල රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ මෙම වෛද්‍ය සිසුන් බදවා ගැනීමට ආණ්ඩුව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවයි. ඒසේම අගෝස්තු මස වන විට සමස්ථ රාජ්‍ය සේවයටම වැටුප් ගෙවා ගැනීමට නොහැකිව ඇති ආණ්ඩුවක් පිලිබදව කිසි සේත් ඉතා ඉක්මනින් මෙවනි ප්‍රශ්ණයක් වෙනු වෙන් පිලිතුරු බලාපොරොත්තු විය නොහැකි බව පැවසීය.
මෙයින් පෙනි යන්නේ ආණ්ඩුව ජන්තාව ගේ ජීවිත ආරක්ෂා කිරීමට සෞඛ්‍ය වෙනුවෙන් කිසිදු මැදිහත් වීමක් නොකරන බවයි
ඊට කල්නොමරා හැකි ඉක්මනින් විදේශිය උපාධිගත් සියලුම දෙනා වහාම ලියාපදිංචි කොට ඔවුනට ලංකාවේ වෛද්‍ය වෘතියට ඇතුළු වීමට ඉඩ ලබා දිය යුතුය.