මේ වන විට ජපානයන්හා වෙනත් ලෝකයේ බොහෝ රටවල් වලින් ඉතාම සුපිරි කාර් රථ සොරකම් කරමින් හා තවත් ඒ ඒ රටවල් වලින් මිලට ගෙන ගෝඨාභය ගේ අනුහසින් මෙරටට එන්නේ කැලි කපාය.
ඒ නිසාම ගෝඨාභය මුලින්ම කලේ තමා ගේ ජුන්ටාවට ඔබින තවත් පට්ටම දුෂිතයෙක් වු දයා රත්නායකව වරාය සභාපති කමට පත් කලේය. ඒ තමාගේ අවශ්‍ය දේ සියල්ලම රේගුව හරහා සිදු කර ගැනීමටය . කොටස් දෙක පුද්ගලයන් දෙදනෙකු ගේ නමට ලංකාවට එවා ඒවා ඉතාම සුක්ෂමව වරාය සභාපති දයාරත්නායක් ගේද අනුග්‍රහයෙන් කන්ටේනර් රථ පිටින්ම ගෙන යාමේ මහා මොළකරු නාමල් රාජපක්ෂ ගේ අතිජාත මිතුරා ඔහු නමින් ඩැරන් වීරසිංහය.
මොන්ටේරෝ ජිප් රථ හා නිසාන් GT වර්ගයේ කාර් රථ ද මිට්සුභිෂි එවලුෂන් හා ෆේරාරි, ෆෝඩ් මස්ටාට්, යන අති සුඛෝපිභෝගි රථ කොටස් ලෙසට ගෙන්වා පසුව වෙන් වෙන්ව එන කොටස් එකලස් කිරීම සිදු කොට ඇත.මෙය රටේ මුල්‍ය පද්ධතියට කෙලින්ම බලපාන අපරාධයකි.
මේ වනවිට නාමල් විසින් රෝල් රොයිස් 2019 අළුත්ම රථයක් ගෙවිත් හෝකන්දර ප්‍රදේශයේ ඇති බවට අපවෙත තොරතුරු ලැබී ඇත. එසේම ඩැරන් වීරසිංහ සමඟම තවත් ප්‍රභලයකු වු උෂාන් පෙරේරාද මේ ආකාරයටම මෙරටට මොන්ටෙරෝ ජීප් රථ 60 කමණ ගෙනවිත් ඇත.
ඒ සියල්ලම දයා රත්නායක් හරහා රේගු අධ්‍යක්ෂක ජනරාලට ද එක් කන්ටේනරයක් මුදා ගැනීමට ලක්ෂ 30 දෙනු ලබයි. ඊයේ දින එවනි කාර් රථ පැමිණි කන්ටේනර් 8 ක් රෙගුවෙන් මුදාහැර ඇත.
මේ සියල්ලම මුදා ගැනීමේ ලිපි කටයුතු සිදුකරනුයේ නාරම්මල පදිංචි කපිල හා කමල් නැමති සහෝදරයන් දෙදෙනාය. කුරුණාගල පදිංචි මොවුන් දෙදෙනාම ඒ අපරාධවල හවුල් කරුවන්ය. ඩැරන් වීරසිංහට අයත් GTR කාර් රථ 02 මේ වනවිට කොහුවල පොලිසිය තුල ඇත.
ඒවා අත්වඩංගුවට පත් වු යේ අහම්බෙනි , එකම අංක තහඩු ඇති වාහනදෙකක් පොලිසියට අසුවීමේදි මෙය පොලිසිය භාරයට ගෙන ඇත. ඒ වහාම පොලිස් ස්ථානාධිපතිට කතාකර ඇති නාමල් රාජපක්ෂ කියා ඇත්තේ එම කාර් රථ මැතිවරණය අවසන් වෙන තුරුම පොලිසිය භාරයේ ආරක්ෂිතව තබා ගන්නා ලෙසය.
ඒ අනුව දැන් පොලිසියේ ආරක්ෂාවට වඩා පොලිස් ස්ථානාධිපති උදේ සවස GTR කාර් රථය ආරක්ෂා කිරීමට උනන්දුන් වී ඇත. මේ ආකාරයට රට පුරාම ඇත්තේ හොර අංක ගැසු විදේශ රටවලින් සොරකම් කරන ලද වාහනය . සුපිරි සුපිරි වාහන ධාවනය කරන සමහර පුද්ගලයන් ඉතාම භයානක අපරාධකරුවන්ය .
මේ ආකාරයට ගෙනෙන හොර වාහන වලට අවශ්‍ය සුජාත භාවය ලබා දෙන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්ථමේන්තුවය (RME ) එහි අධ්‍යක්ෂක ජනරාලට එක් වාහනයකට අංකයක් හා ලියාපදිංචි පොතක් ලබා ගැනීමට රුපියල් ලක්ෂ 50 දි ඒ සියල්ලම සිදු කරන්නේ ඩැරන් විරසිංහ විසිනි.
නාමල් රාජපක්ෂ ගේ හා ගෝඨාභය ගේ මේ ගජමිතුරන් 69 ලක්ෂයක් පැතු වෙනස වු ගෝඨාභය ඉතා හොදින් මේ ආකාරයට මංකොල්ලකරුවන් ,පල හොරුන් සමඟ රටේ ආදායම් අහිමිකරමින් රටට රේගු ගාස්තු නොගෙවා ගෙන්වා ඇති වාහන වලින් අහිමි කර ඇති ආදායම් රුපියල් කෝටි 9000 කටත් වඩා වැඩි බව අප හා රේගු අධ්‍යක්ෂකවරයෙකු පැවසීය.
ගෝඨාභය ගේ සිස්ටම් චේන්ජ් කිරිල්ල යස අගේට මේ ආකාරයට රට සුඩානය දෙසටම ගෙනයන බව වගකීමේ සටහන් කරමු.
අපි මේවා හෙලිකරත් රටේ නිති දෙකක්ඇති නිසාම ගජමිතුරන්ට රටේ නිතිය අදාල නැත ඒවා ඇල්ලීමට පොලිසියක්ද ජනතාවට ඇත්තේම නැත. 2/3 දී තවතවත් මේවා උන්ටම ශක්තිමත් කර අහස දෙස බලා හෙන ඉල්ලා ඇති පලක් නැති බවද රටේ ජනතාවට මතක් කරමු.
අජිත්