මේ වන විට වැලිකඩ බන්ධනාගාරය සහ පොලොන්නරුව බන්ධනාගාරය ද මුළුමනින්ම නිරෝධායනය සඳහා සිරකරුවන් හා නිලධාරීන් යොමු කර ඇත. එහෙත් මෙහි ඇති භයානකම තත්ත්වය නම් වැලිකඩින් හමුවූ එම corona positive සිරකරුවා මීට පෙර රඳවා සිට ඇත්තේ මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් රඳවා තබන ලද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේය.
එම මධ්‍යස්ථානය තුළ සිටි හාරසිය පනහකට ( 450) ආසන්න පිරිසක් මේ වන විට නිල නිලධාරීන් සමඟ නිරෝධායනයට යොමු කර ඇත. එහෙත් අද න එම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ පාලිකාවක් නිවසට ඒමට පැමිණ ඇත.
ඇය බොහෝ ස්ථානවල සැරිසරමින් සහ නගරවල් වලට ගමන් කරමින් මාරවිල තම නිවසට පැමිණ ඇත. මාරවිල ප්‍රදේශයට පැමිණෙන අවස්ථාව විට ඇයට කොරෝනා positive වී ඇති බව තහවුරු වී අවසානය.
ඇය මේ වන විට ගමන් කළ බස්රථ හමු වූ පුද්ගලයින් සහ වෙනත් සමීප සම්බන්ධතාවයන් පිළිබඳව රජය සියල්ලම වසන් කිරීම සමස්ත ජනතාව තුළ ම කොරෝනා වෛරසය බොහෝ සෙයින් පැතිර වීමට මහත් රුකුලක් වී ඇත.
දැන් ජනතාව කොරෝනා වෛරසය ඒ පිළිබඳව අමතකකර කර ඇත. මේ නිසා වහාම රජය මේ සඳහා මැදිහත්ව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ගයක් ගෙන එම ප්‍රදේශ සහ ඒ සඳහා ඇය ගමන් කළ බස් රථ සහ ස්ථාන පිළිබඳව අධ්‍යයනයක් කොට වහාම PCR පරීක්ෂණයකට යොමු කර ජනතාව මේ ගලවා ගැනීමට යුහුසුලු විය යුතුය.
එහෙත් අද අවාසනාවන්ත තත්වය නම් රජය අගෝස්තු 05 දින පැවැත්වීමට නියමිත මැතිවරණය වෙනුවෙන් තමාගේ සියලු සම්පත් යොදවමින් කොරෝනා වෙනුවෙන් ජනතාව බිල්ලට දෙමින් අද හැසිරීම ඉතාමත්ම අවාසනාවන්ත තත්වයකි.
අද වන විට ලංකාව පුරාවටම කොරෝනා රෝගින් 74 දෙනෙකු හමුවී ඇත. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දැඩි ආරක්ෂිත සෞඛ්‍ය උපක්‍රම අනුගමනය කරන ලෙසයි.
සෑම අවස්ථාවකදීම කොරෝනා පැතිරීම වළක්වා ගැනීමට තම තමන්ට කළ හැකි සෑම දෙයක්ම සිදු කරන ලෙස ජනතාවගෙන් අපි ඉල්ලා සිටිමි.