වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා රෝගියා යටගහන්න සුදානම් වුයේ ජනාධිපති ගෙන් ලකුණු කැපෙනු ඇතැයි සිතාය. ඒ පිලිබදව පලමු පුවතම අපි ලද සැනින් වාර්තා කලේ ඒ සැම ප්‍රවෘතියකම ඉතාම විශ්වාසනිත්වය ඇති නිසාමය.
අද වනවිට වැලිකඩ බන්ධනාගාර නිලධාරින්ට ” අයියෝ ඔක් සිම්පල් දෙයක් “ කියා කියන උසස් නිල්ධාරින් සිටීම ඉතාම සෝචනීයයි. කොරෝනා යනු මරනාසන්න අසනීපයකි. එයින් ප්‍රවේසම් විය යුතුමය. අද ජනාධිපතිවරයා බන්ධනාගර කොමසාරිවරු කැදවා තිබුණි ඊට සහභාගි වු නිලධාරින් ජනාධිපතිට කියා ඇත්තේ …” සර් හරි අපි සේරම කරා 01 ලෙඩෙක් විතරයි අනික් න්සේරම PCR පරික්ෂාකරා කාටවත් නෑ.
දැන් සේරම හරි කියා රටේ ජනාධිපතිවත් ගොනාට ඇන්දවිය හැකි ලෝකෝත්තර ලොක්කන් සිටින වැලිකඩ දැන් ඇත්තම තත්වය රටේ ජනතාවට පැවසීම අපේ වගකීමකි. මේ වන විට වැලිකඩ සිරකරුවන් 380ක් පුනානි නිරෝධායනයට යවා ඇත. එසේම වැලිකඩ බන්ධනාගාර නිලධාරින් 175 ක බන්ධනාගාර තුලම නිරෝධායනයට ලක් කොට වැලිකඩ CPR සියල්ලම නැවත දැනුම් දෙන තුරු සිරකරුවන් බැලීම තහනම් කොට ඇත.
තනිකඩ භට නිවාස හෝ බන්ධනාගාරය විෂබීජානුහරනය කිරීමක් මේ ලියන මොහොත වනතුරුත්කර නැත. එසේම බන්ධනාගාර නිලධාරින් සමහරක් බස් රථවල දුම් රියවල ගමන් කොට ඇත.
ඒහි වගකීම ගන්නේ කවිදැයි නිලධාරින්ම ප්‍රශ්ණකරයි ප්‍රධාන ජේලර් වජිර අබේධීර මේ වෙනතුරුත් කොරෝනා සඟවන්නේ කෙසේදැයි ගුල් හොයමින් සිටින බව අපවෙත වාර්තාවේ.