වෙනත්

ආර්ථික කඩා වැටීම මහජනයාගේ කරමතට…අතීසාරයයට අමුඩ ගනන “සිස්ටම් චේන්ජර් ගේ  ” සහන මල්ල-ජේෂ්ඨ පුරවැසි තැම්පතු සදහා ගෙවමින් තිබූ පොළිය සියයට පහලොවේ 15% සිට සියයට අට 8% දක්වා වහාම පහතට…….!!

Spread the love

වහමා ක්‍රියාත්මක වන පරිදි  ජේෂ්ඨ පුරවැසි තැම්පතු සදහා ගෙවමින් තිබූ පොළිය සියයට පහලොවේ 15% සිට සියයට අට 8% දක්වා වහාම පහත දමා ඇති අතර පුරවැසියන් ලෙස තම රට වෙනුවෙන් වසර තිහත් හතලිහත් කාළ පරාසයක් දැනුම හැකියාව පළපුරුද්ද ශරීර ශක්තිය කැපකරම්න් දහදිය වගුරමින් තම ජීවිත යේ වටිනාම කාලය කැපකර ඇත.
ජීවිතේ සැදෑසමය ගත කිරීමට නොඑසේනම් ඔවුන්ගේ දරු මුනුපුරන් වෙනුවෙන් වර්ථමානයේත් හැකි ලෙසින් යුතු කම් ඉටු කරමින් කිසිවෙකුට බරක් නොවී ජීවිතේ සැදෑ සමය නිදහසේ ගත කිරීමට කැමති රාජ්‍ය,අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විශ්‍රාමික ගෞරවණීය පුරවැසියන්  කප්පරක් බලාපොරොත්තු සහිතව උපයාගත් ධනය නොඑසේනම් ලැබුන දීමනාව ජේෂ්ඨ පුරවැසි ගිණුමක තැම්පත් කලේ ඔවුනට චාම් සරළ දිවිපෙවත නිදහසේ ගතකිරීමටය..
සහන මළු පුරව පොරොන්දු ලොරි වලින් ගෙනත් අහිංසක ජනතාව මුලා කොට ගෝඨාභය රාජපක්ෂ හා (සංවේදී අප්පච්චී) මහින්ද රාජපක්ෂලා බොරු බිල්ලන් මවමින් බලය ගත්තේ ජනතාව සුඛවිහරණය කරමින් රකිනවා කියාය අවසානයේ  ඔවුන්ගේ ධාර්මිකව කඹුරා උපයා සපයාගත් මුදල් බැංකුව තැම්පතු ලෙස ලභාගෙන ඒවායින් රාජ්‍ය නඩත්තු කරමින් ලභාදුන් සොච්චම් පොළියත් නින්දිත ලෙස කපා හැර ජේෂ්ඨ පුරවැසියා මහ පාරට ඇද දමා ඇත.
ජේෂ්ඨ පුරවැසියන් තම විශ්‍රාම වැටුප දරු මුණුබුරන් වෙනුවෙන් මහත් උනන්දුවෙන් ඉතුරු කරතැබීම සියල්ලන් ගේම ප්‍රාර්ථනාවක් වුවත් අද අවාසනාවකට ඒ සියල්ලම් රාජපක්ෂ ජුන්ටාව ඇගට නොදනි සොරා ගන්න බව ජන්තාවට තේරුම් යන්නේ සියල්ල සිදුවීමෙන් පසුව වීම ඉතාම කණගාටුදායකය. 15% ගෙව් පොලිය රජය එක රැයින් 8% දක්වා අඩුම මට්ටමකට දැමීම මධ්‍යම පංතික වයෝවෘධ විශ්‍රාමිකයන් මහපාරට දැමීමකි. 
ආර්ථික විශ්ලේෂණයන් පෙන්වා දෙන්නේ අත්තනෝමතික නිවැරැදි දැක්මක් නැති රාජපක්ෂ පාලනය  ඉදිරියේ ගොඩ ගත නොහැකි දරුණු  ආර්ථිකය  කඩාවැටීමකට ලක්ව ඇති බවත් ජනතාව බුද්ධිමත් නිවැරැදි තීන්දු තීරණ ගත යුතු බවත්ය.
සුමුදු මද්දුමආරච්චි
මිලානෝ
ඉතාලිය.

Spread the love

Leave a Comment

You may also like