නායකයො කියන්නෙ කණ්ඩායමක් අරමුණක් වෙනුවෙන් තමන්ගෙ පුද්ගලික යහපැවැත්ම පරදුවට තියල අවදානම් තීරණ ගන්න මිනිස්සු. 1999 ජනවාරි 23 ද ඕස්ට්‍රෙලියාවෙ ඇඩිලේඩි පිටියෙදි විනිසුරු රොස් එමර්සන් ශ්‍රීලාoකික ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගෙ පන්දුවක් ‘නිපන්දුවක්’ විදියට සoඥා කරපු වෙලාවෙ අර්ජුන විරෝධය දක්වන අවස්ථාව මේ. ඒ විතරකුත් නෙවෙයි ඔහු තම කණ්ඩායම තාවකාලිකව ක්‍රීඩාකිරීම නැවැත්වූවා. මේ තීරණයට විරුද්ධත්වය පල කරල.
මේ තීරණය ඉතාමත්ම බැරෑරුම් තීරණයක්. නායකය හැටියට පුද්ගලිකව තමන්ගෙ ක්‍රීඩා ජීවිතයටම ඉතාමත්ම අහිතකර විදියට බලපාන්න පුලුවන් තීරණයක් ඒක. ඒත් තමන්ගෙ කණ්ඩායමේ සාමාජිකයකු වෙනුවෙන් ඔහු ඒ අවදානම බාරගත්ත.
ලoකාව කියන්නෙ ක්‍රීඩා ක්ෂේත්‍රයක අර්ජුන වගේ විශිෂ්ඨ නායකයො බිහිකල රටක්. අවාසනාවකට අපේ රටේ හැම දෙයක්ම ගෝත්‍රික දේශපාලනයෙන් බලන්න පුරුදුවෙලා ඉන්න අතිශයින්ම ධ්‍රැවීකරණය වෙච්ච බොරු පාක්ෂික බැතිමතුන් ඉන්න රටක මොන ක්ෂේත්‍රයක වුනත් රටට වැඩක් කරපු මිනිස්සු තමන්ගෙ දේවාලෙට පඬුරු දාන්නෙ නැත්නම් විනාශම කරල දාන කාලකන්නි රටක්.
ඉතින් පුදුම වෙන්න එපා ඔය කාලකන්නි කම නිසා තමයි මේ රටට මෙහෙම වුනේ. තමන් දරන අදහස නිසා ඕනෑම විශිෂ්ඨයෙකුට සියල්ලම අහිමිවෙන්න පුලුවන් ඉතාමත්ම ප්‍රාථමික දේශපාලනයක් තියෙන රටක් මේක.
දැන් බලන්නකො රට වෙනුවෙන් තමන්ගෙ උපරිම කැපවීම ලබාදීල ජීවිතේ සියල්ලම අවදානමට ලක්කරපු මිනිස්සු තමන්ගෙ දේවාලෙට පඬුරු දාන්නෙ නැති වරදට කුරුසියේ තබා ඇණ ගසන රටක් මේක.
කීර්තිමත් විශ්‍රාමික යුධ හමුදා නිලධාරි කර්නල්
චන්න කරුණාරත්න ලියයි…….
චන්න කරුණාරත්න ලියයි…….