2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරගය ඉන්දියාවට පාවා දී ඇතැයි කියමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් ක්‍රීඩා අමාත්‍යoශයේ දූෂන විමර්ශන ඒකකයට කරන ලද පැමිණිල්ල දැන් මහින්දානන්ද වෙතම බූමරoගයක් බවට පත්ව ඇත.
අරවින්ද ද සිල්වා,උපුල් තරoග හා කුමාර් සoගක්කාර ගෙන් කරන ලද සාක්ෂි විමසීමෙන්ම පමණක් එම කමිටුව තීරණය කළේ මෙහි ඔප්පු කළ හැකි දෙයක් නොමැති බැවින් පරීක්ෂණය අත්හිටවීමටයි .
මේ අතර තුර මහින්දානන්ද විසින් ඉදිරිපත් කරන ලද තර්ක හා ලේඛන සාවද්‍ය බවද සනාථ වී තිබේ.
එනිසා ජාත්‍යන්තර කීර්තියට පත් ක්‍රීඩකයන් වූ අරවින්ද,සoගක්කාර හා මහේල වැනි ක්‍රීඩකයන්ගේ කීර්ති නාමයට අපහාසයක් ගෙන දුන් මහින්දානන්දට එරෙහිව නඩු පැවරිය යුතු බවට සමාජ ජාල තුළ දැඩි මතයක් ගොඩ නැගෙමින් පවතී.දැනට දැන ගැනීමට ඇති කරුණු අනුව මහින්ද රාජපක්ෂ එදා මහේල හා සංගක්කාරලා ගෙනවිත් හෝමාගම ක්‍රිකට් ක්‍රිඩාංගනය ඉදිකිරීමට කරන ලද සාකච්චාවේදී සුරිය වැව ක්‍රිඩාංගනයට වියදම් කල මුදල හා එයට දැනට අත්ව ඇති ඉරණම ප්‍රසිදිධියේ විවේචනය කිරීම මෙයට හේතු වී ඇති බැව් මේ වනවිට හෙලිව ඇත.
මේ අතර ක්‍රීඩා පනතේ අලුත් සොoශෝධනයේ 13 වැනි වගන්තිය යටතේ නඩු පවරා එයට වරදකරු කොට මහින්දානන්ද වසර 3 කට සිරගත කළ යුතු හැකි බව නීතිවේදියෝ පෙන්වා දෙති.
මේ අනුව කාගේ හෝ කොන්ත්‍රාත්තුවකට මැතිවරණයක් හමුවේ කරන ලද බොරුව නිසා පොහොට්ටුවට බලවත් පාඩුවක් සිදු වී ඇතැයි පොහොට්ටුවේ අපේක්ෂකයෝම පවසති.
ක්‍රිඩකයා ලියයි….