වෙනත්

“වර්ජනය හොදින් හෝ නරකින් මැඩපවත්වන්න ග්‍රැන්ටි දොඹකර ආපසු යවන්න වරාය”…… සභාපතිට -ජනාධිපති ගෙන් නියෝග

Spread the love

කොළඹ වරායේ මේ වනවිට නතර කොට ඇති ග්‍රැන්ටි දොඹකර රැගත් නෞකාවට ප්‍රමාදගාස්තු ලෙසට රුපියල්  කෝටි 9 ක මුදලක් අදවෙන විට ගෙවීමට සිදුව ඇත. අද උදෑසන වරාය සභාපති විශ්‍රාමික  හමුදාපති දයාරත්නායක අමතා ජනාධිපති නියෝග කර ඇත්තේ වහාම එම දොඹකර රැගෙන පැමිණි සමාගමටම නැවත ඒවා යවන ලෙසට සාකච්චා කරන ලෙසයි.

මේ වනවිට එම දොඹ්කර ගොඩබෑමට ශ්‍රි ලංකා රජය අපොහොසත් වීමට දිනකට රුපියල් කෝටිය බැගින් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇත.

ගෝඨාභය ජනාධිපති වරයා  නැගෙනහිර ජැටිය ඉන්දියාවට  ලබාදීමට මේ වන විට එකඟතවය පල කොට ඇත.

නැවත එය වෙනස් නොකිරීමට හා රජය මේ වනවිට දැඩි මුල්‍ය හිඟය නිසාම ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් ලබාගේන ඇත. ඒ නිසාම දැනට උද්ගතව ඇති සේවක වර්ජනය හොදින් හෝ නරකින් නිමාකිරීමට වරාය සභාපතිට ගෝඨාභය අද නියෝග කර ඇත.


Spread the love

Leave a Comment

You may also like