මේ වනවිට අඩපනව ඇති කොරෝනා දෙවන් රැල්ලක් ආසියාවට මුළු මනින්ම බලපාන් බවත් එය ආරම්භය ජුලි මුල්සතිය තුල බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පසු ගියදා ලෝකයටම දැඩි අනතුරු දායක තත්වයක් නිකුත් කලෝය.
ඒ පිලිබදව දැනුවත් කල වෛද්‍ය අනිල් ජාසිංහට දැඩි දෝෂාරෝපණයකට මුහුණ දීමට සිදු විය. ඒ ඉදිරි මැතිවරණය නිසා ජනතාව බිය වීමට හා රජයට දැඩි දෝෂාරෝපණයක් එල්ල වීමට ඇති ඉඩ නිසාය. එ විට අනිල් ජාසිංහ තම සේවයෙන් විශ්‍රාම ගැනීමට පවා දැනුම් දුන් නමුත් පසුව ඒය ඉල්ලා අස්කර ගෙන ඇත.
ගෝඨාභය රාජපක්ෂ ප්‍රධාන පිරිසට අවශ්‍යව ඇත්තේ කෙසේ හෝ මැතිවරණය පැවැත්වීමටය. මේ වෙනුවෙන් රුපියල් කෝටි1800ක් වැයවන් බව දැන් දැනුම් දී ඇත . මුලින් රුපියල් කෝටි 1000ක් උවත් පසුව 1800තෙක් වැඩිවී ඇත.
එසේම දින දෙකක් පුරාවට මැතිවරණය් පැවැත්වීමත් නිසා කොරෝනා අවධානම තවත් ඉහල යනවා ඇත. අද වන විට සමාජයෙන් හමුවී ඇති ගනන් 43 ක් වී ඇත. ඒත් රජය මේ සියල්ලම සගවන්නේ ඉදිරි මැතිවරණය අවලංගු වෙනු ඇතැයි සිතාය.
එක්තරා ප්‍රධාන පුවත් පතක මා මිත්‍රයෙක් කියා සිටියේ තම පුවත් පතේ පාලන අධිකාරිය කොරෝනා පිලිබදව කිසිවක් නොලියන ලෙසට දැනුම් දි ඇති බවයි. මේ වනවිට එංගලන්තයේ ලෙස්ටර් ප්‍රාන්තය නැවත වතාවක් ලොක්ඩවුන් කිරීමට සිදුව ඇත්තේ මෙම පැතිරීමත් සමඟය.
ශ්‍රි ලංකාව ,ඉන්දියාව ,මාලදිවයින,චීනය, මැලේසියාව පිලිපීනය, නේපාලය ,පාකිස්තානය යනරටවල් මේ දෙවන් රැල්ල පිලිබදව දැඩි අවධානයෙන් සිටිය යුතුය. ඒත් මේ වනවිට ශ්‍රිලංකීය පාලකයන්වගේ වගක් නොමතිව මැතිවරණය ඉලක්ක කොට ක්‍රියා කිරීම ජනතාවත් කොරෝනා රෝගය අමතක කොට හැසිරීම ඉතාම කණගාටුදායකය.මහව හා පන්නල ප්‍රදේශවලින් මෙම රෝගින් අද හමුවී ඇත.