මැතිවරණ පිලිබදව කතා බහ වගේම මැතිවරණයෙන් පසුව ඇති වු කතා බස් පිලිබදව දීර්ඝ ගවේශණයකින් පසුව මෙවනි මොහොතක රටේ ජනතාව ගේ හා විශේෂයෙන්ම දේශපාලන පක්ෂවල දැඩි අවධානයට මේ කරුණු යොමුකරලීමට මෙය ලිවිය. යුතුයැයි සිතුවේ…….. “අශ්වයා පැන ගියපසු ඉස්තාලය වසා ඇති වැඩක් නොවන නිසාමය.”
2010 වසරේ මැතිවරණය පැවැත්වෙන්නේ මැතිවරණ දෙපාර්තමේතුවේ මැතිවරණ කොමිස මේ දයානනද දිසානායක සමඟය එවකට ( ස්වාධීන මැතිවරණ කොමිසමක් එවකට නොතිබිනි. ) ඒත් ඒ වන විට දැනට සිටින මහින්ද දේශප්‍රියද මැතිවරණ කොමසාරිස් දෙපාර්තමෙන්තුවේම රාජකාරි කල අයෙකි.
දයානන්ද දිසානායක පැහැරගෙන ගොස් එදා 2010 ෆොන්සේකාගේ මැතිවරණ ප්‍රතිඵලය බලහත් කාරයෙන් අරලිය ගහ මන්දිරයේ තබා ගත් බව මෙහිදි සොයා ගැනිනි. ඒත් ආවසානයේ දයානන්ද දිසානායක අද ඇත්තේ ඔස්ට්‍රේලියාවේය. ඔහු ඊට පෙර පටන්ම කිසිවක් නොකිය මුනිවත රැක්කේ ජීවිත ආරක්ෂාව නිසා බව අපි නොදන්නවා නොවේ. 2015 මැතිවරණ්ය පැවැත්වෙන්නේ දැනට සිටින මැතිවරන කොමසාරිස් මහින්දදේශප්‍රිය ගේ අධීක්ෂණය යටතේය.
2010 ඉගනගත්ත පාඩම
2010 ජනාධිපති වරණයේ අමිහිරි අත්දැකීම ඇති මහින්ද දේශ්ප්‍රිය මහින්ද රාජපක්ෂලාගේ හැටි ඔනවටත් වඩා දන්නා පලපුරුදු නිලධාරියෙකි. ඒ නිසාම මහින්ද දේශප්‍රිය රටේ ජනතාව ගේ පරමාධිපත්‍ය ආරකෂාකරනු අටියෙන් 2015 නොගත්ත ක්‍රියාමාරගයක් නැත.
ඒ 2015 ජනාධිපති මැතිවරණයට තුලදි රාජපක්ෂලා ගේ අණ සක යටතේ සියලුම ආයතන රට තුල ක්‍රියාත්මකව ඇති මොහොතකය. ඒ වනවිටත් සාමාන්‍යයෙන් ඡන්ද පොලවල්වල ඒ ඒ ස්ථාන වලින් ප්‍රථිඵල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියාට පැමිනෙන්නේ දුරකතනයෙන්ය . දිස්ත්‍රික් භාර නිලධාරින් ඒවා ගෙන මැතිවර කොමසාරිස්වෙතට කොම්පියුටරයෙන් ඉන්ටර්නෙට් (Internet -online ) හරහා යවනු ඇත.2015 ජනාධිපති මෛත්‍රිපාල විදුලි සංදේශණ නියාමන කොමිෂණ් සභාවේ (Telecommunications Regulatory Commission ) (TRC )සභාපති ලෙසට පත් කලේ මෛත්‍රිට හිතවත්ම හා විශ්වාසම කෙනාය.
මේ ක්‍රියා දාමය ඒ ආකාරයටම රටපුරා සිදුවන සාමාන්‍ය ක්‍රම වේදයයි ඒත් 2015 මීට අමතරව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශ්ප්‍රිය ඊට අමතරව එම ප්‍රථිඵලය තවත් ක්‍රම 03 ක්ට ගෙන්නා ගැනීමට අමතර පියවරවල් ගෙන තිබුණි. ඒ නිසාම රාජපක්ෂලා ගේ 2015 සෙල්ලම් ගේම වැරදුනි ඒවානම්….
1. ඉන්ටනෙට් එක හරහා එවීම
2. දුරකතනයෙන් එවීම
3. ෆැක්ස් මගිනෙවීම
4. ප්‍රතිඵලයේ ඡායාරුපයක් ගෙන වත්සැප් (WhatsApp ) හරහා එවීම මේ ක්‍රම 04 වේ.
2015 මේ ක්‍රම හතරකින් ඡන්ද ප්‍රතිඵලය ලබාගැනීමට රාජපක්ෂලා දැඩි විරෝධයක් දක්වා ඇත. ඒ නිසාම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති විය, එසේ ක්‍රම 04 කට නොගත්තානම් අදටත් මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙසටම සිටිනවා ඇත.
TRC ගේම් ගැහිල්ල
එහි ප්‍රතිඵලය 2020 මැතිවරණයේදී ජනතාවට ලුණු ඇබුල් ඇතුව ලැබුනේ ඒ නිසාය. එසේ නොමතිව ගෝඨා ශ්‍රි ලංකාවේ ” මාතීර් මොහොමඩ් “කෙකෙනෙක් නිසා නොව, ජනතාව දන්නේ නොව සත්‍ය විශ්වාසයයි. දැන් ගෝඨා පැමිණ දෙවන දිනයේම අත්සන් කල පත්වීම TRC සභාපතිකමයි. ඒ ඔසිත සේනානායකයි. දැන් සියල්ලම ඇත්තේ ගෝඨාගේ අතේය දැන් මැතිවරණ කොමිසමට සහතිකයක් ජනතාවට දිය හැකිද…….? එවනි ප්‍රතිඵල වෙනසක් නොවන බවට …?
ඒ වන විටත් රාජපක්ෂලා 100% තමන් දිනන බව කීවේ ජනතාව ගැන විශ්වාසයෙන් නොව තමන්ට විශ්වාස ඇත්තේ හොර මගඩිය ගැනනිසාය. ඒත් 2020 ජනාධිපතිවරණයේදී මැතිවරණ කොමිසම එසේ නොකලේ ඇයි….? 2020 වනවිට රටේ ඇතිව තිබුනේ මැතිවරණ කොමිසම් සභාවකි. ඒ නිසාම ඒය මඟ හැරියාද…?
නොවේසේ නම් මහින්ද – මහින්දට උදව් කරාද මෙය රටේ ජනතාවට ප්‍රශ්ණයක් නොවුනත් අපිට ප්‍රශ්ණයකි. එහිදී සිදුව තිබෙන්නේ 2015 කල දේ 2020 දී නොකල ඒකයි. ඒ 2020 ජනාධිපතිවරණය ගෝඨාභය ජය ගතයුතුයැයි කොමිසම විශ්වාසකල නිසාද….?
69 ලක්ෂක සමස්ථ අගයක් ගත් විට 1977 ජේ.ආර්. ජයවර්ධනටවත් නොලබුන ජනවරමක් ගෝඨාභයට ලැබීමට ගෝඨාභය රටට කර ඇත්තේ සේවායට වඩා අති අතිමහත් විනාශයකි. මහින්ද පවා නොදන්න ගෝඨාභයගේ ජය තහවුරු වුයේ සුබ්‍රමනියම් ස්වාමි ඉන්දියාවේ සිට මැතිවරණයට දින් 04 ක් තිබියදී පැමිණීම නිසා ලැබු උත්තේජනයද….?
ඒ ස්බ්‍රමනියම් ස්වාමි රැගෙන පැමිණි “ඉන්දියානුවා” ගෙන් පසුව ගෝඨාභයලා මොරටුව ප්‍රදේශයේ නිවාස 03ක් කුලියට ගේන පවත්වා ගෙන ගිය ප්‍රදේශයේ ජනාධිපතිවරණ ප්‍රතිඵල විමර්ෂණ මධ්‍යාස්ථානය කුමක්ද…? එය භාරව සිටි මේජර් ජනරාල් සලේ ( දැන් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක රටේ සමස්ථ ආරක්ෂාවම භාරව සිටී ) මැතිවරණ දත්ත රැස්කිරීමේ මුවාවෙන් කල කොම්පියුටර් මගඩියක් යැයිකවුරු විශ්වාස නොකලත්, නොකිවත් මා ඒ වෙනුවෙන් මැරෙන තුරුම පෙනිසිටිමි.
“සත්‍ය ” මැරීමට ජනතාවිමුක්ති පෙරමුණ දේශපාලනිකව මරා දැමීම.
ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනිකව මරාදැමීමේ අවශ්‍ය තාවය ඇත්තේ රාජපක්ෂලාට පමනක් නොවේ සුනිල් හදුන් නෙත්තිලා ,අනුර දිසානායකලා රටට සෙතක් වුවත් ජනතා සල්ලි යටිමඩි ගහවුන්ට මහා හිසේ රදයකි. ඒ කෝප් එකෙන් හදුන් නිත්තිගෙන් ගැලවී යාමටත් වේදිකාවේ අනුර ගෙන් ,ගැලවීමත් රාජපක්ෂලාට විතරක් නොව දුෂිතයන් සියල්ලටම කිසිසේත් ඉඩනොලබීම කරුමයකි.
ඒනිසම ජේ.වී.පී. එක දේශපාලනිකව මරාදැමිය යුතුමය. ඊට හොදම උදාහරණය රටේ සල්ලි කෝටි ගනන් හොරාකපු හොරා ඇවන්ගාඩ් වෙනුවෙන් පෙනිසිටින පක්ෂ විපක්ෂ සිටියත් අනුර දිසානායක වෙනුවෙන් පෙනි සිටීමට රවීලා ,සජිත්ලා ඇත්තේම නැත. මේ තාක්ම රාජපක්ෂලා බලයට එන්නේ දිනනේ ජනතා ඡන්දයෙන්ම නොවේ. ඒ බව පක්ෂ, විපක්ෂ දේශපාලකයන් තේරුම් නොගන්න තාක්ම රාජපක්ෂලා ගේ තවත් හත්මුතු පරම්පරාවක්ම ශ්‍රි ලංකාව පාලනය කරනවා ඇත.
දැන් ඇත්තේ මැතිවරණ කොමිසමට මේ පිලිබදව විවෘත පැහැදිලි කිරීමක් කිරීමට අවස්ථාවය. එසේ නොවේ නම් මැතිවරණ කොමිසම සිදුකරන්නේ ජනතාව ගේ පරමාධිපත්‍ය එකතු කොට දුෂිතයන්ට තෑගි දීමකි.
දැන් තවත් මසකින් ඡන්දය පැවැත්වේ එවනි වාතාවරණයක්දි ජනතාවට ඇති ප්‍රශ්ණය තමා අකමැති වුන්ට ජනතාව ඡන්දය නුදුන්නත් තම නායක්යාට ඔනි උන්ව නායකයා පාර්ලිමේන්තුවට රැගෙන යාමේ හැකියාවක් මින් ඇතිව තිබීමයි.මේ නිසාම දැන් ඇති ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව ජනතාවට සහතිකයක් දිය යුතුයි තමා ගේ ඡන්ද ආරක්ෂිතව ඒ ඒ පක්ෂ වලට හා පුද්ගලයන්ට ලැබෙන බව ඉහත ක්‍රම වලින් සහතිකවම ආරක්ෂාකරන බවට එසේ සහතිකයක් ඒ ඒ පක්ෂවලට ලබාදිය යුතුය.
එසේ නොවනතාක් කල් රටේ දුෂිතයන් සමඟම කොමිෂන් සභාවත් නිදිවදිනවා ඇත.
ජනතාව ගේ පරමාධිපත්‍ය වසර 72 ක් පුරාවටම පාහරයන් හොරා කෑවා මිස කිසිදාක සත්‍ය ලෙසම ජනතාව ගේ ඡන්දය තුලින්ම පාලකයන්, තෝරා නොගත් බව දැන් දැන් සහතිකවම අපට කිව හැකිය .
මේනිසාම දැන් ජනතාව ඡන්දය දී නිදා ගත හොත් 39% ගත් පක්ෂ 20% ටත් 3% ගත්ඒවා 2% ටත් දමා රාජපක්ෂලා ගේමක් ගහනවා සහතිකය.
ඊට වැට කඩුලු බැදීම දැන් වහාම ගත් සහතිකය කලයුතුය. දැන් සියල්ලම ඇත්තේ රාජපක්ෂලා ගේ අතේය. මෙන්න මේ නිසාම 2/3 දැන් සහතිකවම තමන් ගන්න බවත්එ JVP 2% දක්වා පහල යනබවත් කැට තබා කියන්නේම ඒනිසාය.මේ CRT හරහා රාජපක්ෂලා දමන සෙල්ලන් නතර කලොත් ජනතාව පයින් ගසා රාජපක්ෂලා ඒලවා දමනවා ඇත.
එය එසේ නොවේ කියා සිතන පක්ෂ සියල්ලම මේ රටේ ජනතාව ගේ කාලය ,ශ්‍රමය ,ධනය කාදැමීමක් කරනු ඇත .එසේ නොකොට ඉදිරියට පැමිණ මැතිවරණ කොමසාරිස්වරයා ගෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් ගතයුතුය. ඡන්දය දී හුල්ල හුල්ලා සිටීමින් ඇති ඵලක් නැත.
අජිත්..