වෙනත්

පොලිස්පති පුටුවට කෙලහලන පොලිස් ලොක්කෝ…….. !!

Spread the love

මීට වසර ගණනකට පෙර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සමයේ පොලිස්පති පුටුවට තරගයක් දීම සදහා පූජිත් ජයසුන්දර ෆේස් බුකියේ දිනපතා ෂෝ දැමූ ආකාරයටම දැන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ද රගපාන්නටත් ෂෝ දමන්නටත් පටන් ගෙන ඇත.
වත්මනේ බස්නාහිර පළාත භාරව සිටිමින් දිනපතා කරන දේ පමණක් නොව අතීතයේ කළ කී දේ පවා පින්තූර සහිතව අප්ලෝඩ් කරනු පෙනේ.
මීළග පොලිස්පති බවට පත් වීමේ සිහිනයෙන් රාජපක්ෂලාට හිරිකිතයකින් තොරව කඩේ යන දේශබන්දු තම ෆේස් බුකිය නඩත්තු කිරීම සදහාම සහකාර පොලිස් අධිකාරිවරයකු පත් කොට ඇතැයිද වාර්තා වේ.
මේ අතර පසුගියදා තම බලතල වලට එහා යමින් කොළඹ ලීසිo සමාගම් නිලධාරින් කැදවා ඔවුන්ට තග දමා තිබේ.
පොලිස්පති වීමට කලින් බුකියේ රග පෑ පූජිත් අද දකින්නවත් නැත.
මේ වන විට බුකියේ වීරයා වී ඇත්තේ දේශබන්දුය.
පුජිත හිරේ ගියේ ඇත්තටම බොරුවටය, හිරේ යායුතුව තිබුනේ මෛත්‍රිපාලය ඒත් මෛත්‍රි ගේ විධායක බලය ළඟ පුජිත අසරණ විය. ඒත් ඇත්තටම මේ වෙන කොට හිරේ ඉන්න ඔනි දේශබන්දු තෙන්නකෝන්ය, ඒ එදාභාරත ගේ වෙඩිතැබීම වෙන කොට දේශබන්දු කලේ පොලිස් අධිකාරිගේ වැඩේ නොව රාජපක්ෂලා ගේ පාතාලේ වැඩය .
දේශබන්දුට ගෝඨාභය සලකන්නේ එදා දුම්න්ද ගේ දුරකතනය තිබුණ  PR එක ගන්න ගෝඨා එක්ක  C.C.D එකට ගියේ දේශබන්දුය ඒ කෙලෙහි ගුණය රාජපක්ෂලා තවම දේශබන්දුට තියෙනවාය. ඒත් දැන් ප්‍රශ්ණය දේශබන්දුට පොලිසිය භාරදී පොලිස්පති කොලහොත් පොලිසියත් මැදමාලනත් අතර වෙනසට ඇත්තේ පොලිසිය නිලඇදුමක් ඇදීමම විතරය.
ඒ නිසාම ගෝඨාභය ගේ හිතේ අඹමල් රේණුවක් වත් රටේ නිතිය සාධාරණව කිරීමට ඇත්නම් දේශ බන්දු තෙන්නකෝනට පොලිස්පති කම නොදිය යුතුය. එත්  ඒක කීමට තාම කල් වැඩිය.
දැන් මේ ෆේස්බුක් තරඟය බලබලා ඉමු ……..හෙට අනිද්දා මොහු පොලිස්පති හීනය වෙනුවෙන් තව මොනවා කරනු ඇද්දැයි ජනතාව සෝදිසියෙන් සිටී.

Spread the love

Leave a Comment

You may also like