වෙනත්

හදිසියේම කර්නල්වරුන් 33 දෙනෙකු අවිධිමත් ලෙසට ගෝඨාබය ගේ නියෝගයෙන් බ්‍රිගේඩියර් නිලයට…..මෙය භයානක පෙර නිමිත්තක්…?

Spread the love

එදා මෙදා කාලය තුල ඉතාම අවාසනාවන්ත ආකාරයට ශ්‍රි ලංකා යුධ හමුදාව දැඩි ගෝඨා වාදයකට යොමුකර ඇති බව අපවෙත් අදහස් දැක් වු බ්‍රිගේඩියර්වරයකු කියා සිටියේය . මෙය තමා ගේ නිලයට වඩා තමා දකින්නේ සමස්ථ හමුදාවම විශාල බිදවැටීමක පෙර නිමිති පහල වෙන බවයි .

ඔහු වසරගනනාවක් හමුදාවේ සිටියත් මේ ආකාරයේ විනය විරෝධි හා දුෂණ, අයහපත් කල්ක්‍රියාවලට සම්බන්ද වු ලිපි ගොනු විවෘත් වු කිසිදු නිලධාරියෙක් වෙනුවෙන් ආරක්ෂක ලේකම් පුද්ගලිකව හා ජනාධිපති ගේ හිතවතුන් කිසි කලකත් මැදිහත්ව උසස් වීම දීමට කතා නොකල බවයි.

ඒත් ඒ සම්ප්‍රධායන් බල්ලට දමමින් ආරක්ෂක ලේකම් එවන ලද නම් හා ඊට අයත් නොවු නම් නැවත ඇතුල් කොට 33 දෙනෙකු බ්‍රිගේඩියර් තනතුරට උසස් කොට ඇත.

මෙය කිසි සේත් යුධ හමුදාව තුල නොවිය යුතු දෙයක් බවත් මෙයින් රටේ ජනතාව ගේ  ජීවිත වලටත් යම් ආකාරයක බලපෑමක් එක්වෙන් බවත් අද වනවිට යුධ හමුදාවේ වටිනා යැයි කියන අශයන් ගනනාවක් විනාශ වෙමින් යන බව ඔහු පැවසීය .

 ඊට හමුදාපති හා ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්නලා වගකිව යුතු බවත් මෙහි දී පැහැදිලිවම සටහන් කල යුතුය.


Spread the love

Leave a Comment

You may also like