උණුසුම් පුවත් දේශපාලන

” අලිමංකඩදි අපි එකවර 2000 ක් 3000ක් හමුදාව මැරුවා කිලිනොච්චියේම කීයක් අපි මැරුවද…?ඔව් කොරෝනාවට වඩා මම භයානකයි තමයි – කරුණා අම්මන්

Spread the love

” කාරතිව් සභාපති කියලා තියෙනවා කොරෝනාවට වඩා කරුණා අම්මාන් භයානක බව ඔව් ඒක ඇත්ත කොරෝනාවෙන් මැරුණේ 09 දෙනායි. ඒත් අපි අලිමංකඩ දි එකරැයින් 2000ක් 3000ක් හමුදාව එකවැරම මැරුව…… ඒ විතරක්ද කිලිනොච්චියේදී තවත් 1000 කට වඩා අපි හමුදාවේ උන්ව මැරුවා “

ඒ නිසා සභාපති කියන දේ ඇත්තයි කොරෝනාවට වඩා අපි භයානකයි තමයි. මම ගැන දන්න නිසාම තමා මහින්දරාජපක්ෂ මට කතාකරලා කිවේ.

“අම්මාන් ඔයා ජාතික ලැයිස්තුවෙන් එන්න ඇයි මහන්සි වෙන්නේ කියලා ඒත් මම කිවා දැන් අවස්ථා 02 ක්ම මම අවනේ දැන් මට එන්න ඔනි ජනතාව ගේ ඡන්දයෙන්ම කියලා  ” යනුවෙන් අද අම්පාර නගලම් ප්‍රදේශයේදි පැවති ජනහමුවකදි එසේ වැඩිදුරටත් කියාසිටියේය.

කතෘ සටහන

එදා 1990 ජුනි 11වන දින පොලිස් නිලධාරි 600 ක් මැරීම හා තවත්  මිනිමැරුම් ගනනාවක් පිලිබදව වගකිව යුතු ප්‍රධාන පුද්ගලාය විනයාග මුර්ති මුරලිදරන් නොගොත් කරුණා අම්මාන්ය ඒ බවට පුද්ගලිකවම සෑම රජයක්ටම පොලිස්පතිවරුන්ට කොතෙකුත් දැනුම් දී ඇතත් මෙවනි මිනිමරුවන් ගේ ඡන්ද නිසාම ඒ සියල්ලම යට ගසා ඇත.

මෙම ප්‍රකාශය රටේ ජනතාව  ගේ ජීවිත පිලිබදව හා රටේ ආරක්ෂක හමුදාවන් ගේ ජීවිත පිලිබදව ඉදිරියේ දී දැඩි අනතුරුදායකය. වහාම මොහු අත්වඩංගුවට ගෙන පරික්ෂණ කල යුතුය ඊට ලිඛිත්, හා වාච්ක ,ඇසු දුටු සාක්ෂි, දීමට පුද්ගලිකවම කටයුතු කිරීමට හැකි බවද පොලිස්පතිවරයාට දැනුම් දෙන අතරම මෙවනි මිනිමරුවෙකු රටේ සේනාධිනායක වු ජනාධිපති ගේ ජිවිතයටද බරපතල තරජන්යක් බව ද මාගේ හැගීමයි.

අජිත්…


Spread the love

Leave a Comment

You may also like