මීට පෙර අවස්ථා ගනනාව කදීම් අ අපි පොලිස්පතිවරයාට හාරජයට දිගින් දිගටම කියා සිටියේ රටේ කුඩු නතරකිරීමට අවශ්‍ය නම් වහාම පොලිස් නාකොටික් අංශය වසා දමන ලෙසයි .
ඒ අදවෙන විට කුඩු වැටලීම් වලට යන පුද්ගලයන් විසින්ම අල්ලන කුඩු නැවත වෙලද පොලට ගේන ලස්සන ක්‍රියාව හෙලිව ඇති නිසාය. කලක් මේ ආකාරයටම පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍ය්‍යයංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා ,කුටප්‍රකාර රංගජීවලා ,ලංකාවේ කුඩු වෙලදාම කරමින් අල්ලන කුඩු විකුනමින් කෝටි පති ව්‍යාපාරිකයන් වී ඇති බව ඔවුන් සත් ,කුලියට ,බදු දී ඇති හා පොලිස් නිලධාරින් ජීවත් වෙන් සමාජ තත්වය අනුව ඉතාම ලෙහෙසියෙන් සොයා උන්ව එලවා දමා මේ උත්තරීතර දෙපාර්තමේතුව රැකගැනීම වෙනුවට පොලිස්පතිවරු උන්ටම සුදුහුණු ගාන ඉතාම අවාසනාවන්තම තත්වයක් ඇත.
තොරතුරක් අනුව කරන ලද වටලීමකදී මීට දින කීපයකට ඉහතදී මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පොලිසිය අංක SP KU-4895දරණ රථය සමඟ ටයිල් චමින්ද නැමති සැකකරුවෙකු අත්වඩංගුවට ගෙන ඇත.
එහිදී මත් ද්‍රව්‍ය හා සැකකරු ගේ දුරකථනයද පොලිසිය භාරයට පත් විය පසුව මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා පොලිසියේ ඉහල නිල්ධාරියෙකු ගේහෝ දේශපාලකයකුගේ උපදෙස් අනුව සැකකරු භාරව තිබු දුරකතනයේ ඇති ඉතාම වටිනා තොරතුරු මකා දමා ඇති බවට අප වෙත් ඉතාම විශ්වාස බුද්ධි තොරතුරු ලැබී ඇත.
මිනුවන්ගොඩ පොලිසියෙන් ලද දුරකථන පණිවුඩයකට ගොස් ඇති පොලිස් නාකොටික් අංශයේ ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් කුමාර පසුව විමර්ෂණ යේදී තවත් කුඩුකිලෝ 06 ක් සමඟ අංක WP PS -9099 දරණ ටොයටා කැබ් රථයද අත්වඩංගුවට පත් විය
පසුව මෙම සැකකරු වු ටයිල් චමින්ද පිලිබදවවැඩි දුර විමර්ෂණයේදී හෙලිව ඇත්තේ හෙරෝයින් විකිණීමට ගෙනත් දී ඇත්තේ දැනට පොලිස් නාකොටික් අංශයේ සිටින උප පොලිස් පරික්ෂක උදාර චතුරංග නැමති අය බවයි. මෙම සැකකරුට කිලෝ 20 වඩා උප පොලිස් පරික්ෂක උදාර ගෙන විත් දී ඇති නමුත් දැන්පොලිසිය ඒ සියල්ලම යට ගසා සැකකරු රිමාන්ඩ් කිරීමට සුදානම්ව ඇත.
මේ පිලිබදව වැඩිදුර විමර්ෂණයේදි හෙලිවී ඇත්තේ පසු ගිය දිනක කරණ ලද වැටලීමේ ඉදිරිපත් කර තිබු කිලෝ 225 ට අමතරව ඔවුන් විසින් කුඩු මුදලාලිට ද කොටසක් දී ඇති බවයි. පොලිස් පරික්ෂක සමන් නැමති නිලධාරිය හා උදාර චතුරංග එම කිලෝ 225 වැටලීම කොට ඇත.
පසු ගිය රජය සමයේ මෙම නිලධාරින්ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති සම්මානයෙන් ද පිදීමට ක්‍රියා කොට ඇත්තේ ද මෙවනි කාලකන්නි නිලධාරින්ටය වහාම මේ පිලිබදව අපරාධ පරික්ෂණ් දෙපාර්තමේතුව ලවා විමර්ෂණයක් කලයුතුය. ඒ පොලිස්පති හා ආරක්ෂඛ් ලේකම් ගේ වගකීමය.
මේ සියල්ලම පිටු පස සිටින පොලිස් නිල්ධාරින් තරාතිරම නොබලා වහාම අත්වඩංගුවට ගතයුතුය, ඒරටේ අනාගතය වු දරු පරම්පරාවම විනාශ වෙනවා අපිට බලා සිටිය නොහැකි නිසාත් උත්තරීතර පොලිස් දෙපාර්තමේතුව තුලට පැමිණි මෙවන බල්ලන් එලවාදැමීමත් වහාම කල යුතුය.
ආරක්ෂක ලේකම් ගේ කයුවාරුව හා සලේ ගේ බුද්ධිය දැන් ඇත්තේ වැසිකිලි වලේය වහාම මේ නිලධාරින් ගත යුතුය, මිනුවන් ගොඩ පොලිස් ස්ථානාධිපතිට දුරකතන දත්ත විනාශ කිරීමට කී දේශපාලකයා මේ කුඩු මාෆියාවේ සිටින්නෙකු විය යුතුය. කමල් ගුණරත්න ආරක්ෂක ලේකම්ගේ කයුවාරුවට අපි අභියොග කරන්නේ ජනතාව ගේ පුවත් පතක් ලෙසට වහාම මේ උපපොලිස් පරික්ෂක් උදාර හා කුඩු දේශපාලකයන් හෝ ඊට සම්බන්ද උන් අත්වඩංගුවට ගන්න ලෙසයි.
එසේ නැතිව කුඩු ග්‍රෑම් එකක් ගන්න අයට 54 වගන්තියෙන් වෙලදාමට දමන අංක බලා ඔබ සතුටු වෙන ආරක්ෂක් ලේකම් කෙනෙක් නොවිය යුතුයි.