පසු ගිය කාලවකවානුවේ සමස්ත ජනතාවටම තොරතුරු දැන ගැනීමේ අයිතිය පසුගිය රජය විසින් නිර්මාණය කර දීමත් සමගම රට වැසියාගෙන් සාතිෂය බහුතරය එය නිසි ලෙස භාවිතා නොකලද සමස්ත ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති කැදවුම් කරු අසේල සම්පත් මහතා එය ඉතා මැනවින් සමස්ත රටවැසියන් ගේ යහපත වෙනුවෙන් භාවිතා කල අයෙකි.
ඔහු දිගින් දිගටම ජනතා අයිතීන් වෙනුවෙන් දේශපාලකන්ගේ භූමිකාවට එහා ගිය ඉතා වටිනා කාර්යක් සිදු කරමින් සිටි අතර සැබවින්ම සිවිල් ක්‍රියාකාරිකයකු ලෙස ඔහු තම පුරවැසි යුතුකම් උපරිමයෙන් ඉටුකරන පුද්ගලයකු ලෙස අපට වත්මන් සමාජයේ ඔහුව හදුනා ගත හැක.
පසුගිය දිනක සුනිල් ජයවර්ධන නම් සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගේ කෲර ඝාතනයෙන් පසු ඔහුගේ ආදරණිය සටන් සගයාගේ ඝාතනය වෙනුවෙන් තම හඩ අවදි කිරීම වෙනුවෙන් අද වන විට ඔහුට අත් වී ඇත්තේ ඔහුගේ ජීවිතයෙන්ද වන්දි ගෙවීමට තරම් අනුවේදනීය තත්වයකි
ලංකාදවස පුවත් පතේ අප හා ඔහු ඉතා කණගාටුවෙන් ප්‍රකාශ කරණ ලද්දේ තමා මරණයට කිසිසේත්ම බිය නොමැති බවත් ඔහුට දරුවන් සිව් දෙනෙකු සිටිනබවත්.එමෙන්ම තමා හඩක් නැගුවේ පීඩිත පංතියේ සාමාන්‍යය වැසියා වෙනුවෙන් බවත් එහෙත් ජනතාව තවමත් මරනින්දක පසුවෙන බවත්ය.
” මල්ලී මම මේ කතා කරන අවසාන වතාව වෙන්න පුළුවන්… මට තිලංග සුමතිපාල මේ දැන් තර්ජනය කලා….මම බය නෑ මට දරුවො ඉන්නව…
මම සමාජ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් ඒත් මමත් තාත්ත කෙනෙක්…මට මගේ දරුවො ගැන බයයි..මම සටන අතහරින්නෙ නෑ සුනිල්ට වෙච්ච දේ මුං මට කරනවා….
ඉතා ආවේගයෙන් මෙන් නිර්භයව කනස්සල්ලෙන් ඔහු ප්‍රකාශ කලහ..
ජාතික ආරක්ෂාව සලසන්න ආ ගෝඨාභය ජනපතිගෙන් ඇසිය යුත්තේ තම පක්ශයේ ප්‍රභලයන් මෙසේ තර්ජනය කරද්දී ජනතාව ආරක්ෂාව කරනවා කියා දිවුරා පොරොන්දු දුන් ඔබ අස්සයා පැන ගිය පසු ඉස්තාල වැසීමට සැරෙසෙන්නේ ඔබේ රජයේ දුර්වලතා පෙන්වන සමාජ සිවිල් ක්‍රියාකාරීන් නිහඩ කරනට අනුබල දීමක් ලෙසද……………?
සමස්ථ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ලංකාදවස අපි අසේල සම්පත් ට තර්ජනය කල අය වෙනුවෙන් ඔබේ අවධානය කෙසේදැයි විපරමෙන්…..
සුමුදු මද්දුමආරච්චි
මිලානෝ