මේ වනවිට රටපුරාම ෆිනෑස් සමාගම් හා විවිධ නම්වලිං ලීසින් සමාගම් ඇති අතර ඒවා සංඛ්‍යාත්මකව කීයද කීමටවත් බැරි තරමට කුඩා කුඩා ආයතනයි. ඒත් ඒ සියල්ලම මහබැංකුව තුල ලියාපදිංචි වී නැහැ.
ඒත් එවනි ලියාපදිංචියක් ඇති ඒවා හා ලියාපදිංච් නැති ඒවා පිලිබදව නියාමනයක් කිරීමට අපිට අයිතියක් නෑ. නිතියානුකුල බලයකුත් අපිට නෑ.
ජනතාව ඒවා දැනගත යුතුයි. මහබැංකුව ක්‍රියාකරන්නේ ඊට අදාල පනතින් ලබාදී ඇති බලතල අනුවයි මේ නිසා අපිට එවනි සමාජ යේ ඇති ෆිනෑස් හෝ ලිසිං සමාගම් වසාදැමීමට හැකියාවක් නෑ.යනුවෙන් මහබැංකු අධිපති. මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මණ් මහතා කියා සිටියි.
කතෘ සටහන ;
මහබැංකුවක් තුලින් ජනතාවට එවනි සේවාවක නොවනවානම් රටක් තුල ඕනෑම නිතිවිරෝධි බැංකුවක් පවත්වා ගෙන යාමේ හැකියාවක් ඇත. මෙය රටේ ජනතාවට ඔවුන් ගේ ජීවිත හා දේපල පිලිබදව දැඩි අනතුරකි. මේ නිසා රජය වහාම මහබැංකුවවේ ව්‍යවස්ථාපිත පනත සංශෝධනය කොට ඊට අදාල බලතල ලබාදී රටේ ජන්තාව ගේ මුදල් හා දේපල ආරක්ෂාකර දිය යුතුය.