ඊයේ වෙඩි වැදීමෙන් (සියදිවි නසාගැනීමක් නොවන බව අප ගේ මතයයි. )මිය ගිය රජිව්ජයවීර ගේ සියදිවි නසා ගැනීමක් යන්න වඩාත් තහවුරු කිරීමට තිබු එක් ප්‍රධානතම සාක්ෂිය මරණ පරික්ෂණයට පැමිණි මහෙස්ත්‍රාත්වරයාට දීමට පෙර එම ලිපිය පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනානායක අතට ලබාදීම පොලිසිය සිදුකල බලවත් වරදකි.
අපරාධ ස්ථානක හා ඊට අදාල මරණකරු සතු සියලුභාණ්ඩ පොලිස් මුදාව තබා නඩු භාණ්ඩ කුවිතාන්සි වල ඇතුලත් කොට එය මහේස්ත්‍රාත්වරයාට පෙන්නා සටහන් කරවා නොගෙන වහාම රටේ ජනතාවට ලිපිය පෙන්නා….”මේ තියෙන්නේ ඒ පිටු දෙකක් පුරාවට ලියු ලිපියයි ….” කීම රටේ අධිකරණය ගැන මහජනතාවට විශාල සැකයක් ඉපදවීමකි.
අනෙක් පසින් මරණකරු ගේ අත් අකුරෙන් මේ ලිපිය නොලියා තිබෙන නිසා මෙම රජිව් ජයවීර ගේ සියළු දේපල ජේ.නි.පොලිස්පති හෝ පොලිස් මාධ්‍ය ප්‍රකාශ ගේ නම් ඇතුල් කර ගන්න ලද ලිපියක් අධිකරණයට දීමට බැරිත් නැත. මෙවනි දේවල් නොවෙනවාමත් නොවන නිසා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඒ ලිපිය ලද සැනින් සමාජ ගත කලේ මරණ කරු ගේ මිය යාම රට තුල මිනිමැරුමක් නොවන බවට ඒත්තු ගැන්වීමටය.
ඒ තරම්ම පොලිසියට ඇති හදිස්සියත් අපරාධකරු වසන් කිරීමට දරණ ව්‍යාජ උත්සහායකි. දැන් රජිව් ජයවීර මියයාම චෝදනාව එල්ල වන්නේම රාජපක්ෂලාටය එසේ නම් දැන් ජනාධිපති කලයුත්තේ වහාම අපරාධපරික්ෂණ දෙපාර්තමේතුවට භාර කොට තමාට ආදරය කල තම හිතවතා ගේ මියයාම පිලිබදව පරික්ෂණයක් කිරීමය.
අපරාධපරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ගෝඨාභය රාජපක්ෂලා ගේම අයෙකු වුවත් බොහෝ නිලධාරින් තවමත් අවංකවම රාජකාරිය සිදු කරන බවට අප තුල ඇති විශ්වාසයයි. රටේ රාජපක්ෂලාට එරෙහිව ඇති මතය වෙනස් කිරීමටද එය මහත් හේතුවක් වෙන බව ජනතා පුවත් පතක් ලෙසට අප ගේ මතයයි.
මේ මරණ කරු ගේ මරණය තවම විමර්ෂණ අවදියේ තිබියදී පොලිසිය කුමණ හෝ ප්‍රභල බලවතෙකු ගේ වුවමනාවට මේ ආකාරයට ක්‍රියාකරණ බව යුක්ති සහගත ජනතාව ගේ දැඩි විශ්වාසයයි.
එසේම රටේ ඇදිරි නිතිය තිබියදී පිස්තෝලයක් බෙල්ලේ එල්ලා ගෙන මහරගම සිට පාගමනින් නිදහස් චතුරශ්‍රයට එනවා නම් රටේ ආරක්ෂක ලේකම් වහාම ඉල්ලා අස්විය යුතුය. ඒ රටේ අවි ආයුධ රැගෙන සැරිසැරීමට හැකි නිසාවේනි.