උණුසුම් පුවත්

පොලිසියේ තෝරාගත් පුද්ගලයන්ට නිතිවිරෝධි ලෙසට උසස්වීම දෙන ජනාධිපති ගේ යටි අරමුණ ආණ්ඩුවට එරෙහි වන්නන් මෙල්ල කිරීමද……..?

Spread the love

මේ වනවිට සමස්ථ පොලිස් දෙපාර්තුවම දේශපාලනය නැමති බුවල්ලා ගේ ග්‍රහණයට නතු කර ගෙන ඇතත් ඊට එරෙහිව කිසිවෙක් හඩ නොනගන්නේ තමාට ලැබෙන පුද්ගලික ලාභ ප්‍රයෝජන නිසාය.

ඒනිසාම පොලිසිය තුල ඒ ඒ නිලයන්ට සාපේක්ෂකව ඊළඟ නිලයේදී ඇතිවිය යුතු උසස්වීම් අසීමිතව වැඩි කොට ඇත. මෙයින් සිදුවන්නේ කොස්තාපල් නිලයේ පටන්ම තවත් වසර 10-15 යන්තුරු කිසිවෙකුටත් උසස් වීම ලැබීම සිහිනයකි.

කල්කට පෙරදි පොලිස් දෙපාර්තමේතුව නිත්‍ය හා උප සේවා ලෙසට කොටස් දෙකකට වෙන්ව තිබුණි. මහින්දරාජපක්ෂ ජනාධිපති සිටි යුගයේ උප සේවාවත් නිත්‍ය සේවාවටම අන්තර්ග්‍රහණය සිදු විය. එයින් ඇරබි විනාශය තව තවත් උත්සන්න වුයේ මෙම උසස්වීම් සමගය. උසස්වීම දිය යුතු කිසිදු ක්‍රියා පටිපාටියක් අනුගමනය නොකරන ගෝඨාභය රජපක්ෂ දැන් ඒවා දෙනු ලබන්නේ කිසිවිටකත් පොලිසියේ තබා රාජ්‍ය සේවාවේවත් තබා නොගත යුතු මිනිමරුවන් ,ස්ත්‍රි දුෂකයන් හා නිතිවිරෝධි දේවල් සිදුකරන ස්ථාන වලින් කප්පන් ගෙන අසු වු නින්දිතයන්ටය මෙය රාජපක්ෂලා ගේ  69 ලක්ෂයක් වු මෝඩ ජනතාව සිතු සිස්ටම් චේන්ජ් එක දැයි අපි නොදනිමු. ඒත් දැන් සිදුව ඇත්තේ එයයි.

රාජපක්ෂලා ගේ හෙන්ච්යියලාට දී ඇති උසස්වීම් පොලිස් සංහතියම විනාශ කොට ඇත. ඒ මෙසේය ….

උප පොලිස් පරික්ෂක තන්තුරේ සිට පරික්ෂක තනතුර දක්ව ඇති දියයුතුව තිබු උසස්වීම ගනන් 689 කි. දී ඇති ගනන 1890 කි

පොලිස් පරික්ෂක සිට ප්‍රධාන පරික්ෂක දක්වා දිය යුතුව තිබු ගනන 780 කි. උසස් වීම් දී ඇති ගනන 2456 කි.

ප්‍රධාන පොලිස් පරික්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරි තනතුර දක්වා දිය යුතුව තිබු ගනන 55 කි ගෝඨාභය දුන් ගනන 411 කි.

සහකාර නිලයේ සිට පොලිස් අධිකාරි නිලය දක්වා 32 කි දුන් ගනන 69 කි.

පොලිස් අධිකාරි සිට ජේ. පොලිස් අධිකාරි දක්වා දිය යුතුව තිබු ගනන 09 කි දුන් ගනන 27 කි.

ජේ. පොලිස් අධිකාරි සිට නි.පොලිස්පති දක්වා කිසිම පුරප්පාඩුවක්  නොවීය ඒත් රාජපක්ෂලා ගේ අවශ්‍යතාවය මත 06 දෙනෙකු උසස් කරන ලදි.

මින් නොනවත්නු රාජපක්ෂලා පොලිසිය ට කර ඇති විනාශය භුක්ති විදීමට සිදුවන්නේ රටේ සමස්ථ ජාතියටම පමණක් නොවේ, පොලිස් සේවාවේ සිටින් අයටද එහි ආනිසන්ස බලපන බව සහතිකය.

2006 වසරේදි ප්‍රධාන පොලිස් පරික්ෂක් වු නිලධාරියා ජනාධිපති ගේ විශේෂ නියෝගයක් මත 2003 දක්වා අතීතයට බලපාන ලෙසත් 2013 දි සහකාර පොලිස් අධිකාරි වු ඔහු නැවතත් අතීතයට බලපාන ලෙසට 2013 සිට 2010 /05/09 දක්වා උසස් වීම කොට එක රැයින් ජේ. පොලිස් අධිකාරි නිලය තෙක් උසස් වීම කර ඇත්තේ පොලිසියේ සිටින්නේ මැදමුලන වත්තේ කමකෘවන් රැලක් කියා දැයි අපිට සිතේ.

මේ කිසිවකට කතා නොකරන සී.ඩී.වික්‍රමරත්න නැමති කාලක්න්නි පොලිස්පති ඉතිසාසයට එකතු වන්නේ බාලසුරිය ගේ වාර්තාවන් බිදිමිනි. මෙවන් පොලිසියක් තුලින්ජනතාවට  යුක්තිය ඉටුවෙනු ඇතැයි සිතීම විහිළුවකි.

පොලිසියට අඩුම අධිකරණයකට ගොස් කිසියම් භාණ්ඩයක් රජයේ රස පරික්ෂක වෙතට යැවීමට මුලික සාකෂියක්වත් දී ගැනීමට දැනීමක් නොමති නිසාම මිනිසුන්ට ඇගේ හයියෙන් අපරාධ විසදීමට උත්සහා ගනු ලබන්නේ එවනි නිලධාරින්ය.

මෙවන් පොලිසියකින් මනුෂ්‍ය ගුණ ,ධර්ම හෝ රටේ පවතින නිතිය පිලිබදවවත් අවබෝධයක් නැති කොටසකින් රටේ ජනතාව  ,ආරක්ෂාව, හා නිතියේ සමානත්මතාව ඉල්ලීම පලක් නොවන බව සහතිකය .

ඒත් රාජපක්ෂලා මෙවනි නිතිවිරෝධි ආකාරයට උසස්වීම නොදිය යුතු අයට උසස් වීම දෙන්නේම ඔවුන් ලවා මහජනතාවට තලා  පෙලිය හැකි නිසාමය ඊට ජනතාව දැන් එකව කටයුතු කොට තම මුලික මිනිස් අයිතිවාසිකම් රැක ගත යුතුය.


Spread the love

Leave a Comment

You may also like