අපරාධ ස්ථාන විමර්ෂණය;…………………
කොළඹ නිදහස් චතුරශය ආසන්නයේ ඊයේ (12 ) දින උදෑසන පුද්ගල මළ සිරුරක් හමුවුය. ඒ පිලිබදව පරික්ෂාකල පොලිස් නිලධාරින්ට දැක ගත හැකි වුයේ හිසේ වම් පසට ආසන්නව කණට ඉහලින් වෙඩිවැදිමෙන් ඇති වු තුවාලයකි.
ඒ වෙඩිතැබීම සිදුවු ස්ථානයේම මි.මි. 22 උණ්ඩ යොදන පිස්තෝලයක් ද විය .මරණ කරු ගේ උස අඩි 05′ අඟල් 2 කට ආසන්න ලෙසට ගැනිය හැකිය ,මරණ කරුගේ දකුණු අත නැමී පොලවට තදව ඇති අතරම අතේ අල්ල ඉහලට සිටින සේ සිරුර වැටී ඇත. එසේම දකුණු කකුල දණ හිසින් නැමී වම්කකුල මතට බරවී ඇත. මෙම ස්ථාන පරික්ෂාව සිදු කිරීමේදී මෘත ශරීරය තිබෙන ස්ථානයේ සිට මිටර් 50 ක වට රවුමක් ආකාරයට පරික්ෂාකිරිමේදී දැනට ඇති ඡායාරුප හා එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරින් සමඟ කරුණු සාකච්චා කිරීමේදී අවට භූමියේ පොර බැදීමක් හෝ අඩි සලකුණු කිසිවක් දක්නට නැති බව සහතික විය.
පරික්ෂණය ;…………
විශේෂයෙන්ම මෙම ස්ථනය හා අවට විවිධ රජයේ ගොඩනැගිලි වල ආරක්ෂාවට නිලධාරින් හා පුද්ගලික ආරක්ෂක අංශ දිවා රත්‍රි සේවයේ සිටි. මරණකරු මිය යාමට පෙර අවසන් ලිපියක් ලියා ඇති බවත් එය ඔහු ගේ පුද්ගලික් බෑගයක් තුල ඇති බවත් ඊට ආරක්ෂක් නාමයක් දමා ඇති බවත්මරණකරු විසින් තම සහෝදරයාට යවන ලද දුරකතන කෙටි පණිවුඩයක් ඇති බවද විමර්ෂණ යේදී හෙලිව ඇත.
මේ විමර්ෂණයේදි ඉතාම පැහැදිලි එක් නිගමනයක් කර ඒකරුණ බැහැර කලයුතුය .ඒ ඔහු මානසික රෝගියෙකු හෝ DEMENTIA රෝගියෙකු නොවන් බව සහතිකවම කිව හැකිය.
ඒ ඔහු ඉංග්‍රිසියෙන් ලියා ඇති ලිපිය සම්පුර්ණවමා මාකියවා බැලීමේදි ඔහු ගේ උක්ත,ආඛියාත හා පද ගැලපුම් ඉතාම විශිෂ්ඨය. එපමණක් නොව මානසික ආතතියෙන් පෙලෙන්නෙකුනම් මියයන විට දැනෙන දෙයක් ගැන ස්ථිරවම කිව නොහැකිය.
ඒ නිසාම දැන් විමර්ෂණයේදී විසදාගතයුතු අනෙක් කරුණු පිලිබදව උකුසු ඇස යොමු කලෙමි.මා ඉගෙන ගත් අපරාධ විද්‍යාව හා අපරාධකරුවන් පිලිබදව විමර්ෂණයේදී ලැබු අත්දැකිම් ද අනුව හදිසි කෝපය හා සියදිවි නසාගැනිම් ඉතාම ශනික තීරණයි. ඒත් සියදිවි නසා ගැනීම වලදී තවත් සමහරුන් සැලසුම් සහගත්ව සිදු නොකරනවාම නොවේ.
ඒත් මේ ලෝකේ කිසිම පුද්ගලයෙකු පිස්තෝලයක් ගෙන එක්වරම වෙඩිතබාගන්නේ නිකටට පහතිනි ඒ ඉතාම ලෙහෙසි හා විවෘත ස්ථානයක් නිසාය. කිසිවෙකු තම දකුණු අත කරකවා වම් කණ අසලට හෝ කට තුලට දමාගෙන වෙඩි තබාගෙන ඇති බවක් මා අඩුම විමර්ෂණ පිලිබදව ලිවු පොතකවත් කියවා නැත.
වෙඩි තබාගත් අත හා මරණ කරු වැටි ඇති ආකාරය මුළුමනින්ම ව්‍යාජ එකකි.මෙම මෘතශරීරය ඇති ස්ථානයේ දි වෙඩි තබා ගත්තානම් එම ස්ථානයේ වෙඩි උණ්ඩයක් අංශක 45 ට විහිදී ගියත් ඒ අසල ඇති ගස්වල වැදිය යුතුමය. ඒ මරණකරු ගේ උසහා ගැනීමේදි අඩුම ගස්වල් කොල හෝ වැටි තිබිය යුතුය.
මෙම මරණකරු බිම නිදාගෙන වෙඩි තබා ගත්තාදැයි වැඩිදුරටත් විමර්ෂණය කලහොත් කිසිසේත් මරණකරුට හුරු දකුණු අත පාවිච්චිකල නොහැකිය. මෙම මරණකරු අවසන්වරට සිටි ස්ථානය හා ඔහු පිලිබදව ඉතාම හොදින් දන්නා ඔහු ගේ නිවසේ සිටින තැනැතියව ප්‍රශ්ණ කලයුතුමය.
එසේම මෙම මරණකරු ලියා ඇති ලිපියේද අන්තරගතය ඉතාම පැහැදිලිය මොහු මේ ලිපිය ලිවිමේදි මොහු දැඩි රාජපක්ෂවාදි හා විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය පිලිබදව දැඩි පැහැදීමෙන් සිටි අයෙකු බව ඒ ලිපිය මා කියවිමේදි වඩාත් ඔහු අතිශොක්තියෙන් උලුප්පා දක්වන්නේ රාජපක්ෂ ජනාධිපති වරයාට කොවිඩ් 19 අරමුදලට මුදල් ලක්ෂ 5 ක දෙන බවය. මනෝවිද්‍යාවට අනුව සියදිවි නසාගන්නේ සෙලෙවෙන මනසක් ඇති අයවළුන්ය.
මේ ලිපිය පට්ටපල් බොරුවකි මේ ලිපිය තුලින් අපරාධකරු දැඩි උත්සහායක් ගෙන ඇත්තේ රජයට හා රාජපක්ෂවරුන්ට දිගුවෙන් මහජන ඇඟිලි නැමීමටය. මෙම ලිපිය පුරාවටම මට ඇත්තේ සැකයක් හා බැදීමක් මවාපැමට ගත් ව්‍යාජ උත්සහායකි. අපරාධ ස්ථාන පරික්ෂාවේදි ඇති වු පරික්ෂනවලට අනුව මෙමෙ ස්ථානයේ විසිරී ඇති ලේපැල්ලම කෙසේ වුවත් අපරාධකරුවන්ටම අමතක වු දේ ගිනිඅවිය හැරවී ඇති දිසාව හා ඔහු ගේ අත ඇති දිසාව කිසි සේත් එවැන්නක් විය නොහැකිය.
නිගමනය;………
මෙහිදී මාගේ අපරාධ ස්ථාන පරික්ෂාවට අනුව නිගමනය මෙම අපරාධ ස්ථාන පරික්ෂාවතුලින් පැහැදිලිවම මරණකරු සියදිවි නසා ගෙන නොමති වග සහතිකය.
මා ගේ නිගමනය මෙය මිනිමැරුමක් විය යුතුමය.
ඒත් ඒය තහවුරු කරග්ත හැක්කේ දක්ෂ විමර්ෂකයෙකු ගේ සොයා ගන්න පරවේෂණ සාකෂි මතය. ඒ පරවේෂණ සාක්ෂි වලට ප්‍රධානම් සි.සී.ටි.වී කැමරා හා වෙඩිතැබීමේ හඩ ඇසීම අවට මුරපොලවල් වල රාජකාරි නිරත් නිලධාරින් ගේ ප්‍රකාශ හා මරණ කරු ගේ ජංගම දුරකතනය හා ආවේශණ සමාගමට අදාලව ඔහු අවසන් වරට සිටිය ස්ථානය සොයාගත් හැකිය .සේම පොලිසිය දැන් සෙවිය යුත්තේ මොහු පැමිනි ගමන් මඟය මොහු ගේ සමාජ මට්ටම හා අතේ පිස්තෝලයක් රැගෙන බස් රථයක පැමිණිය හැකිද……? නොවෙසේනම් මොහු ඉගිල ආවනම් පියාපත් තිබිය යුතුය.
ඉතාම වැදගත් සාක්ෂියක් පොලිසිය විනාශකලානම් ඒ වගකීම කුරුදුවත්ත පොලිසියට භාර ගැනීමට සිදුවන අතරම මෙම පුද්ගලයා සුවිශේෂි ආන්දෝලාත්මක චරිතයකි ඒ බව දැන දැනම පොලිසිය අධිකරණ වෛද්‍යවරයා හා රසපරික්ෂක එම සථානයට කැදවීම නොකලේ ඇයි…? රජයේ රසපරික්ෂක් සිටින්නේ සිද්ධිය වු ස්ථානයට යාබදම ගොඩනැගිල්ලකය.
එසේම ඇසරේ ඇගිලි සලකුණු රෙජිස්ටාර් නොකැදුවේ ඇයි….?
මෙම කරුණු සොයා ගත්විට පොලිසියට ඉතාම ඉක්මනින් මේ අපරාධකරු නිතියේ රැහැනට හසුකර ගත් හැකිය .
මාගේ විමර්ෂණය හා පරික්ෂණය කරුණු අනුව “මාගේ නිගමනය මෙය මිනිමැරුමකි.”
ශ්‍රි ලංකාවේ ඇත්තේ අති දක්ෂ පොලිසියකි. ඒ පොලිසිසියට සොයා ගත නොහැක්කක් නොමැත ඒත් රටේ අවාසනාවට පොලිසිය ඇත්තේ දේශපාලකයා ගේ පාවඩයක් වීය මේ නිසාම අද පොලිසිය තුල ඇත්තේ දක්ෂ අපරාධ විමර්ෂකයෝ නොව “අති දක්ෂ දේශපාලන හෙන්චයියලාය.![]()
![]()
![]()