උණුසුම් පුවත්

පොලිස් නිලධාරීන් 600ක් මරා දැමූ කරුණා පිල්ලෙයාන් අද ඉන්නේ ගෝඨාභයගේ තුරුලේ……!!

Spread the love

1990 වසරේ ජුනි මස 11 වන දින නැගෙනහිර ප්‍රදේශයේ 600කට වඩා වැඩි පොලිස් නිලධාරින් එකවරම එකම් මොහොතක මරාදැමුණු අති බිහිසුණු දිනය ගෙවී ඊයේට වසර 30 කි.  ඝාතන විශාල සංඛ්‍යාවක් සිදු කරමින් මුළු  රටක්විනාශ කළ එල්ටීටීඊ ත්‍රස්තවාදි  සන්නද්ධ නායක කරුණා නොහොත් කරුණාඅම්මාන්   සහ පිල්ලයාන්  දෙදෙනා සිදුකළ මිනිස් ඝාතන කියා නිම කළ නොහැකිය.

ඉතාමත්ම අත්දැකීම් ඇති ලියුම්කරු තවත් මැරි මැරී උපදින්නේ එදා ඒ   සිද්ධීන් සිතේ එකිනෙක පෙල ගැසෙන විට  කරුණාඅම්මාන්  නමැති පාපතරයාට එරෙහිව කිසිදු රජයක් එදා සිට අද වෙන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ලංකාවේ මනුෂ්‍යත්වය වෙනුවෙන් තවත් නින්දිතත්වය සහ කෘරත්වය කියා පාන හොඳම සාධකයකි.

සෑම  රජයක්ම පැමිණි අවස්ථාවකදී  මේ සම්බන්ධව ලියුම්කරු පුද්ගලිකවම ද ඒ පිළිබඳව දැනුම් දී ඇති අතරම පසුගිය රාජපක්ෂ සමයේදී මෙම සිද්ධිය පිළිබඳව  විශේෂ කාර්ය බළකායේ අණදෙන   නිලධාරි වශයෙන් සිටි හිටපු පොලිස්පති ඉලංගකෝන් වෙත ද    ලියුම්කරු ලිපියක් මගින් සාක්ෂි සහිතව පෙන්වා දුන් නමුත් එදා මෙදාතුර කිසිවක් කිසිවකු  කරුණා අම්මාන්ට පිල්ලෙයාන්ට එරෙහිව වචනයක්වත් ,කෙළ බිඳක් වත් නොසලා සිටින්නේ උන්ගෙ ඡන්ද ගැන සිතා මිසක් නැති වූ මනුස්ස ජීවිත වලට සාධාරණත්වය සහ යුක්තිය ඉටු කිරීම ගැන අබමල් රේණුවකවත් හැඟීමක් දැකීමක් කිසිදු දේශපාලනඥයකුට ලංකාවේ නොමැති වීම ඉතාමත්ම  අවාසනාවකි.

  600 කට වඩා වැඩි පොලිස් නිලධාරින්ට කිසිදු රජයක් යුක්තිය ඉටු නොකරන විට රටේ මිය ගිය තවත් එකෙකු වෙනුවෙන් එවන් පාලකයන් ගෙන් යුක්තිය ඉල්ලීම විහිළුවකි.

 මියගිය සියලු දෙනාටම යුක්තිය ඉටු කරනවා යැයි පුන පුනා කීවත් අවසානයේ මහින්ද රාජපක්ෂ රජය යුක්තිය වෙනුවට මිනිමරුකරුණා අම්මාන්ට ලබා දුන්නේ ඡන්ද වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික තනතුරය.

පිල්ලයාන්  සිරකරුවෙක් වශයෙන් සිටියදී වැලිකඩ ගොස් සිප වැළඳ ගන්නේ රටේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂය, ගෝඨාභය රාජපක්ෂ සිප ගන්නේ කරුණාවඅම්මාන්ය. එහෙත් මිය ගිය  600ක්  දෙනා ගේ දෙමව්පියන් දරුවන් නෑ හිතවතුන් අද මේවා නොදන්නවා සේ ඡන්දය දෙන්නෙත් උන්ටමය.

යුක්තියක් නොදන්නා වුන්ගෙන් යුක්තියක් අයැදීමත් විහිළුවකි. මියගිය මගේ සහෝදර නිලධාරිවරුනි, මනුෂත්වයක අගය නොදන්නා ඒත් ඡන්දයක අගය දන්නා මෙවනි කාලකන්නි ජාතියක් සිටින රටක් තුල නැවත ආත්මකදීවත් ඔබලාට උප්පත්තියක් නොලබේවායි පතමි. 

මා ඔබ වෙනුවෙන් ජීවතුන් අතර සිටිමින් අද ප්‍රාර්ථනා කරමින් ඔබ සියළුම දෙනාට කිසි දවසක මෙවන් අකල් මරණයක් නැවත ආත්මයකදීවත්  අත් නොවේවායි පතමි. එදා ජිවිතය බේරුනු තවත් නිලධාරියෙක් …….


Spread the love

Leave a Comment

You may also like