උණුසුම් පුවත්

පොලිසියේ කිසිවකුට කොරෝනා ආසාදිත වී නැහැ එය සම්පූර්ණ බොරුවක්……!! -පොලිස් මුලස්ථානය.

Spread the love

දින කිහිපයකට පෙර කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවති පෙරටුගාමී පක්ෂයේ උද්ඝෝෂණය මැඩ පැවැත්වීමෙන් අනතුරුව corona වැළඳී , පොලිස් නිලධාරින් මේ වන විට නිරෝධායන සඳහා යොමු කර ඇතැයි ඊයේ  මාධ්‍ය විසින් ප්‍රචාරය කරනු ලැබ ඇත.

අප මේ පිලිබදව පොලිස් මුලස්ථානයේ සිටින ජේ.නි.පොලිස්පතිවරයෙකු ගෙන් විමසීමේදි ඔහු කියා සිටියේ ……..” මූලික බොරුවක් බවත් කිසිදු පොලිස්කාරයෙකුට මේ වන විට කොරෝනා ආසාදිත වී නැති බවත් පොලිස් නිලධාරියෙක් වත් කිසිදු ස්ථානයක නිරෝධායනයට යොමු කර නොමැති බවයි.

මෙය මුළුමනින්ම ලංකාවේ දෙරණ හිරු ජඩ මාධ්‍ය විසින් මවාපාන ලද්දක් බවත් මෙය අසත්‍ය බවත් ඔහු වැඩිදුරටත් තහවුරු කළේය.  ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවති සාමකාමී උද්ඝෝෂණයකට අධිකරණ නියෝගයක් ගෙන තිබූ අතර නීත්‍යානුකූලව විසඳීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටියදී කොළඹ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අනවශ්‍ය ආකාරයේ නියෝග නිකුත් කරමින් ඒම උද්ගෝශකයන් සමඟ ගැටුමකට පොලිස් නිල්ධාරින් යොමු කිරීම පොලිස්පතිවරයා වහාම පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවයි.

විශේෂයෙන්ම ඊට සහභාගි වු තරුණියක් උස්සා රථයක් තුලට විසිකිරීම පිලිබදව අගමැතිතුමා ගේ හා නාමල් රාජපක්ෂ මංත්‍රි වරයා ගේ දැනුම දීම අනුව දැනට පරික්ෂණයක් සිදු කරන ලෙසට පොලිස්පති වරයා නියෝග කොට ඇති බවයි.

ජේ. නි..පොලිස්පති දේශබන්දු පොලිස්පතිවීමට මාධ්‍ය සංදර්ශණ මැවීම හා මහජනයාට පහර දීම සමස්ථ පොලිස් දෙපාර්තමේතුවම අවමානයට ලක් කිරීමක් බවත් ඔහු අපහා පැවසීය වැඩිදුරටත් අදහස් දැක් වු ඔහු  එතනින් පහරදී පලවා හැරීමට පලවා හැරීම සිදු කිරීම සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව ම ජනතාවගේ දැඩි දෝෂ දර්ශනයට සහ අපහාසයට ලක් වූ බව කනගාටුවට කරුණක් බවත් එම උසස් නිලධාරියා වැඩිදුරටත් අප වෙත කරුණු දක්වමින් කියා සිටියා.

මෙහි සිදුව ඇත්තේ මේ වන විට දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති පුටුවට ඉව අල්ලමින් විවිධාකාරයේ පෙරහරවල් සංවිධානය කරන බවත් ඒ සියල්ලම මාධ්‍ය හරහා සිදුකරන බවත් ඔහුට වඩා උසස් නිලධාරීන්  දෙපාර්තමේන්තුව තුළ සිටින බවත් එම නිලධාරීන්  දේශබන්දු තෙන්නකෝන්ට වඩා විනයානුකූල පොලිස් සේවාවක් සිදුකළ අත්දැකීම් ඇති නිලධාරීන් බවත් , කිසිදු පොලිස් නිලධාරියෙක් ආසාදිත තත්ත්වයට පත්ව නැතැයි ඔහු වැඩිදුරටත් තහවුරු කරන ලදී.

 


Spread the love

Leave a Comment

You may also like