ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදාගත යුතු යැයි පුන පුනා අපි කියා සිටින්නේ මේ වන විට සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම රාජපක්ෂ රෙජමේන්තුව අත කොළුවක් කරගෙන ඇති බව ජනතාවට පසක් වී ඇත.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසු පළවෙනි ස්ථානමාරුවීම ලබා පැමිණෙන්නේ බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති වජිර රත්නායකයි.
මොහු පොලිස් ස්ථානාධිපති වරයෙකු වශයෙන් පැමිණීමට පෙර උප සේවා උප පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් සේවය කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ රජයේ උප සේවා පොලිස් නිලධාරීන්ගේ අන්තර්ග්‍රහනය යෙන් පසු මොහු නිත්‍ය පොලිසිය වෙත බැදීමෙන් අනතුරුව මොහු නිත්‍ය පොලිස් සේවාවට එක්ව ඇත.
එතැන් පටන් නාමල් රාජපක්ෂ ගේ සියලුම අනියම් පෙම්වතියන් ගේ සම්බන්දතාවලට ඒ ඒ කාන්තාවගේ නිවසවලට යාමට හා ඊට අවශ්‍යය සියළුම දේවල් සපයන්නේ බම්බලපිටිය ස්ථානාධිපති වජිර රත්නායකය . නාමල් රාජපක්ෂ තම පෙම්වතිය හමුවීමට බම්බලපිටියට පැමිණ බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිගේ පුද්ගලික රථය රැගෙන යනයයි මේ නිසා බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති වජිර රත්නායක පොලිස්පති අභිබවා ගිය බලයකින් හෙබි තනතුර සහ පුද්ගලයෙකු බවට පත් වන්නේ ඒ අනුවය.
බම්බලපිටිය වනාහි කොළඹ ප්‍රධාන පෙළේ ආර්ථික මරමස්ථානයක ස්ථානයකි. මෙම වජිර රත්නායක නිලධාරියාගේ මාසික ආදායම ලක්ෂ30ක. ආසන්න බව කිව්වොත් ඔබ පුදුම වෙනවා ඇත. සෑම නීතිවිරෝධී කටයුත්තකින් ම ඔහුට මසකට ලක්ෂය බැගින් සහ රුපියල් 50,000 දාහ බැගින් බැගින් ගෙන දීමට වෙනම නිලධාරීන් තිදෙනෙක් පොලිස් ස්ථානයේ සිටින අතර එම නිලධාරීන්ගේ නම් පවාහමුදා බුද්ධි අංශ සතුව ඇත.
වජිර රත්නායකට කප්පම් මුදල් ගෙවන ස්ථාන සහ ඒවා තහවුරු කරගත් සියල්ලම හමුදා බුද්ධි අංශ ලබා ගෙන ඇත. වජිර රත්නායකගේ සියලු කටයුතුවල පිටිපස්සෙන් සිටියේ නාමල් රාජපක්ෂය.
ගෝඨාභය රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ අතර ද්වන්ද ගැටුමේ ප්‍රතිඵලය වශයෙන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ගෝඨාභයගේ දැනුම් දීම මත වහාම ඉවත කරන ලෙසත් ඔහුට විරුද්ධව වහාම පරික්ෂණයක් සිදුකරන ලෙසත් කිසිදු පොලිස්ස්ථානයක ස්ථානාධිපති ලෙසට පත් නොකරන ලෙසට ආරක්ෂක ලේකම් පොලිස්පතිට නියෝග කොට ඇත.
එහි ප්‍රධාන හේතු වන්නේ රාජපක්ෂලාගේ පවුලේ දෙදරීම රාජපක්ෂවරු දෙපැත්තට බෙදී දැන් රටම දෙකට බෙදා ගන්න මොහොතකට පැමිණ ඇති අවස්ථාවක මෙවැනි ප්‍රධාන පෙළේ ස්ථානයක නාමල් ගේ දැඩි හිතවතෙකු ලෙසට සිටීම කිසිසේත් සුදුසු නොවන බව ගෝඨාභය කල්පනා කර ඇත.
ඒනිසාම ගෝඨාභය වජිර රත්නායකව එලවා ඇති අතරම එතනින් නොවතින ඔහුට විරුද්ධව හමුදා බුද්ධි තොරතුරු යොදවා ප්‍රධාන පොලිස් පරික්ෂක වජිරට එරෙහි පරික්ෂණයක් සිදු කිරීමට ද ගෝඨාභය නියෝග කොට ඇත.