උණුසුම් පුවත්

ගෝඨා ගේ ජුන්ටාවේ අද්මිරාල් ජයනාත් කොළඹ ගේ අනුඅමතිය නැති කිසිවෙකුට ලංකාවට යන්න බෑ…..!! (විඩියෝ සහිත)යි

Spread the love

මේ වන විට විවිධ හේතු කාරණා මත ලංකාවට යාමට විදේශවල සිටින බොහෝ දෙනෙක් බලාපොරොත්තුව සිටින නමුත් තමා ගුවන් ටිකට් පත්‍ර වෙන්කරගත්තත් ශ්‍රි ලංකාවට යාහැක්කේ ගෝඨා ගේ හමුදා ජුන්ටාවේ හිටපු නාවික හමුදාපති ජයනාත් කොළඹ ගේ අවසරය ලද අයට පමණි.

මවු බිමේ උපන් උන්ට තම මවු රටට ඕනෑම මොහොතක යෑමේ හැකියාවක් ඇතත් අද සියල්ලම තීරණය කරන්නේ ගෝඨා ගේ හමුදා ජුන්ටා කල්ලිය විසිනි. ඊට හොදම් උදාහරණය මේ  මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ දරු ප්‍රසුතිය වෙනුවෙන් මවුවරුන් 197 දෙනෙකුද මාස 06 අවසන් වු මවුවරුන් 60ක් ද සිටින නමුත් ඒ කිසිවෙකට මේ පුද්ගලයන් ගේ අවසරය නොලැබී නැත.

අප වෙතට  අදහස් දැක්වු ඩුබායි සිටින කාන්තාවක් ඇය ගේ සියළුම ඇදුම් පැලදුම් පවා ලංකාවට යවා ඇති අතර පසු ගිය දා පැමිණි ගුවන්යානයට යාමට ගුවන් ටිකට් පත්‍ර වෙන්කරවා ගෙන සිටි නමුත් ඇයට ඊට ඉඩ ලැබී නැත.

ජනාධිපති කා‍යාලයෙන් එවා ඇති ලිපියේ ඇයගේ නම නොමති නිසාය ඇය මේ වන විට දරු ප්‍රසුතියෙන් පසුවෙන මවකි. මෙය රටේ ජනාධිපති ගේ කෘරත්වය ඉතාම හොදින් ගෙන්හැර පාන සිදු වීමකි.

ඇය සේම තවත්  මවුවරුන් වීමට බලා සිටින කිසිවෙකුටත් ශ්‍රි ලංකාවට යාමට ජනාධිපති කා‍යාලයේ ජයනාත් කොළඹ ගේ අනුමතිය ගැනීමට නොහැකිව ඒ ඒ රටවලම දැඩි වේදනාකාරිව කල් ගෙවමින් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව ඇත.

වහාම මේ පිලිබදව ජනාධිපති මැදිව මේ පිලිබදව ව්සොයා බලා ඒ මව් වරුන් ගේ ජීවිත බේරා ගැනීමට දැනුම් දෙමු.

 

 

https://www.facebook.com/ruwinia/videos/3380299375315204/UzpfSTEwMDAzNTg4MDYzMDkxOToyNjQ4Mzg5NjEzODg3OTA/?__tn__=%2CdC-R-R&eid=ARAekAfnmm_moLDno1Zajn61x4GUNd41P4LhMsjZPQgUC1F-gj9D61sBQb9yf1mrRBBjgm5kBfKFCDEh&hc_ref=ARTP8IC5wRB3kWAc4SlrGQc590z0SCw5oSesF2q_7JvxW9fchJ9e1GtMbn-DFPwSjOk&fref=nf

 

 

ලසිනි ෆොන්සේකා ලියයි.


Spread the love

Leave a Comment

You may also like