වෙනත්

රටේ අධිකරණයේ විභාගවෙන නඩු හෑල්ළු කරණ ජනාධිපති කොමිසම වහාම නතර කලයුතුයි….!!

Spread the love

දේශපාලන පලිගැනීමට ලක්වු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ට සහණ සැලසීමේ ජනාධිපති කොමිසමක් ස්ථාපිත වුයේ අංක 2157/44 2020 ජනවාරි 09 වන දින ප්‍රකාශිත අතිවිශේෂ ගැසට් පත්‍රය අනුවය. එකී ජනාධිපති කොමිසන් සභාවේ සභාපති ලෙසට;

1.විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර
උපාලි අබේරත්න
2.විශ්‍රාමික අභියාචනාධිකරණ විනිශ්චයකාර
දයා චන්ද්‍රසිරි ජයතිලක
3 විශ්‍රාමික පොලිස්පති
චන්ද්‍රා ප්‍රනාන්දු
යන පුද්ගලයන් මෙම කොමිසම්ට පත්කොට ඇත.

කොමිසමක් ජනාධිපතිට පත්කිරීමට බලතල ඇතත් රටේ ව්‍යවස්ථාපිත නිතියට අනුව අවම වශයෙන් අධිකරණයේ පවතින නඩුවක් පිලිබදව කතානොකිරීම පාර්ලිමේන්තු වේ පවා සම්ප්‍රධායකි. ඒත් මෙවනි පිසු පුසන්ව දමා ගෙන සිදුකරන්නේ කුමක්ද …? මෙය බැලු බැල්මටම ජනාධිපති කොමිසමක් වුවත් ඉන් සිදුවන්නේ රටේ නිතිය හා සම්ප්‍රධායන් මුළු මනින්ම අකා මකා දැමීමකි.

දැනට මහාධිකරණයේ අධිචොදනා ගොනුකොට ඇති ඇවන්ගාඩ් නඩුවේ චුදිත නිෂ්ශන්ක සේනාධිපති ගෙනවිත් දැනට විභාගවෙන නඩුවට අදාල කරුණ පිලිබදව හා ඊට අනුගත වුවා යැයි කියා දේශපාලන පලිගැනීම් පිලිබදව කතාකිරීමට ඇති නිතිමය හා සධාචාරත්මක් අයිතිය කුමක්දැයි මේ රටේ ජනතාවට කිව යුතුය.

ඒත් ඒ සියල්ල දැන් පිස්සු පුසන් ගේ නඩුත් අපේ බඩුත් අපේ වැනි දෙයකි. වැලිකඩ සිරකරුවන් මරාදැමීමට මුල්වු පොලිස් පරික්ෂක් රංගජීව වැනි  හා ඒවනි මිනිමැරුමක් සිදු කිරීමට ආධාරඅනුබල දුන් එමිල් රන්ජන් නැමති බන්ධනාගාර අධිකාරිලාව රාජ්‍ය සේවයෙන් පහකලයුතුය.

එවනි පුද්ගලයන් පොලිස් දෙපාර්තමේතුවට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සිදුකල කැලල ජාතික මට්ටමේ නොව ජාත්‍යන්තරවද දැනට බලපා ඇති බව පිලිගත් යුතුය. ඒත් මෙවනි අමානුෂික සිද්ධීන් වලට සම්බන්ද රාජ්‍ය නිලධාරින්ට කුමන් රජයක් යටතේ හෝ දඩුවම් නොදී ඔවුන්ව ආරක්ෂා කිරීමට හා ඔවුන් කල ක්‍රියාවන් යුක්ති යුක්ත කිරීමටයාම රටේ නිතිය හා සාමයට දැඩි තර්ජන්යකි.

එවනි රාජ්‍ය නිලධාරින්ව දේශපාලන් පලිගැනීමකට ලක් වීයයි කියා කොමිසමක් ඉදිරියට ගෙනවිත් විමසන්නේ නම් කොමිසමේ සභාපතිත් පිස්සෙක් විය යුතුය. මෙම අංක 2157/44 දරණ ගැසට්ටුවට විරුද්ධව විපක්ෂය හෝ ජනතාවිමුක්ති පෙරමුණ මුනිවත රැකීම රටේ ජනතාව ගේ දැඩි අප්‍රසන්න තාවය ඒ පක්ෂවලට ද මේවනවිට  ලැබෙමින් ඇත.

ඒ නිසාම මෙවනි අපරාධ චෝදනා පිලිබදව නැවත ජනාධිපති කොමිසමකින් සුද්ධ කොට නාවා සෝදා පිරිසිදු කිරීමට හැකිනම් දැන් ඇත්තේ ජනතාව ගේ මුදල් කාබාසිනියා නොකොට අධිකරණ වසාදමා රාජපක්ෂලාට හිත්වත් පිස්සු පුසන්වැනි විනිශ්චයකාරවරු ඇති  කොමිෂන් සභා රටපුරාම ඇතිකිරීමකි.

අජිත්..


Spread the love

Leave a Comment

You may also like