උණුසුම් පුවත්

“මාගේ හෘදසාක්ෂියට අනුව කිසිවෙකුටත් රටේ සල්ලි හොරා කන්න ඉඩදෙන්න බෑ ඒ නිසා ඉල්ලා අස්වෙනවා ” – ආචාර්‍ය්‍ය් සංජීව වීර වර්ණ

Spread the love

 ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය වන ICTA  හෙවත් තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂකවරයෙක් වන සංජීව වීරවර්ණ මහතා සිය තනතුරෙන් පසුගියදා ඉල්ලා අස්වී ඇත .

මෙම ඉල්ලා අස්වීම පිළිබඳව බොහෝ දෙනෙක් නොදන්නා හේතුව වන්නේ ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි පසු පත් කරන ලද  මග හරහා අධ්‍යක්ෂ ධූරයටආචාර්‍ය්‍ය් සංජීව වීර වර්ණ වියත් මඟ හරහා ගෝඨාභය විසින්ම පත් කරන ලද අයෙකි.

පසුගියදා මෙම ඉල්ලා අස්වීමට ප්‍රධානතම හේතුව පිළිබඳව විමසීමට අපි සම්බන්ධ කර ගැනීමට උත්සාහ කලත් ඒ ප්‍රතිඵලයක් නොවීය .එහෙත් ඔහු මේ වන විට කියා ඇති තොරතුරු අනුව ලොව පිළිගත් නවීනතම තාක්ෂණ ක්‍රමවේදයන් තිබියදීත් වසර විස්සකට විසි පහකට වඩා පැරණි තාක්ෂණ ක්‍රමවලට රුපියල් මිලියන ගණන් හිතවතුන්ට ලබා දීමට ඔහු ගෝඨාභය රාජපක්ෂ  දැඩි බලවත් අප්‍රසාදය පලකොට ඇති බව ඉතා විශ්වාසවන්ත තොරතුරු මාර්ගයෙන් අප වෙත දැනගැනීමට ලැබී ඇත .

ආසන්නතම සිදුවීම වී ඇත්තේ ලොව පිළිගත් නවීන තාක්ෂණ ක්‍රම තිබේ දී රුපියල් මිලියන 9000කට අධික වටිනාකමින් යුත් මෙරට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබා දීමේ සහ රුපියල් මිලියන 3000 ක ට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් ටෙන්ඩරය ලබා දීමේ පිළිබඳව ඇතිවූ සිද්ධිය,  ටෙන්ඩරයෙන් රටට  පාඩුවක් ගෙන දෙන බවත් මේවා සදහා දේශීය ආයතන වලට අවස්ථාව ලබා දීම හෝ දේශීයව මේවා සිදු කිරීමකින් තොරව ශ්‍රී ලංකාව දියුණු කළ නොහැකි බව ඔහු ැයි ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇති බව දැන ගැනීමට ඇත.

රුපියල් මිලියන් 12,000 ක් වු ටෙන්ඩරය ගෝඨාභය ගේ හිත්වතෙකුට ලබාදීමට දැනුම් දුන් විට ඊට ඒක එල්ලේම විරුද්ධ වී ආචාර්‍ය්‍ය් වීරවර්ණ් කියා ඇත්තේ රුපියල් මිලියන් 12,000 ක් ගෙවා ගන්නේ ලෝකයේ ඉතාම පැරණි යල් පැනගිය තාක්ෂණ ක්‍රමයක් බවත් ඊට වඩා උසස් නවීන තාක්ෂණයන් තිබෙන බවත් ගෝඨාභයට දැනුම් දී ඇති නමුත් එය ඉටුකිරීමට නොහැකිනම් වහාම ඉල්ලා අස්වීමට ජනාධිපති දැනුම් දී ඇත.

සංජීව වීරවර්ණ මහතා කියා ඇත්තේ මෙම   ICTAආයතනය තුළින් නිසි ක්‍රමවේදයකින් පසුව මෙම ටෙන්ඩර් පටිපාටියට ගොස් ඒ ලබාදිය යුතු බවත් මේවන විට රටේ උද්ගතව ඇති තත්වය  මත මෙතරම් අති විශාල ධනස්කන්ධයක් එක් පුද්ගලයෙකු   වෙත ලබා දීම කිසිසේත් සුදුසු නොවන බවයි .

එහෙත් මේ පිළිබඳව කිසිම තැකීමක් කර නොමැති ජනාධිපතිවරයා තමා ගේ ඉල්ලීම වහාම ඉටු කරන ලෙසයි.   තම හෘද සාක්ෂියට එකඟව තවදුරටත් මෙම ස්ථානය රාජකාරි කළ නොහැකි හෙයින් ඔහුගේ ඉල්ලා අස්වීම ලිපිය ලබා දී සිය ධූරයෙන් ඉල්ලා අස්වී වියත් මඟ සංවිධානයෙන් ද ඉවත්ව ඇත.

ඒත් පසුව ජනාධිපති ගේ නියෝග අනුව  ICTA  ආයතනය කොන්ත්‍රාත්තුව එම පුද්ගලයාටම රුපියල් මිලියන් 12,000කට ලබා දී ඇත.

අජිත්..


Spread the love

Leave a Comment

You may also like