වෙනත්

කොළඹ අවට පොහොට්ටුවේ සිවිල් සාමාජිකයන් පොලීසිය සමඟ එක්ව දත්ත රැස් කිරීමේ මෙහෙයුමක ?

Spread the love

නුදුරු පාර්ලිමේන්තු මැතිවරණය හරහා පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතර බලයක් වෙනුවෙන් වර්ථමාන දේශපාලන බලාධිකාරය චන්ද පොරයක නියැලෙන බව අප කවුරුත් දනී,එහි තවත් කතාංගයක් ලෙස කොළඹ අවට ප්‍රදේශ රැසක ගෙයින් ගෙට ගොස් දත්ත රැස් කිරීමක් සිදු වන බවත් එහිදී පොලීසිය සමඟ සිටින හඳුනාගත් පොහොට්ටුවේ සිවිල් සාමාජිකයන් මෙසේ දත්ත රැස් කරනා බවත් ප්‍රදේශවාසීන් පවසයි.
සාමාන්‍යයෙන් මෙවැනි කාරනාවකදී සිදු විය හැක්කේ ස්ථීර පදිංචිකරුවන් නොවන පවුල් වල පමනක් තොරතුරු රැස් කිරීම පමනක් වූවත් මෙහිදී ස්ථීර සහ ස්ථීර නොවන සියලු පදිංචිකරුවන්ගේ තොරතුරු රැස් කිරීමක් සිදු වන අතර ජාතිය සිංහල ද දෙමළ ද යන ප්‍රශ්නය පවා ඔවුන්ගෙන් අසා ඇති බව වාර්තා වේ.
පිටකෝට්ටේ පදිංචිකරුවෙකු වන පද්මසේන දිසානායක මහතා ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කරමින් පවසන්නේ පොහොට්ටුවේ සාමාජිකයන් මෙලෙස දත්ත රැස් කරනා බවය.
මෙලෙස සාමාන්‍ය ජන ජීවතයට බලපෑමක් වන අයුරින් පුද්ගලීක තොරතුරු රැස් කිරීමට දේශපාලන පක්ෂ වලට කිසිදු අයිතියක් නොමැති අතර එයට පොලීසිය භාවිතා කිරීම සම්පූර්ණයෙන් අයතා කටයුත්තකි.
දර්ශණ ඉතාලියේ සිට

Spread the love

Leave a Comment

You may also like