මේ වන විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ ජනාධිපති ධුරය මුළුමනින්ම හමුදා ජුන්ටාවක් බවට පත්කරමින් ඇත. අංක 2178 18 දරණ ගැසට් පත්‍රය 2020 ජූනි මස 02 දෙවැනි අඟහරුවාදා ප්‍රකාශයට පත් කරමින් සේනාධිනායකයා වශයෙන් තමාට පැවරී ඇති අසීමිත බලතල උපයෝගි කරගෙන තොරතුරු රැස් කිරීමේ කාර්යය සාධක බලකායක් නිර්මාණය කොට ඇත.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පොහොට්ටු පක්ෂයට ලැදී පක්ෂපාතී පිරිස් පමණක් නොව 69 ලක්ෂ පුද්ගලයින් ඡන්දයේ දී අපේක්ෂා කළේ අපේ විරුවා ආවොත් රට රකී ආර්ථික සාමාජික, සහ දේශපාලනික වශයෙන් ඔහු රටේ කිසියම් සැබෑ වෙනසක් ඇති කරනු ඇතැයි යන ජනතාවගේ අපේක්ෂාව විය. ඒත් අද හුදු හමුදා මානසිකත්වයෙන් පෙළෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පැමිණි දා සිටම සිදු කරන්නේ සමස්ත ආර්ථිකයම , සමාජයම, සහ සමස්ත දේශපාලනයේම රට හමුදාකරණය කිරීමයි.
මේ සඳහා විශ්‍රාමික හමුදා පඩංගු විශාල ප්‍රමාණයක් හට පුරා එළීමට සූදානම් වන බව මේ අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් කර ඇති නම් වලින් ජනතාවට මනාව දැක ගත හැකිය .
මෙම ගැසට් පත්‍රයට අනුව රටේ ජනතාවගේ කියවීමේ, ලිවීමේ 19 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ඇති ඒ සියලුම මානව හිමිකම් මුළුමනින්ම තුට්ටුවකටවත් මායිම් නොකර ඒවා නීතියානුකූලව ම කඩා විනාශ කිරීමට සූදානම් වේ.
ඊට අත් පොත් තබමින් රාජපක්ෂ ජනාධිපතිවරයා එදා ගෝල්පේස් ක්‍රීඩාංගණයේ පැවති හමුදා පෙළපාලියේදී කියා සිටියේ ඉදිරියේදී ජාත්‍යන්තර ප්‍රජාව , ජාත්‍යන්තර සංවිධාන කුමන හෝ ආකාරයේ බලපෑමක් සිදුකළ හොත් ඔහු එකී සංවිධාන වලින් ඉවත් වන බවයි .ගෝඨාභය නමැති මන්දමානසික ජනාධිපතිවරයා රටේ ජනතාව අපහසුතාවයට පත්කරන ලද කතාවකි.
ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයන් ගේ අණ සකට සමස්ථ පොලිස් දෙපාර්තමේතුවම යට කොට ඇත. මේ තුලින් රටේ ජනතාව ගේ පමණක් නොව සියළුම පාර්ලිමේන්තු පක්ෂ ,විපක්ෂ සියල්ල ද මීට ඇතුලත්ව ඔහුන් ගේ දින චරියාවන් පවා අධීක්ෂණය වෙනු ඇත.
ඒ සියල්ලම ආවරණයට විශාල වපසරියක් ලබාදී ඇත්තේ මේ අංක 2178/18 දරණ 2020/06/02 දරණ අති විශේෂ ගැසට් පත්‍රය තුලිනි. රටේ ප්‍රභල විපක්ෂයක් නොමති වීම ඉතාම කනගාටුදායක හා අවසනාවකි. විපක්ෂය බලය වෙනුවෙන් මරාගැනීමට සුදානම් වනවිට රටේ ජනතාව ගේ මුලික අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියට කතා කිරීමට ඇත්තේ ජනතාවිමුක්ති පෙරමුණ පමණි.
අපි ජනතා පුවත්පත්ක් ලෙසට සියළු පක්ෂ විපක්ෂ ජනතාව ගෙන් ඉල්ල සිටින්නේ සිට ඔබ මිනිසෙකු නිසාම ලැබී ඇති නිදහස හමුදා ජුන්ටාවකට අහිමි කිරීමට ඉඩ නොදී පෙරට පැමිණිය යුතුය.
ඒ ජුන්ටාව මෙහෙයවන්නේ විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණ රත්න ආරක්ෂක් ලේකම් විසිනි.
පහත දි ගුවෙන් එම ගැසට් පත්‍රය ඔබට ලබා ගත හැකිය.
![]()
![]()
07/25