රටේ නිතිය හා සාමය පවත්වා ගෙන යාමට විශාල රුකලක් වී ඇති ආයතනයක් ලෙසට බන්ධනාගාරය ගැනිය හැක. ඒ අපරාධ කරුවන් පොලිසිය කොතෙක්කුත් ඇල්ලුවත් උන් නැවත නැවත අපරාධ කිරීමට සමාජයට පිවිසෙන් නේනම් රටේ ඇති බන්ධනාගරවලින් ඇති වැඩක් නැත.
ඒත් රටක බන්ධනාගාරයකින් ඊට වඩා විය යුත්තේ සිරකරුවන්ට මනුෂ්‍යන් සේ සලකා ඔවුන්ව පුනරුත්තාපනය කොට සමාජ ගතකිරීමය. . ඒත් මේ වෙන තුරු ශ්‍රි ලංකා බන්ධනාගාර වලින් එවැන්නක් සිදු නොවිය. එසේම සිරගත්වන්නේත් මනුෂයන් බව සමහර නිල්ධාරින්ට අමතකව සිරකරුවන් මනුෂයෝය යන්න බිති පුවරුවකට පමණ්ක සීමා වී ඇත
එවන් පසු බිමක් තුල එහි වගකීම හා ඊට වගවීමට නිහතමානි පුද්ගලයෙකු වු තුෂාර උපුල් දෙණියව පත්කිරීම ඉතාම අගනේය. ඔබට ඇත්තේ ජරා වු වලකි එය පිරිසිදු කිරීම අති දුෂ්කරය ඒ දුෂ්කර කාර්‍ය්‍ය සිදු කිරීමට නිතිගරුක නිලධාරින් ඔබට සහාය දෙනු ඇති. ඊට අපිද අපේ සහාය ලබාදෙන අතර ඔබට ලංකා දවස පුවත්පත සුභ පතන්නෙමු.