උණුසුම් පුවත්

“සිරකරුවන් මරාදැමුවෙක් ජනාධිපති ” වු නිසාම දැන් බන්ධනාගාර වල සිරකරුවන් මරාදමන යුගයක් නැවතත් කරලියට………පවුලේ එකම දරුවා මහර බන්ධනාගාරයේදී පහරදී මරාදමයි…….!!

Spread the love

බන්ධනාගාරවල තාප්පුවල ඇත්තේ ” සිරකරුවොත් මනුෂ්‍යයෝය ” ඒත් දැන් සිදුවන්නේ පහරදී මරා ගෙනවිත් තාප්ප අයිනට දමන යුගයකි. එසේ වන්නේ….. 

පසු ගිය අප්‍රේල් 25 වනදින කඩවත පොලිසියෙන් සැකපිට අත්වඩංගුවට ගත් අවු 27 ක් වු කාවින්ද ඉසුරු යන  පුද්ගලයෙකු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මහර බන්ධනාගාරයේ රදවා ඇත.

ඒවනවිට රට පුරා කොරෝනා වසන්ගතය හිසඔසවා තිබුණි. එවනි අවසථාවකදී සැකකරුවන් බැලීම පවුලේ අයට තහනම් කර තිබුණි. සිරකරුවන් සියළු දෙනාටම දිනපතාම ආහාර පාන සියල්ලම ලබාදිය යුතු වන්නේ බන්ධනාගාර වලිනි. මහර බන්ධනාගරයේ සැකකරුවන්ට ප්‍රමානවත් ආහාර දින් 03 ක් තිස්සේම නොලබිණි. පසුව සැකකරුවන් වු පුද්ගලයන් බන්ධනාගාර නිලධාරින් ගෙන් මේ පිලිබදව විමසා ඇත.

එසේ විම්සු කිසිවෙකුටත් ආහාර දී නොතිබු බවට මේ  වන විට අප වෙතට තොරතුරු ලැබී ඇත. කාවින්ද ඉසුරු කිසිදු අධිකරණයකින් වරදකරු වු පුද්ගලයෙකු නොව සිද්ධියක සම්බන්දව සැකපිට සිටි අයෙකි. ඔහුඅත්වඩංගුවට ගෙන දින  08 කින් ඔහුට ඉතාම අමානුෂික ලෙස පහර දී ,දෙකකුල් කඩා, අත් කඩා ,හිසට පහරදී මරාදමන්නේ බන්ධනාර නිලධාරින්මය.

මෙය රටක නොවිය යුතු දෙයකි. ගෝඨාභය ජනාධිපති යනු මිනිමරුවෙකු බව අපි නොබියව කියා සිටින්නේ ඔහු 2012 වසරේදි අහිංසක සිරකරුවන් තොරතෝරා මරාදැමු බවට යහපාලන කාලක්නියන් පත් කල කොමිසමින් හෙලි විය. ඒත් අවාසනාව ඒ වන විට අධිකරණ ඇමතියා වු මහා බෞද්ධ පාපතරයා වු ඩීල් දාස වු විජේදාස රාජපක්ෂ නැමති පාහරයාය.  අද රාජපක්ෂලා ගේ පාවඩයකි.

නිතිය නැමති දෙවුදුව වේසකමේ යනවා නම් ඒ ශ්‍රි ලංකාවේම පමණි. කාවින්ද ඉසුරු මහර බන්ධනාගාරයේදි මරා දැමු සියල්ල දැන් සාක්ෂි සහිතව එලියට එමින් ඇත. කාවින්ද ඉසුරු ගේ මව වු කරුණාවති ට හා සුමනදාස නැමති අහිංසක වියපත් යුවලට සිටි එකම පුතාව මරාදැමු පාහරයන් එල්ල මැරිය යුතුමයි.

යහපාලන රජය යටතේ ජනතාව නිසි ලෙසට යුක්තිය ඉල්ලා සිටියත් ඊටත් නිසි ඇහුන්කන් දීමක් නොවුනි. දැන් ගෝඨාභය මිනිමරු වෙකු බව දන්න නිසාම බන්ධනාගාර නිලධාරින් දිගින් දිගටම අහිංසක රැදවියන්මරාදමනු යේ  ගහෙන් ගෙඩි එන්නා  සේය .ගෝඨා ගේ පැමිණීම රටේ සියළු මිනිමරුවන්ට මහත් අසවැසිල්ලක් වී ඇති බව දැන් ඇස් පනාපිටම ඔප්පුවී ඇත. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් බීරි අලියෙකි.

ඔහු ගේ වගවීම වහාම ඊට අදාල මිනිමරුවන් අත්වඩංගුවට ගතයුතුය . අනුරාධපර , කුරුවිට ,මහර ,වැලිකඩ යන බන්ධනාගාර වල සිරකරුවන් මරාදමා අසත්‍ය සටහන් දැමීම දැන් එක්තරා මෝස්තරයකි. මෙය රටේ කිර්තිනාමයට මහත් නිගාවකි.

මේවට එරෙහිව කිසිදු සිවුරු කාරයෙක් පෙරට එන්නේ නැත. මෙවන් භීෂණයක් තුල වුවත් පෙරට පැමිණ සිටින  “සිරකරුවන් ගේ අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයට ” අප ජනතාව ගේ පුවත් පතක් ලෙසට හදවතින්ම ස්තුති කරන්නෙමු.

එසේම ජනාධිපති ගෝඨාභය පසු ගියදා ලෝකයට කිවේ තමා ජාත්‍යන්තර සංවිධානවලින් ඉවත්වෙන බව දිගින් දිගටම රටේ සිරකරුවන් මෙසේ මරාදැමීමට අනුබලයක් දීමට දැයි වරෙක අපිට සිතේ . ජනතාවනි යුක්තිය ඉටුවෙනතුරු බලා නොසිට යුක්තිය ඉටුකරවීමට බලකරවමු. කාවින්ද ඉසුරුලා තව තවත්   මිය යාම නතර කලයුතුය.

නිහඩව සුසුම් හලනවා වෙනුවට වහල් භාවයෙන් මිදී හඩක් නැගිය හැක්කේ මිනිසුන්ටය තිරිස්නුන් නිහඩය…”

අජිත්..


Spread the love

Leave a Comment

You may also like