නුදුරු දිනක වර්ථමාන ආණ්ඩුව නියෝජනය කරන මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් රටට විදෙස් විනිමය ගෙන එන විදෙස්ගත ජනතාව “මිනිස් බෝම්බ” ලෙස හදුන්වමින් කල කතාව දැඩි මතවාදයට තුඩුදීමට ලක්විය.
එසේම එහිදී ඔහු ප්‍රකාශ කල තවත් කරුනක් වූයේ කුවෙට් රජය විසින්ම තෝරාගත් එරටදී කොරෝනා ආසාධනය වූ රෝගීන් පමනක් මෙරටට එවූ බවය.
නමුත් එය සම්පූර්ණයෙන් අසත්‍ය බවත් එහිදී මෙතෙක් ශ්‍රී ලංකාවට එවීමට තෝරාගත් ජනතාව තෝරාගැනීම එරට ශ්‍රී ලංකා තානාධිපති කාර්‍යාලය විසින් සිදු කල බවත් ඔවුන් ගුවන්යානාවන්ට ගොඩ වන තුරුම ශ්‍රී ලංකා තානාධිපතිවරයා සියලු දේ විමර්ශනය කරමින් රැඳී සිටිය බවත් අපට කුවෙට් රටේ සිටින අයගෙන් වාර්තා වේ.
එසේම කුවෙට් රජය විසින් ඔවුන් ගුවන්ගත කිරීමට පෙර සියලු සෞඛ්‍යය පරීක්ෂාවන් සිදු කොට කොරෝනා ආසාධනය නොවූ බව සනාථ කල බවත් එය සහතික කොට සහතිකයක් නිකුත් කොට ඇති බවත් මෙකී සියලු කාරනා ශ්‍රී ලංකා තානාධිපතිවරයාගේ අධීක්ෂණය මත සිදු වූ බවත් වාර්තා වේ.
එසේනම් මහින්දානන්ද පවසනා පරිදි මෙරටට පැමිනියේ රෝගීන් නොව නිරෝගී රටවිරුවන් ය, නමුත් ඔවුන් අක්‍රමවත් ලෙස නිරෝධායනයට යොමු කිරීම මත මෙරටදී රෝගය වැලදී එය ව්‍යාප්ත වූ බව පැහැදිලිය
දර්ශණ ඉතාලියේ සිට