මේ වන විට ගෝඨාභය හට මහත් හිසරදයක් වී ඇත්තේ සමාජ ජාලා මාධ්‍යයි. රට තුළ පවතින පත්තර පඩංගු වලට වඩා ජනතාව විශේෂයෙන්ම තොරතුරු ලබා ගන්නේ බොහෝ විට සමාජ මාධ්‍ය මාධ්‍ය ජාලා තුළින් මේ අනුව චීනය අනුගමනය කරමින් ශ්‍රී ලංකාවට ආවේණික වෙනමම සමාජ මාධ්‍ය ජාලා ක්‍රමයක් මේ වන විටත් සකස් වෙමින් පවතී.
යුද හමුදාව, නාවික හමුදාව, සහ සයිබර් පොලිස් කොට්ඨාශය, මගින් සිදු කරනු ලබන අධීක්ෂණය තුළින් එය සිදු වෙමින් ඇත. ජූලි මස සිට ලංකාව තුල සියළුම සමාජ මාධ්‍ය ජාලා ශ්‍රී ලංකාවට ආවේණික වෙනමම ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලාවක් හඳුනා දී ඒ තුළින් ශ්‍රී ලංකාවේ ජනතාවට සමාජ මාධ්‍ය හැසිර වීමට අවකාශය ලබාදීමට රජය සුදානම්වේ.
එවිට තම රජයට හෝ මැති ඇමතිවරයෙකු ගේ ක්‍රියාවන් පිලිබදව විවේචනයක් කලහොත් ඔහු අත්වඩංගුවට ගැනීමට ඉතාම පහසුවේ. මුළුමනින්ම මෙය මානව හිමිකම් අවහිර කිරීමේ පියවරක් වශයෙන් අපි පැහැදිලිවම ගෝඨාභය වෙත දැඩි සේ අනතුරු අගවා සිටින්නේ එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ශ්‍රී ලංකා පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවා දැනුම් දීමට කිසිවිටෙකත් අපි පසුබට නොවන බවයි.
මේ පිළිබඳව අද එක්සත් ජාතික සංවිධානයටද ඊමේල් පණිවිඩයක් මගින් අපි පුද්ගලිකවම (ලංකා දවස පුවත්පත ) වශයෙන් දැනුම් දීමට කටයුතු කලෙමු.
තොරතුරු පිළිබඳව සත්‍ය අසත්‍යතාවය දැන ගැනීමේදී අපි සත්‍ය බවට තොරතුරු ලබා ගන්නා ලද්දේ මේවන විටත් චීන රජයෙන් අදහස් ලබාගෙන සියලූ දේවල් සකසමින් පවතින බව ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් දැනගැනීමට හැකි විය. ශ්‍රී ලංකාව සහ විදේශ සිටින සියලුම දෙනා සමඟ සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට යාමෙන් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නින්දිත සියලු ක්‍රියාවන් සහ මැති ඇමතිවරුන්ගේ සියලුම ගසාකෑම් ඡායාරූප සහ වීඩියෝ පට මාර්ගයෙන් අන්තර්ජාලයට සංසරණය වීම මහත් හිසරදයක් වී ඇති බව මෙහි දී හෙලිවී ඇත.
මේ පිළිබඳව අප වෙත තොරතුරු ලබාදෙන ලද තොරතුරු කරු පවසා සිටියේ මෙවැනි විටක එවැනි සියලු අවහිරතා කිරීමට අවශ්‍ය කටයුතු සකස් වෙමින් පවතින බවයි. සියලුම සන්නිවේදන සපයන්නන්ගේ ආයතන නියාමනය කිරීමට ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කරන බවට අප වෙත තොරතුරු ලැබී ඇත.
මේ නිසා ජනතාව තුළ ඇති හැඟීම් සහ ජනතාවගේ කතා කිරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුළුමනින්ම ගෝඨාභය ආණ්ඩුව අවහිර කිරීමට සැකසෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් ප්‍රඥප්තිය දැඩිසේ උල්ලංඝනය කිරීමක් බවත් මැතිවරණයෙන් පසුව ගෝඨාභය අවධාරණය කරන අතරම එසේ සිදු කිරීම එක්ස්ත් ජාතින් ගේ සංවිධානයෙන් ශ්‍රිලංකාව ඉවත් කිරීමට පවා පාර කපා ගැනීමක් විය හැකිය.
අජිත්