උණුසුම් පුවත්

සමාජයෙන් කොරෝනා රෝගින් තවම හමු නොවීම රටේ වාසනාවක් එය දිගටම රැකගැනීම රජයේ වගකීමක් – වෛද්‍ය සංගමයේ සහකාර සංස්කාරක වෛද්‍ය ධනුෂ්ක දේවප්‍රිය කියයි.

Spread the love

ලෝකයේ අනිකුත් රටවලට සාපේක්ෂකව අපේ කොරෝනා පාලනය ඇත්තෙන්ම සාර්ථකයි. ඒ නිරෝධායන මධ්‍යස්ථාන පිහිටවලා ඒවාට රෝගය පිලිබදව සැක ඇති අයව රැගෙන ගොස් දුරස්කොට තබා ගැනීමේ මේ ක්‍රම වේදය නිසා යයි ලංකා දවස පුවත්පත් සමඟ අද (31 ) පැවති සාකච්චාවකදී එසේ පැවසීය .

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ ක්‍රමවේදය දිටම ගෙන යායුතු බවත් සමස්ථ ජනතාව  ගේම ඊට සහාය ලැබිය යුතු බවත් , දැනට ලංකාවේ දිනපතාම හමුවන රෝගීන් හමුවන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලදී ද නාවික කදවුර තුලින් හෝ විදේශගතව පැමිණෙන අයෙගෙනි.එක් ආසාධිතයෙක් හමුවු විට ඔහු ගේ සම්බනදතා පැවති සියල්ලම නිරෝධානයන්යට යොමු කිරීමට ඒ ඒ පලාත්වල සිටින මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා, පලාතේ සෞඛ්‍ය වෛද්‍යවරයා සහ හමුදාව යන මේ සියල්ලම මේ වෙනකොට විශාල කැපකිරීමක් සිදු කොට තිබෙන නිසාම අද මේ සමජයෙන් ආසාධිතයන් හමුවීම (Community spread ) නොවීමට කටයුතු කොට තිබේනවා මෙවනි ක්‍රම වේදයක් වෙනත් රටවල නැහැ .

ජනතාව මීටරයක් දුරස්ථභාවය,මුඛ ආවරණ,යන ආරක්ෂිත ක්‍රම දිගටම අනුගමනය කලයුතු බවයි. එසේ නැතිව පසුගිය ආකාරයේ විවිධ අවමංගල්‍ය කටයුතු වැනි සිද්ධීන්වලට ජනතාව නිසි සැලකිල්ලක් නොදක්වා ඒකරාශි වීමක් සිදුවීම අපි රැගෙන පැමිණි ආරක්ෂාව මුළුමනින්ම විනාශ වෙන බවත් ඒ සියල්ලම් වලකවා ගැනීමේ වගකීම රජයට තිබෙන බවත් ජනතාවට ඊට සහාය වීමේ වගකීමක් ඇති බවත් වෛද්‍ය ධනුෂ්ක දේවප්‍රිය මහතා අප සමඟ පැවසීය.

සාකච්චාකලේ..

අජිත්….


Spread the love

Leave a Comment

You may also like