උණුසුම් පුවත්

වෑගපිටිය කුඩාබාල ගේ ළඟට ගත්තේ ගාමිණි සෙනරත් හරහා රටේ පාරවල් කොන්ත්‍රාත් ගෙන රටේ සල්ලි ටික හොරාකෑමටයි……..!!

Spread the love

කුඩාබාලගේ සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන දෙදෙනාගේ මිත්‍රත්වය ගසත් පොත්තත් සේය.  මේ දෙදෙනාම එවකට ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති සහ එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂක වශයෙන් සිටිමින් අසීමිත මුදල් කන්දරාවක් සොරා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය කොට්ඨාසය විසින් පවරන ලද නඩුව ුන් නිදහස් විය.වැරදි නිති වගන්තියක්  ගොනු කර ඇති බව පසුව හෙළිවිය.

කුඩාබාලගේ සහ ගාමිණි සෙනරත් මේ වන විට ගෝඨාභය රජයේ ප්‍රබලම චරිත දෙකකි ගාමිණි සෙනරත් වනාහි අගමැති මහින්ද රාජපක්ෂගේ ලේකම් සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් වශයෙන් මේ වනවිට  කටයුතු කරයි.

මේ නිසාම වෑගපිටිය  ලාෆ් ගෑස් සමාගමට කුඩාබාලගේ කළමනාකාර අධ්‍යක්ෂක ධුරය දී රැකියාවට ගත්තේ මේ වනවිට ඉදිරිපත්ව ඇති සියලුම මාර්ග ඉදිකිරීම් කොන්ත්‍රාත් ලාෆ් සමාගම යටතේම පවතින ආයතනයක්ලෙසට  මාර්ග ඉදිකිරීම් කොන්ත්‍රාත් වශයෙන් කරගෙන යාමට අසීමිත මුදල් කන්දරාවක්  කුඩාබාල ගේ හරහා වෑගපිටියට ගැනීමේ අදහසිනි.

මේ වනවිට මහින්ද රාජපක්ෂ ඇමරිකානු ඩොලර් මිලියන් 17800 ක් චීන යෙන් ණයක් ලෙසට ගෙන මහනුවර කොළඹ අධිවේගි මාර්ගය ඉදිකිරීමට සාකච්චාවෙමින් ඇති මොහොතකය. ඒ නිසාම වෑගපිටිය කුඩා බාල ගේ කලමනාකාර අධ්‍යක්ෂක ලෙසට ගෙන ගාමිණි සෙනරත් හරහා සියළුම මාර්ග ඉදිකිරීම් තම සමාගමට ගෙන ගසාකෑම ඉදිරියේදි සිදුකිරීමට මේ පත්වීම කල බවට අපිවෙතට තොර්තුරු ලැබී ඇත.

 කුඩාබාලගේ එක් පුතෙකු මේ වනවිට ඇමරිකාවේ ජීවත්වන අතර ඇමරිකාවේ  ඔහු තම පුතා වෙනුවෙන්  .maserat වර්ගයේ ඇමරිකාවේ අධික මිලක්  ඇති කාර් දෙකක් සමග ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ නිවාස දෙකක් කුඩාබාලගේ ලබාගෙනඇත.මේ නිසාම  ගාමිණී සෙනරත්ගේ ඇවෑමෙන් ලාෆ් ගෑස් සමාගමට මාර්ග ඉදිකිරීමේ කොන්ත්‍රාත් සියල්ලම ලබා ගැනීමේ අරමුණින් කුඩාබාලගේ මේ තනතුරට පත් කළ බව ඉතාමත්ම විශ්වාසදායක රජයේ පිළිගත හැකි ඉහළ පෙළේ නිලධාරියෙක් අප හට සියලු තොරතුරු මේ වන විට හෙළි කර අවසන්ය .

කුඩා බාලගේ සහ ගාමිණි සෙනරත් මීට පෙර සිරගත වූ අවස්ථාවේ පටන් සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටියේ මහින්ද  රාජපක්ෂ ය.

වෑගපිටියලා ගාමිණි සෙනරත්ලාට හා කුඩා බාල ගේලා 2015 රටේ ධනය කා දමා පිටව ගිය තැනින් නැවත2020 ඇරබීමට දත කට මැද සිටින්නේ ඉදිරි මහා මැතිවරණයෙන් ලැබෙන ජය අනුවය. ජනතාවගේ දේපල කොල්ලකන උන් පසු පසම රටේ ජනතාවත් යනවානම් නිති ගරුක පුරවැසියට ඇත්තේ රටහැර යාම පමණි.

අජිත්…


Spread the love

Leave a Comment

You may also like