උණුසුම් පුවත්

අධිකරණ අමාත්‍යංශ ලේකම් ලෙසට විශ්‍රාමික මේජර් ජනරාල් බොනිපස් පෙරේරා ,…..පත් කිරීම මැතිවරණ නඩුවෙන් පසුව……?

Spread the love

 

මේවනවිට රාජපක්ෂ හමුදා ජුන්ටාව නැති තැනක් නැත. කෘෂිකර්ම අමාත්‍යංශයේ සිට සමස්ථ රටම මේ වන විට පැන්ෂන් ගිය හමුදාකාරයන් ගෙන් පුරවන්නේ ගෝඨාභයගේ විශ්වාසය ඇත්තේ එතන පමණි.

ඒත් රටේ උත්තරීතර යුක්තිය පසිදලන අධිකරණ අමාත‍ය්‍යංශයටත් මේජර් ජනරල් කෙනෙක් යොදවනවානම් ඉන් අදහස් වන්නේ යුක්තිය සාධාරණව ක්‍රියාත්මක් වෙනවා වෙනුවට ගෝඨාට ඔනි දේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට පහලට ලියා කියවීමය . එවන් තත්වයක් පසුගිය වකවානුවේ 2015 ට පෙර ජනතාව දැක ඇත.

ඒ මොහාන් පීරිස් නැමති තුප්පැහි අග්‍රවින්ශ්චයකරු රාජපක්ෂලා ගේ අධෝ මුඛය සුවද බලමින් රටේ අගවිනිසුරු කම් කල කාලක්න්නියෙක් බව ඉතිහාසයට එක්ව හමාරයි. එවන් යුගයක් නැවත ඇතිවන්නේ නම් එහි පල විපාක ජනතාවට දැනෙන්න පෙර එහි වැඩිම තර්ජනය ඇත්තේ නඩුකාර වරුන්ටය .

රාජපක්ෂලා දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මැතිවරණය සම්බන්ද නඩුව අවසන් වු වහාම බොනිපස් පෙරේරා අධිකරණ අමාත්‍යංශ ලේකම් කරන බව ස්ථිරය එදාට අධිකරණයේ හා යුක්තියේ මළ ඟම ශ්‍රි ලංකාවේ සනිටුහන් වනු ඇත.

අජිත්..


Spread the love

Leave a Comment

You may also like