උණුසුම් පුවත්

පරපෝෂිත පාලකයන් ගේ කිසිවෙක් මැදපෙරදිග නොමැති නිසාම ඔබව බෝම්බ ලෙස දකින, උන් ඔබේ සල්ලි දකින්නේ රන් කහවනු විලසිනි……..!!

Spread the love

කුවේට් අපේ අම්මලා ගේ වේදනාව නොහඳුනන පාලකයෝ ලෝකයම කොරෝනා වයිරසය වෙලා ගනිද්දී විවිධ රටවල් විවිධාකාරයෙන් උපක්‍රම සහ උපායමාර්ගයන් යොදමින් තම රටේ ජනතාව වයිරස් උවදුරින් රැක ගැනීමට නොකළ දේවල් නොමැත.

ලංකාව ද යම් පමණකට ඒ සඳහා මැදිහත් වෙමින් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය යොදා මෙය මැඩපැවැත්වීමට ගන්නා ලද ක්‍රියාමාර්ග යම් පමණකට අගය කළ යුතුය.

ඒත් මේ සියල්ලම දිනෙන් දින දේශපාලනීයකරණය කරමින් පාලකයින්ගේ හුදු අභිප්‍රායන් මුදුන්පත් කරගැනීම සඳහා නැවත වතාවක් ජනතාව බිල්ලට දෙමින් ඇති බව ප්‍රථමයෙන්ම කිව යුතුය. මේ වන විට කොරෝනා වෛරසය යුරෝපා කරේ සෙමින් සෙමින් පල්ලම් බසිද්දීමැද පෙරදිග සහ සමහර ආසියාතික රටවල් දෙසට ගමන් කිරීම ඉතාමත්ම වේදනාකාරී සිදුවීමකි.

මෙයින් ඉතාමත්ම අසරණ භාවයට පත්ව සිටින්නේ තම දූ දරුවන් වෙනුවෙන් හම්බ කරන්නට මැදපෙරදිග ගොස් සිටින අහිංසක අපේ කාන්තාවන්ය. ලංකාවේ ජාතික ආදායමේ ප්‍රධානම කොටස සපයන්නේ විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ලැබෙන ආදායමයි.

කිසිදු විලි ලැජ්ජාවක් නැති තුප්පැහි දේශපාලකයෝ අද ඔවුන් හඳුන්වන්නේ විදෙස්ගත බෝම්බ ලෙසය, මෙය ඒ පුද්ගලයින්ගේ තියෙන නිඳි තත්ත්වය සහ උන්ගේ යටිසිතේ මොරදෙන ජනතාව මරා හෝ අපේ පවුල ගොඩනඟා ගත යුතු යැයි කියන පුද්ගලික ආත්මාර්ථකාමිත්වය. මේ වන විට විදේශගත කාන්තාවන් විශාල පිරිසක් අපගේ පුවත්පත වෙත වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහ වයිබර් තාක්ෂණ ඔස්සේ විවිධ සිද්ධීන් ඊයේ රාත්‍රී පුරාම අප වෙත එවමින්තිබුණි.

මෙහි සමහර දර්ශන පවා දැකීම දෑසට කඳුළු පදවන සිද්ධීන්ය තවත් අවස්ථාවකදී මනුෂ්‍යයෙක් කුණු ගොඩ බැස තමාට තමාගේ ජීවිතය ගැට ගසා ගැනීමට  කුණු ගොඩේ තිබෙන කෑමක් කරගෙන ගිලදමන පුද්ගලයින් බවටද  කුවේට් රටේ ශ්‍රමිකයින් පත්ව ඇත.

එංගලන්තය ,ඕස්ට්‍රේලියාව ,සහ ඇමෙරිකාව, නවසිලන්තය  යන රටවල් වල සිටි ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට මෙම පාහර දේශපාලකයින් ක්‍රියා කළ නමුත් තම රටට ආදායමක් උපයාදෙන අහිංසක මව්වරුන්ගේ වේදනාව හදගැස්ම නොදැන එකවරම යුරෝපෙට ගුවන් යානා තුනක්      එවා උන් ගේ දරුවන් හා උන්ගේ ගෑණුනුන්ව රැගෙන යාම පාලක්යන් ගේ තිරිසන් ක්‍රියාවකි.  ඔවුන්ගේ පවුල්වල හැත්ත බුරුත්තම ලංකාවට ගෙන ගියේ  පැමිණි ගුවන් යානා තුනකිනි.

කිසිදු හිරිහැරයක් කෑමක් බීමකඅඩුවක් නොමැතිව හොඳට එංගලන්තෙට වී සිටි  වී විනෝද වෙවී සිටී ශ්‍රී ලාංකිකයින් රැගෙන යාමට ඔවුන් කටයුතු කළේ රාජපක්ෂලාගේ ඇති නෑදෑ හිතවත්කම් මතය, අහිංසක අපේ මව්වරුන් දියණියන් රැගෙන යාමට ගුවන් යානා කිසිවක් නො යවා සිටියේ මුලින්ම රාජපක්ෂලාගේ හෝ උන්ගේ පවුල් වල කිසිවෙකුවත් වල ඩුබායි වල හෝ කටාර් වල සේවය නොකරන නිසා බව අප නොදන්නවා නොවේ.

අද  මේ මොහොත වනවිටත් නම දෙනෙකු  09  නව දෙනකු මියගොස් ඇති බව දැන ගැනීමට ඇත,  මෙහි ඇති අවාසනාවන්තම තත්වය ලෝකේ තම රට නියෝජනය කිරීම වශයෙන් ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මුනිවත රැකීමයි කොතෙකුත් තානාපති කාර්යාලය සම්බන්ධ කර ගැනීමට අපි උත්සාහ කළත් තානාපති කාර්යාලයේ සිටින කිසිවෙක් දුරකථන ඇමතුමකට වත් සම්බන්ධ කරගැනීමට නොහැකි නම් ඔවුන් රටක රාජ්‍යයක් නියෝජනය කරන්නේ කුමනාකාරයෙන් ද යන්න ඉතාම ගැටළු සහගතය .

බොහෝ කාන්තාවන් මැදපෙරදිග අසීමිත දුක් ගැහැට විඳිමින් උපයන මුදල් සියල්ලම ශ්‍රී ලංකාවට වීමෙන් ශ්‍රී ලංකාවේ කාලකන්නි නින්දිත පාලකයින් ඒවා ඔවුන්ගේ මනදොල සපුරන තත්ත්වය උසස් කර ගැනීමට යොදා ගන්නවා මිස ලංකාවේ මව්වරුන්  ශ්‍රී ලාංකික මව්වරුන් විදෙස් ගත වීම නතර කිරීමට සුදුසු පරිසරයක් හෝ ඒ විදෙස් රැකියා වලින් උපයන ආදායම වෙනුවට දේශීය නිෂ්පාදනය දිරිගැන්වෙන ආර්ථිකයක් ගොඩනැගීමට කිසිදු පාලකයෙක් එදා මෙදා තුර හැත්තෑ දෙකක් සිදු නොකිරීම ඉතාමත්ම කාලකන්නි අවස්ථාවකි.

මේ පිළිබඳව රටේ ජනතාවත් ගොළුවන් සේ බිහිරන් සේ අන්ධයන් සේ සිටින නිසාම රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහ මේ සියලුම දෙනා දන්න එකම දේ තමා කුමන අවස්ථාවකවත් ඡන්දයක් පැවති ඔවුන්ගේ අවශ්‍යතාව ඉටු වන බවයි.

මේ වන විට කුවේට් සිරවී සිටින කෑමක් බීමක් නිදාගන්න තැනක් නැතුව සිරවී ශ්‍රමිකයන් වෙනුවෙන්  හැකි ඉක්මනින් රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත්වීම් අවම වශයෙන් ඔවුනට රෝහල්ගතවී ප්‍රතිකාර ලැබීමට

ශ්‍රමිකයන් වෙනුවෙන් වහාම ඉඩ ලබා ගැනීමය එසේ නොමතිව අමන මෝඩයන් රූපවාහිණිවලට එවා උන් ලවා ඒ රටවල නායකයන්ට අපහාස කිරීම තවතවත් ලාංකීය ජනතාව අසරණ කිරීමකි. වධ බන්ධන වලට ලක්වෙන මේ කාලකන්නි රැකියාවට අපේ අහිංසක කාන්තාවන් යැවීම රටක් ලෙසට එක්ව වහාම තිත තැබිය යුතුමයි.

 

අජිත්


Spread the love

Leave a Comment

You may also like