උණුසුම් පුවත්

කොළඹ පී.එච්.අයි. ලා ගේ කල්ල මරේ බලපත්‍ර දීම ( රූට් ) roots ලාට පමණයි………….!!

Spread the love

මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල ආපන ශාලා හා පලතුරු බීම ශාලා ද විවෘත වෙමින්  පවති.  බොහෝ පලතුරු බීම අලෙවිසල් විවෘත කිරීම සහ අනෙකුත් ආපන ශාලා විවෘත කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය  (පී.එච්.අයි.  )යටතේ සිදු වෙමින් ඇත.

එහෙත් මෙය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ( පී.එච්.අයි. ) ලබාදුන්නු එක්තරා මැණික් ඉල්ලමක් වී  ඇති බව කොළඹ නගර සභා බලප්‍රදේශයෙන් වාර්තාවේ. කොළඹ නගර සභාව තුළ පවත්වාගෙන යනු ලබන සෑම ආපනශාලාවක් ම සෑම පලතුරු බීම ශාලාවක් සඳහා ම බලපත්‍ර දීමට නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය  (පී.එච්.අයි.  )  වාර්තාවක් ලබා ගත යුතුය.

මෙම  වාර්තාව ලබාගැනීම සඳහා බොහෝ ආපන ශාලා හිමිකරුවන් සහ  පළතුරු බීම අයිතිකරුවන් මෙම මහජන සෞඛ්‍යය පරීක්ෂක හමුවීමට යාම අසීරුම කටයුත්තක් වී ඇත

එය ඔවුන්ගේ එක් තවත්කොරෝනා ආදායම් මාර්ගයක් වී ඇත.  ඒ සියල්ලම කුඩා ස්වංරැකියා ලෙසට ව්‍යාපාරයන් පවත්වා ගෙන යන කුඩා පරිමාන අයට පමණි. රූට් නැමති ජනතාව හුරන්කන මහා පරිමාන ව්‍යාපාරිකයා ගේ අධෝමුඛය ඉබිමින් පී.එච්.අයි ලා මේ පරික්ෂණ වාර්තාව වුන් ගේ දෙපතුලටම ගෙන ගොස් දීම කොළඹ නගර සභාවේ දැන් සිදුවෙන දෙයකි.  

 කොරෝනා ලෝකෙම බිලි ගෙන තිබියදී   ශ්‍රී ලංකාවේ බොහෝ ආයතන මෙය තමාගේ ආදායමක් කරගෙන ඇති රටක් වශයෙන්  අප්‍රසාදයෙන් හා පිලිකුලෙන් කතාකරයි. රටේ නිතිය සියල්ලටම එකහා සමාන විය යුතුය.

  විශේෂයෙන්ම කොළඹ මහ නගර සභාව තුළ සිටින බොහෝ මහජන සෞඛ්‍ය ෂක වරුන් මෙම වාර්තාව ලබා දීම සඳහා අධික අල්ලස් මුදලක් ලබා ගැනීම ගහෙන් වැටුණු මනු මිනිසාට ගොනා ඇන්නා සේ සිදුවන තවත් හිරිහැරයකි .

මේ පිළිබඳව වහාම කොළඹ ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැඩි අවධානය යොමු කළ යුතු අතර ( රූට් ) roots ආයතනයට එක් නීතියකුත් සාමාන්‍ය පාරිභෝගිකයා වෙනුවෙන් පලතුරු බීම අලෙවි සැල් පවත්වාගෙන යන හා  ආපනශාලා පවත්වාගෙන යන අයවලුන්ට තවත් නීතියකුත් යනුවෙන් නීති දෙකක් ස්ථාපනය කිරීම කාගේ වුවමනාවට කරනවා දැයි අපි නො දනිමු.

කෙසේ වෙතත් අවසානයේ සිදුවන්නේ කොරොනා වලින්  පී.එච්.අයි. ලා ගේ කල්ල මරේ ඇති බව බොහෝ ආපනශාලා සහ පළතුරු බීමශාලා අයිතිකරුවන් පවසන කරුණකි .

මේ පිළිබඳව වහාම කොළඹ නගරාධිපතිනී සහ මහා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා මැදිහත්ව මහජනයාට එම එම ආපනශාලා සහ එම පලතුරු බිම ශාලා අයිතිකරුවන්ට තමාගේ ආයතනයට පැමිණ එම සෞඛ්‍ය අධික්ෂණය සිදුකර වහාම බලපත්‍ර දීමට මැදිහත් විය යුතු බව අපි ජනතාවගේ පුවත්පතක් වශයෙන් කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාට දැඩිව අවධාරණය කරමු.

අජිත්…


Spread the love

Leave a Comment

You may also like