උණුසුම් පුවත්

සියළු රෝහල් වල අතිකාල දීමනා නවත්වයි ගෙවීමට සල්ලි නෑ වතුපිටිවල රෝහලේත් ගෙවා නෑ.

Spread the love

මේ වනවිට ශ්‍රී ලංකාවට ලැබී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන ලක්ෂ දෙකක මුදලක් කුමක් සඳහා වියදම් කරනවා දැයි කිසිදු අවස්ථාවකදී පුරෝකථනයක් නොකරන රජය රාජ්‍ය සේවකයින්ගේ පඩි නඩි ගෙවා ගැනීමට නොහැකිව දැඩි අසන්න තත්ත්වයට පත්ව ඇති බව ඔවුන් විසින්ම ප්‍රකාශ කර ඇත.

එහෙත් මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය දිවා රාත්‍රී නොබලා කොරෝනා වසංගතයෙන් රටේ ජනතාව බේරාගැනීම සඳහා ඉතාම අගනා සේවයක් කරන බව සමස්ථ ජාතියම පිලිගතයුතුය. 

 හමුදාව සහ පොලිසිය කරන කැප කිරීමට ප්‍රථම ප්‍රධාන වශයෙන්ම රෝගියාගේ ජීවිතය රැක ගැනීමේ කාර්යය සිදු කරනු ලබන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වන විට සමස්ත සෞඛ්‍ය  ක්ෂේත්රය තුළ ම සිටින  කිසිදු පුද්ගලයකුට ඔවුන්ගේ අතිකාල දීමනා සහ අනෙකුත් විශේෂ දීමනාගෙවා නැත.

ඒ සියල්ලම   වහාම අත්හිටුවීමට මහා භාණ්ඩාගාරයෙන් මේ වනවිට සියලු රෝහල් අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇති බව ඉතාමත්ම විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අපවෙත දැනගැනීමටඇත.

මේ අනුව පසුගිය දින මහනුවර සහ අනිකුත් ලංකාවේ බොහෝ රෝහල්වල වැඩ වර්ජන සහ පැයක පිටින් ව්‍යාපාරයක් සිදු කර තිබුණි. මේ වන විට වතුපිටි රෝහල් කාර්ය මණ්ඩලය තමාගේ අතිකාල දීමනා පිළිබඳ දහසකුත් බලාපොරොත්තු තබාගෙන සිටියත්, ඔවුන්ට එම අතිකාල දීමනා ගෙවා ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව ඇත.

රාජ්‍ය සේවයේ මේ කඩා වැටීමට බොහෝ සෙයින් බලපා ඇත්තේ රාජපක්ෂ ජුන්ටාව මේ වන විට ගෙන යන කිසිදු ක්‍රමවේද කින් තොරව මුදල් වියදම් කරමින් ඔවුන්ගේ සාක්කුවට දමා ගැනීම බව විශේෂයෙන්ම ආර්ථික විශේෂඥයින්ගේ මතයයි .

කිසිදු දැක්මක් නොමැති ව  අසත්‍ය ප්‍රකාශ කරමින් අසාමාන්‍ය බොරු පොරොන්දු තොගයක් දී රජය රටේ බලය ලබා ගැනීමත් මේ කොරෝනා වසංගතය පැමිණීම රාජපක්ෂවරු මේ වන විට හිරවී දඟලන බවයි.

අජිත්..


Spread the love

Leave a Comment

You may also like